
(අංජුල මහික වීරරත්න)
ගම්පහ දිස්ත්‍රික්කයේ ගංවතුර ඇතිවීමට හේතු සොයා බැලිම සදහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.
එමගින් ගම්පහ දිස්ත්‍රික්කයේ ඇති ප්‍රධාන ඇළ මාර්ග සහ ජල බස්නා නිරීක්ෂණය කර ජලය බැස යාමට ඇති බාධා හදුනා ගැනීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති හිරාන් බාලසූරිය මහතා පවසයි.
නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරයි.
දඩුගං ඔය, ජා ඇල, මාකිලන්ගම ඔය, උරුවල් ඔය, කුන්දිවල ඇල, මාපලම් ඔය, දඩුලහ ඇල, දී එළි ඔය, අත්තනගලු ඔය ලෙසින් ගම්පහ දිස්ත්‍රික්කයේ හදුනාගත් ප්‍රධාන ජලමාර්ග 09 ක් තිබේ. මෙම ඇල මාර්ගයන්හි ජලය බැසයාම සිදුවන්නේ ප්‍රධාන ස්ථාන ද්විත්වයකිනි. ඒ ජා ඇල සහ දඩුගං ඔයයි.
සීදුව ආසන්නයේ පිහිටි මීගමු කළපුවෙහි මෝය ආශ්‍රිත දඩුගං ඔය සහ අත්තනගලු ඔයෙහි ජල බස්නා පිළිබඳව නිරීක්ෂණයේ දී පෙනී ගොස් ඇත්තේ තේක්ක ඇල සම්පූර්ණයෙන්ම පාහේ අවහිර වී ඇති අතර අනවසර ඉදිකිරීම් හා අක්‍රමවත් ඉදිකිරීම් ගණනාවකින් යුක්ත බවයි.

COMMENTS
අනවසර ඉදිකිරිම නිසානේ ගංවතුර හටගන්නේ. ඕකට වග කියන්න ඕන පගාව අරගෙන සැලසුම් අනුමැතිය කරන උන්
ආ... එහෙනම් තව අවුරුදු 18කින් 20කින් එන ගංවතුර දක්වාම හේතු හොයයි...
දැන් අවුරුදු 25කට 30කට කලිනුත් ඔහොම කමිටුවක් හැදුනා නේද? කමිටු වලට යට කරන කොටි ගාන අපරාදේ, ඕකට අපිට තෙරෙන විදියට නම් අවිධිමත් ගොඩනැගිලි, අනවසර ගොඩනැගිලි, අවිධිමත් කානු පද්ධති, වඟුරු බිම් ගොඩ කිරිම, කඩොලාන, වනාන්තර එළී කිරිම වගේ දෙවල්
අනවසර සහ අක්‍රමවත් ඉදි කිරීම් සහ සංවර්ධනය සිදු වීමේදී ගම්පහ සහ බස්නාහිර බල පරාක්‍රමය විහිදු දේශපාලකයෝ ඇස් වහගෙනද මෙච්චර කල් හිටියේ. තම ලාභ ප්‍රයෝජන ගැන පමණක්ද උනන්දුව ලක් කෙරුනේ යන්න ගැන ද විමර්ශනය කළ යුතුයි.
ලාච්චුවට 5000 දැම්මම ඕන සැලසුමක් අනුමත කරන බලධාරින් ටික එල්ලන්නේ නැතුව ගංවතුර නවත්තන්න බෑ .