තවත් සැක වාහන පහක් කලවානෙන් අල්ලයි නීති විරෝධීව වාහන එකලස් කරන ලද ස්ථාන තුනක් වටලා රුපියල් කෝටි හතකට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී වහන පහක් භාරයට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය සමත්ව ඇත. 03 February 2025
කෝටි ගණනක ලුණු විනාශවෙන්න ඇරලා ලංකා ලුණු සමාගමේ බුන්දල සහ පලටුපාන ලුනු ලේවායන්හි නිෂ්පාදිත රුපියල් 93,269,919 ක වටිනාකමකින් යුත් මෙට්‍රික් ටොන් 2402 ක පමණ ලුණු තොගයක් වසර ගණනාවක් තිස්සේ තත්වයෙන් බාලවීමට හා දියවී විනාශ වී යාමට ඉඩහැර තිබූ බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි. 03 February 2025
කසිප්පු වලියකට තුනක් මරලා වීදි වටිනාකම රුපියල් දහසක් වන කසිප්පු බෝතලයක් රු එක්දහස් පන්සියයකට විකිණීම පිළිබඳව ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් අම්බලන්තොට ,මාමඩල ,ඇලේගොඩ ප්‍රදේශයේ පුද්ගලයන් තිදෙනකු කඩුවලින් සහ කැතිවලින් කපාකොටා පොලුවලින් පහරදී ඝාතනය කර ඇතැයි අම්බලන්තොට පොලිසිය පැවසීය . 02 February 2025
ආණ්ඩුව ගත්තේ යන්න බලාගෙන නෙමෙයි ආණ්ඩුව ගත්තේ යන්න බලාගෙන නොවේ යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනහමු කීපයක් අමතමින් පැවසීය. 02 February 2025
වාහන ආනයනයේදී රජය පැන වූ කොන්දේසි නවය මෙන්න වාහන ආනයනය කිරීම සඳහා පනවා තිබූ සීමා අද(01) සිට බලපැවැත්වෙන පරිදි අදියර 3 යටතේ කොන්දේසි සහිතව ඉවත් කරනු ලැබූ අතර වාහන ආනයනය කිරීමේදී ඊට අදාළව කොන්දේසි 9 ක් රජය විසින් පනවනු ලැබ ඇත. 01 February 2025
සුපිරි ඩීසල් මිල ඉහළට ලංකා කනිජ තෙල් නීතිගත සංස්ථාවේ මාසික මිල ඉන්ධන සංශෝධනයට අනුව ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 18 කින් ඉහළ දමා තිබේ. 31 January 2025
තරුණයාගේ ඝාතනයට 11 ක් පෝරකයට ඌව පළාත් බදුල්ල මහාධිකරණයේ දී විභාග වූ ඌවපරණගම ගලහගම මිනීමැරුම් නඩුවේ විත්තිකරුවන් 11 දෙනෙකුට මහාධිකරණ විනිසුරු ප්‍රසන්න අල්විස් මහතා විසින් මරණ දඩුවම නියම කළේය. 31 January 2025
හිනිදුම වෙඩි තැබීමකින් තුනක් මරුට හිනිදුම පනංගල පිහිටි නවාතැන් පොලකට පැමිණි දෙදෙනකු එල්ල කළ වෙඩි තැබිමකින් නවාතැන් පොලේ හිමිකරු සමග තවත් දෙදෙනකු එම ස්ථානයේම මියගොස් ඇතැයි ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි. 31 January 2025
රට හාල් නවතී සහල් ආනයනය නතර කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් අමාත්‍යාංශයේ ප්‍රධානීහු රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට දැනුම් දුන්හ. 30 January 2025
යෝෂිත ළඟ ගිනි අවි හතක් ? හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා සන්තකයේ තිබූ ගිනි අවි හතෙන් ගිනි අවි පහක් මේ වනවිට ආරක්ෂක අමාත්‍යංශය බාරයට ගෙන ඇති බව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් (විශ්‍රාමික) සම්පත් තුයිය කොන්තා මහතාා පැවසීය. 29 January 2025
හත් කෝටියක් සාපරාධීව පරිහරණය කළැයි නාමල්ට නඩු ක්‍රිෂ් ගනුදෙනුවෙන් රුපියල් කෝටි 07ක මුදලක් සාපරාධි අන්දමින් සාවද්‍ය ලෙස පරිහරණ කිරීමේ චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ නඩු පැවරුවේය. 28 January 2025
මෛත්‍රීගෙන් ආණ්ඩුවට ලියුමක් මොරගහකන්ද ජලාශයෙන් පිටවන ජලය අපතේ නොයවා අනුරාධපුරයට හා වයඹට ගෙන යන ඇලමාර්ග කඩිනමින් ඉදිකරන ලෙස හිටපු ජනාධිපති මෛත්රීපාලන සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් රජයෙන් ඉල්ලා සිටී. 28 January 2025
