
( චන්දන හෙන්දුරුගොඩ)
පුත්තලම දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර ලබා දී තිබූ වසර 05 ක අත්හිටවූ සිර දඩුවමක් නැවතත් 02 වැනිදා අද දින නැවත වරක් තහවුරු කර ඇත.
එවකට පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වත්මන් එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් පාලිත රංගේබණ්ඩාර මහතාට 2013 වර්ෂයේ අප්‍රේල් මස 27 වැනිදා හලාවත පොදු වෙළද සංකීර්ණය ඉදිරිපිටදී පහර දී ඒ මහතා ගමන් කරමින් තිබූ වාහනයේ ඉදිරිපස වාමුවාවට හානි කරන ලදැයි පුත්තලම් දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර මහතාට එරෙහිව හලාවත දිසා අධිකරණය හමුවේ නඩුවක් පවරා තිබුණි.
එම නඩුව විභග කළ එවකට හලාවත දිසා විනිසුරු ලෙස සේවය කළ අරුණ බුද්ධදාස මහතා විසින් ශාන්ත අබේසේකර මහතාට මාස 03 ක සිරදඩුවමක් නියම කරමින් එම දඩුවම වසර 05 කට අත්හිටුවීමට නියෝග කරන , රුපියල් 1500 ක දඩ මුදලක් සහ පහර කෑමට ලක්වූ පාලිත රංගේබණ්ඩාර මහතාට රුපියල් 100,000 ක වන්දි මුදලක් ගෙවන ලෙස දිසා විනිසුරුවරයා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට නියම කරන ලදි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැර දේශපාලනය ලංකාවෙන් තුරන් කලයුතුයි .
උගත්කමක් නැති චන්ඩියෝ පාර්ලිමේන්තු යවන්න හොඳ නෑ
අනේ උබලා මරා ගනින් ..