
(සුජිත් හේවාජුලිගේ)
ජනපති අපේක්ෂකත්වයට ආරාධනාවක් ලැබුණහොත් රටේ ජනතාව වෙනුවෙන් ඊට සූදානම් බව මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණ වැවේ ධම්මරතන නාහිමියෝ පැවසූහ.
පක්ෂය ගන්නා යෝජනාවකට එකඟ බවද උන්වහන්සේ සඳහන් කළහ.
රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් තමා සක්විති රජකමට හෝ ජනාධිපතිකමට හෝ නොව ඕනෑම තැනකට යෑමට සූදානම් බව පැවසූ වලවාහැංගුණ වැවේ නාහිමියෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙසට ජනතාවගෙන් දැනටමත් ඉල්ලීම් විශාල සංඛ්‍යාවක් ලැබී ඇතැයිද සඳහන් කළහ.
ජනාධිපති අපේක්ෂකත්වය තනිව කෙරෙන කටයුත්තක් නොවන බවත් එය ලොකු කණ්ඩායමක් එක්ව තීරණය කළ යුතු කාරණයක් බවත් උන්වහන්සේ පැවසූහ.
පරම්පරා ගාණක් මේ රට පාලනය කරන්නේ එකම කණ්ඩායමක් බව පැවසූ වලවා හැංගුන වැවේ ධම්මරතන නාහිමියෝ මේ තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතු බවද ප්‍රකාශ කළහ.
උන්වහන්සේ මෙසේ පැවසුවේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පෙරේදා (1) පැවැති වැඩසටහනකදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක තමා මෙපමන දවසක් වුඩුබුරැම් දැම්මෙ. හතර වටේ ඉන්න ඉන්න හොර උපසක අම්මල ටික දේවි.
ආතල් නං ඉතින් මේ ට්‍රැක්ලන්තෙ තමා!
අම්මේ යාන්තන් ඇති, නිවන් දැක්කා වගේ මේ ආරංචිය අහලා...!
හොඩටම පිස්සු
කව්ද හාමුදුරුවනේ ඔය "ජනතාව"...
ජනපති වීමට එකම සුදුසුකම කටවාචාලකම පමණක් නම්, ඔබ වහන්සේත් ජනපතිකමට සුදුසුයි.
ග්‍රාම සේවකයෙකුත් ජනාධිපති චෙච්චි රටේ බැරි වෙන එකකුත් නෑ. උත්සාහයක් දිලා බලන්න.
BMW එකේ යනගමන් මිනිස්සුන්ගේ පර්ස් එකට විඳලා පෙරහර කරන එකනේ මේ...
එපා හාමුදුරුවනේ. එහෙම කොලොත් වෙන්නේ චන්ද කැඩිලා හොරුම බලයට පත් වෙන එකයි. ඔබ වහන්සේ නිකම් අවඥාවට ලක් වෙන එකයි.
තව තව දෙන්න පිංවතුනි…. හොදම කොටස දෙන්න පිවතුනි….. වී8 වල යනකන්ම දෙන්න පිංවතුනි…
"නිල මැස්සෙක් ගිය උඩ කිව්වලු..?" මේවා අහලා කොහෙන් හිනා වෙන්නද කියලයි මම මේ කල්පනා කලේ..? ධර්මයෙහි හැසිරීමට වඩා අසූචි වල වටා හැසිරීම නිල මැස්සෙකුට පහසුයිනේ... අසුචි වලවල් වල වහන්න හපන් නිල මැස්සෝ බුද්ධ ප්‍රතිමාවේ වහන එක ගැන තමයි මට තියන කනගාටුව...
එකම කණ්ඩායම් දෙකක් රට පාලනය කර කාබාසිනියා කල බව හැබෑව.මමත් ඔය දෙකටම මාරුවෙන් මාරුවට දුන්නු එකත් හැබෑව.ඒ හැමවිටම මාලිමාවට මම බැන්න එකත් හැබෑව.හැබැයි මේ අවස්ථාවේ මාළිමාවට බලය දෙන්න ඕනි කියලයි මමනම් හිතන්නේ.මොකද කලින් කරපුවා කියව කියවා මාළිමාවට බැනලා වැඩක් නෑ.මේ පොඩි පොඩි පක්ෂ වලින් කරන්නේ මාළිමාවට එකතු වුනු ජ්න්ද ගොඩ කඩන එක.ඒකේ එක්කෙනෙක් තමයි ඔබ වහන්සේත්