(උදුගොඩ - වාර්තාකරු, කේ.බුද්ධික කුමාරසිරි  සහ ගයාන් සූරියආරච්චි)

යටියන්තොට පොලිස් බල ප්‍රදේශයට අයත් යටියන්තොට පනාවත්ත වතු යායේ අද (03) අළුයම 2.00 පමණ  විදුලි කාන්දුවීමක් හේතුවෙන් සිදුවු ගිණි ගැනීමකින් එම වතුයායේ ලැයිම් කාමර පහක් ගිණි ගෙන එම ලැයිම් කාමරයක සිටි අඹුසැම් යුවලක් මරණයට පත්ව ඇති බව යටියන්තොට පොලිසිය කියයි.

මෙම අනතුර සිදුවන මොහොතේ ලැයිම් කාමරවල පිරිස නින්දේ සිට ඇති අතර අනතුරින් මිය ගියේ වයස අවු:60 වන මුක්කන් වීරසිංහම් හා අවු: 50 වන මුත්තයියා ශාන්ති දේව් යන අඹුසැමි යුවල බවත් පොලිසිය පවසයි.

මෙම ගිණි ගැනීමෙන් ලැයිම් කාමර පහෙන් තුනක් මුළුමනින්ම විනාශ වී ඇති අතර ලැයිම් කාමර දෙකක් ප්‍රදේශවාසීන් හා පොලිසිය එක්ව ජලය ගසා අර්ධ හානී ලෙස එම ලැයිම් කාමර දෙක බේරා ගැනීමට හැකිවු බවත් පොලීසිය කීය.

යටියන්තොට පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.එන්.පී.ඒකනායක මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක වීරසිංහ,උප පොලිස් පරීක්ෂක එම්.ප්‍රියවංශ,පොලිස් සැරයන් 45747ජයලත්,පොලිස් සැරයන් 61968 බණ්ඩාර යන නිලධාරීන් වැඩ්දුර පරීක්ෂණ පවත්වති.

(ඡායාරූප: උදුගොඩ - වාර්තාකරු)