
(අංජුල මහික වීරරත්න)
ගුරු වෘත්තියට ඇතුළත් වන සියලුදෙනා අනාගත පරපුර වෙනුවෙන් තම සේවය කැප කළ යුතු යැයිද විනයක් නොමැතිව රටක අධ්‍යාපනය පවත්වාගෙන යා නොහැකි යැයිද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
උදෑසන 7.30 සිට දහවල් 1.30 දක්වා සෘජුව හෝ වක්‍රව කිසිවකුට පාසල් අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට ඉඩ නොතබන බවත් ඒ පිළිබඳ අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග සොයා බැලීමට තමා නීතිපතිවරයාට උපදෙස් දී තිබෙන බවත් ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන්ට පත්වීම් ප්‍රදානය හා උපාධිධාරින් හා ඩිප්ලෝමාධාරීන් හට ගුරු පත්වීම් ප්‍රදානය කිරීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේදී අද (03) පැවති උත්සවයට සහභාගී වෙමිනි.
දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටි ජනාධිපතිවරයා මෙම කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට සහාය නොදෙන ලෙස විපක්ෂයෙන් ද ඉල්ලීමක් කළේය.
එසේම ගුරු මාරු සහ උසස්වීම් ක්‍රමවේදය ඉදිරියේ දී මාර්ගගත ක්‍රමය (online) හරහා සිදු කිරීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ බව පැවසූ ජනාධිපතිවරයා උසස්වීම්වලට අදාළව හෝ ගුරු මාරුවීම්වලට අදාළව කිසිවෙකුට අසාධාරණයක් වීමට ඉඩ නොතබන බවද අවධාරණය කළේය.
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ III ශ්‍රේණියේ සාමාන්‍ය සේවක පුරප්පාඩු වෙනුවෙන් 60 දෙනෙකු සඳහා පත් වීම් ප්‍රදානය කිරීම හා උපාධිධාරින් 1706 දෙනෙකු සහ ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරී 453කට ගුරු පත්වීම් ප්‍රදානය කිරීම මෙහිදී සිදු කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පන්තිවල බලෙන් උගන්වන්න බැහැ. තියෙන ප්‍රශ්න වලට උත්තර සපයලා ගුණාත්මක අධ්‍යාපන පද්ධතියක් රට තුළ හැදිය යුතුයි...
පඩි නැතුව වැඩ කරපල්ලා...
කොහොම වුනත් පත්වීම් ලිපියේ තියෙන කොන්දේසි තව ටිකක් විධිමත් කරන්න ඕන ඊළඟට පත්වීම් ලබාදීම සිදුකර මාස කීපයක් පත්වීම් ලිපියේ කොන්දේසි හා රජයේ සේවකයින්ගේ වගකීම් තමන්ගෙ තනතුර රාජ්‍ය සේවයේ තියෙන ස්ථානය ආදිය ගැන පුහුණුවක් ලබාදීමට කටයුතු කරන්න ඕන පුහුණුව අවසානයේ විභාගයක් පවත්වා ලබාගත් ලකුණු අනුව පාසල් ලබාදීම කලොත් හොදයි කියලා හිතෙනවා
අසරණ සරණ අසරණ වෙලා... පව්... අද වැඩ වර්ජන කරන්නෙ ගුරුවරුන් විතරයි ද.. ඇයි ග්‍රාම නිලධාරී , පරිපාලන නිලධාරීන් , රේගු , විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩලය , ..... එිව පේන්නෙ නැති තරමටම අසරණ වෙලා... තොපි තමා රට විනාශ කලේ ... දැන් රටේ ඉතිරි වෙන්නෙ ඔය වගෙ වැදගත්කමක් නැති එවුන් විතරයි අන්තිමට ...