
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලාංකික සම්භවයක් සහිත 16 හැවිරිදි ටියානා සුමනසේකර පැරිස් ඔලිම්පික් තරඟාවලිය නියෝජනය කරන ඇමෙරිකානු ජිම්නාස්ටික් කණ්ඩායමේ සංචාරය නොකරන ආදේශක ක්‍රීඩිකාවක් ලෙස නම් කර ඇත.
ඒ සමඟ සංචාරය නොකරන ආදේශක ක්‍රීඩිකාවක් ලෙස හෝ ඇමෙරිකානු ඔලිම්පික් ජිම්නාස්ටික් කණ්ඩායමට නම් කළ ප්‍රථම ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ජිම්නාස්ටික් ක්‍රීඩිකාව වීමට ටියානා වාසනාවන්ත වූවාය.
ඇය පසුගියදා පැවැති ඇමෙරිකානු ඔලිම්පික් ජිම්නාස්ටික් කණ්ඩායමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීම සඳහා පැවැති තරඟාවලියට ඉදිරිපත් වෙමින් 8 වැනි ස්ථානය හිමිකර ගත්තාය.
පළමු ස්ථාන 5 හිමිකරගත් ක්‍රීඩිකාවන් ජිම්නාස්ටික් කණ්ඩායමේ ස්ථිර සාමාජිකයන් ලෙස නම් කරනු ලැබුවේය. හය සහ හත් වෙනි ස්ථාන හිමිකරගත් ක්‍රීඩිකාවන් කණ්ඩායමේ ආදේශක ක්‍රීඩිකාවන් ලෙස නම් කරනු ලැබූ අතර 9 වැනි ස්ථානය හිමිකරගත් ටියානා අවශ්‍ය වුවහොත් කණ්ඩායමට සම්බන්ධ කර ගැනීම සඳහා සංචාරය නොකරන ආදේශක ක්‍රීඩිකාවක ලෙස නම් කළේය.
ඇයගේ මව සහ පිය ශ්‍රී ලංකාවේ සිට ඇමෙරිකාවට පදිංචියට පැමිණ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සුබපැතුම්...! සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.
මෙවැනි අය ගැන අප උදම් ඇනිය යුතු නැත. ඇය ඇමරිකන් ජාතිකයෙක් මිස ලාංකිකයෙක් නොවේ. අප උදම් ඇනිය යුත්තේ දහසකුත් බාධක මැද රටේම හැදී වැඩී රට වෙනුවෙන් ඔලිම්පික් යන අපේම දරුවන් ගැනයි.
රංබොඩ නිමල් වගේ නූගත්කම ඉහ වහා ගිය අය සිටිනතාක් කල් ලංකාවට අබ සරණ තමයි. මෙහෙමත් මිනිස්සු ඉන්නවනෙ