
(නිමල කොඩිතුවක්කු)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට කිසිසේත් සහාය නොදීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද (02) පැවති කණ්ඩායම් රැස්වීමේදී ඔවුන් මෙම තීරණය ගෙන ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් මේ සම්බන්ධ යෝජනාව ඉදිරිපත් කරනු ලැබීය.එය සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව අනුමත කර ඇති බවත් පක්ෂ ජ්‍යෙෂ්ඨයෙකු පැවසීය.
COMMENTS
අභියෝග හමුවේ පැන යාම පමණක් දන්නා සජිත් ප්‍රේමදාස සහ සජබ කල්ලියට මොන ජාතික ආණ්ඩු ද? එම ප්‍රවාහයේම රතු පැහැ කල්ලියත් එසේමය.
කුමන්ත්‍රණකාරීන් එක්ක එකතු වුනොත් රටම විනාසයි . බල පෙරේතයෝ
රටට ආදරය තියෙන එකෙකුට පක්ෂයට වඩා යකෙකු සමග එකතුවෙලා රට හදනවා මිස පක්ෂය රකින්න යන්නෙ නැහැ
මෙන්න මේකේ ඉන්න කුහකයින් සෙට් එක බැරිද ගෙනිහින් දාන්න සක්වල ගලෙන් එහාට...? මේ රට ගොඩගන්න නම් මොනවා ආයේ මෙහෙ එන්න බැරි තැනකට ගිහින් දාන්න වෙනවා. විපක්ෂ නායක වුණාට මෙයාලාගේ මහා එකා කට ඇරියොත් කියන්නේම ගොන් කතාවක්මයි. මහා පණ්ඩිතයෙක් වගේ පෙන්නුවාට භාණ්ඩාගාරයයි, බන්ධනාගාරයයි අතරේ වෙනස දන්නේ නැහැ. දෙන්නේ නම් ලොරි ටෝක්...
134 ක බහුතරයක් තියනවානේ හොදේ වැඩ කරනවා නම් 225 ම ඕනෑ නෑ