
රංජන් කස්තුරි
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීම ජාතික ආරක්ෂාව බරපතළ අනතුරක හෙළීමක් වන හෙයින් එම ආයතනය පෞද්ගලීකරණය නොකළ යුතුයැයි ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව නිර්දේශ කර තිබේ.
ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නිකුත් කළ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට වන බලපෑම පිළිබඳ වාර්තාවේ මේ බව සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පිළිබඳව කවර හෝ තීරණයක් ගැනීමට මත්තෙන් ජාතික ආරක්ෂාවට සිදුවිය හැකි බලපෑම ආදිය ගැන විමසිලිමත් විය යුතු බව ද එම වාර්තාවේ සඳහන් වේ.
විදුලි සංදේශ පද්ධතියට එල්ල වන සාර්ථක සයිබර් ප්‍රහාරයකට ජාතික ආරක්ෂාව බරපතළ අනතුරකට ලක් කළ හැකි බව ද දුරකථන භාවිතා කරන්නන් දහස් ගණනකගේ සේවා අඩාළ කිරීම ගනුදෙනුකරුවන් දස ලක්ෂ ගණනකට අන්තර්ජාල පහසුකම් අහිමි කිරීම ව්‍යාපාර අකර්මණ්‍ය කිරීම මෙන්ම රජයේ මෙහෙයුම් වසා දැමීම කළ හැකි බව ද එම වාර්තාවේ සඳහන් වේ.
රජයේ සහ ආරක්ෂක අංශවල සියලු වෙබ් අඩවි පවත්වාගෙන යනු ලබන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් හරහා වන අතර ඒ හේතුවෙන් රජයට පෞද්ගලික සමාගමකින් එම සේවාවන් ලබා ගැනීමේදී දැරිය යුතු වියදමට සාපේක්ෂව ඉහළ යනු ඇතැයි ද වාර්තාවේ සඳහන් කර ඇත.
ශ්‍රී ලංකා ටෙලිකොම් යනු රටේ පැරැණිතම විදුලි සංදේශ සේවා සපයන්නා වන හෙයින් ඊට දශක ගණනාවක් පුරා විහිදුණු දත්ත පද්ධතියක් තිබෙන අතර එය පෞද්ගලිකරණය කළහොත් එම සියලු දත්ත පෞද්ගලික සමාගම්වලට විවෘත වන බව ද වාර්තාවේ සඳහන් කර ඇත.
COMMENTS
දැන් ඉන්නේ අතට අහු වෙන දේ විකුණන එක්කෙනෙක් .
ඇමරිකා එක්සත් ජනපදයේ සියලුම ටෙලිකොම් සේවා සපයන්නන් පුද්ගලික අංශ සතු වන අතර එම ටික් ටොක් එක චීන සමාගමකට අයත් වේ. ඇගයීම් කරන අය මොලේ උඩ ඉඳගෙන ඉන්න ඇති. ටෙලිකොම් පුද්ගලීකරණය කළහොත් දේශපාලන පත්වීම්ලාභීන්ට එම රුපියල් මිලියන 2 ක මාසික වැටුප ලැබෙන්නේ නැත.
පිස්සු,ලෝකේ හැම රටකම ටෙලිකොම් ප්‍රයිවට් .අපේ රටේ ජාතික ආරක්ෂාව ගැන කතා කරනවා .රජයට තිබිලා නේද 2 පන්තියේ කොල්ලෝ පවා ජනපතිවරුන්ගේ අමාත්‍යංශ හැක් කරේ.ලංකාවේ ඉන්න රාජ්‍ය සේවකයෝ මොංගල් මිනිස්සු
ඔන්න ඔහේ විකුණලා දාන්න තවත් අපිට ඕවා පවත්වාගෙන යන්න බෑ... තවත් බදු නම් එපා. මොකද ලංකාවේ ජාතික ආරාක්ෂාව කොහොමත් නෑනේ, මතකනේ පාස්කු ප්‍රහාර, තාම වැරැදිකාරයෙක් හොයාගන්න බැරි වුණා. ඕක ඩොලර් බිලියන ගාණට විකුණලා ණය ටිකක් හරි ගෙවන්න, අනිත් එක සුදු අලියා ශ්‍රී ලංකා එයාර්ලයින් එක...
තව ටික දවසකින් මාවත් කාට හරි විකුණලා දාවිද?
ලෝකය පවත්වාගෙන යන්නේ පෞද්ගලික අංශය. රාජ්‍ය අංශය රට ගෙනගිය කොමියුනිස්ට් ලෝකය කඩාවැටීමට හේතුව හොයලා බලන්න. ඔය රාජ්‍ය සංවිධාන තමයි තම රහස් වැඩිපුරම මුදලට සතුරන් අතට දෙන්නේ. හොරු, දූෂකයෝ පිරුණු ස්ථාන...
හා හා ජාතික ආරක්ෂාව වැඩක් නැහැ... මේ ඉන්න නාකි දේශපාලුවන්ට දැනටමත් පස්සෙන්මනේ ඉන්නේ. ඔවුන්ට ඕනේ සල්ලි විතරයි. පාර්ලිමේන්තුවේදී නිකන් ජෝකර්ලා වගේ හැසිරිලා රටේම කෑලි අතයටින් විකුණන් කන්න තමයි ඕනෑ...
මාතලේ ටෙලිකොම් එකෙන් නම් වෙලාවට වැඩක් කරගන්න අමාරුයි.!