වැඩි මිලට සහල් වික්කාට ලක්ෂ 10ක දඩයක් දේශීය සුදු කැකුළු සහල් වැඩි මිලට අලෙවි කිරීමේ චෝදනාවට වරදකරුවූ කිරිබත්ගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළෙද සැලකට රුපියල් ලක්ෂ 10 ක දඩයක් පැනවීමට මහර අධිකරණය අද (27) නියෝග කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය. 27 January 2025
යෝෂිතට ඇප මුදල් විශුද්ධිකරණ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා රුපියල් ලක්ෂ 500 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කළේය. 27 January 2025
පැන්සල් ගැන භයානක අනාවරණයක් ඇතැම් පාසල් සිසුන් ප්‍රමිතියෙන් තොර පැන්සල් භාවිත කිරීම නිසා බැරලෝහ ශරීර ගතවන වන අතර එමගින් පසු කාලීනව ඔවුන්ට පිලිකා සහ වකුගඩු රෝග ඇතිවන බවට විද්‍යාත්මකව තහවුරු කර ඇතැයි ලංකා විදුහල්පතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා පැවසීය. 26 January 2025
සහල්වලින් කෝටි 1,090 ආනයන බදු ආදායමක් ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය සඳහා ආණ්ඩුව අවසර දී තිබූ කාලයේ දී පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික් ටොන් 167000 ක් මෙරටට ගෙන්වා තිබූ බවත් එම සහල් තොගය වෙනුවෙන් ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 10.9 ක් හෙවත් රුපියල් කෝටි 1,090 ක් ආනයන බදු ලෙස අයකරගත් බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගුව අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය. 26 January 2025
යෝෂිත රාජපක්ෂ රිමාන්ඩ් රත්මලාන ප්‍රදේශයේ ඉඩමක් සහ නිවෙසක් 3,40,00000 මිලදී ගැනීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා ලබන 27 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි අලුත්කඩේ අංක 5 අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී මහත්මිය අද සවස නියෝග කළාය. 25 January 2025
යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා බෙලිඅත්ත ප්‍රදේශයේදී අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 25 January 2025
දියකැපිල්ල කනිටු විදුහලට ලොකු කැපිල්ලක් ලොව අටවන පුදුමය ලෙස හඳුන්වනු ලබන සිගිරි පව්ව පෙනෙන මානයේ පිහිටා ඇති දියකැපිල්ල ප්‍රාථමික විදුහල වැසී යෑමේ අවදානමක් පවතින බව මව්පියෝ පවසති. 25 January 2025
ශිෂ්‍යත්වයේ කප් එක හොරණ රාජකීයට පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය ලබා ගැනීමට හොරණ රාජකීය ජාතික පාසලේ රණතුංග ලියනගේ මිසන්ධි යෙවින්යා ශිෂ්‍යාව සමත් වූවාය. ඇය ලබා ගත් ලකුණු සංඛ්‍යාව 188 කි. 24 January 2025
ඇමති වියදම් ගැන ජනපති ලේකම්ගෙන් චක්‍රලේඛයක් රජයේ අමාත්‍යවරුන්ගේ, නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලයේ පහසුකම් සම්බන්ධයෙන් සීමා පනවමින් ජනාධිපති ලේකම් ආචාර්ය සනත් කුමානායක මහතා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. 24 January 2025
මැති සබේ කෑම වේලේ ගණන් උස්සයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආහාර සඳහා දෛනිකව අය කළ ගාස්තුව රුපියල් 2000 ක් දක්වා රුපියල් 1550 කින් ඉහළ දැමීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේදී අද (23) තීරණය කෙරිණ. 23 January 2025
ජනපති,ජනපති වරප්‍රසාද පනත වෙනස් කරයි හිටපු ජනාධිපතිවරුන්ට විවිධ වරප්‍රසාද සඳහා ප්‍රතිපාදන සැලසෙන හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳ පනත කඩිනමින් වෙනස් කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 23 January 2025
හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන අත්අඩංගුවට හිටපු අමාත්‍ය අනුර පියදර්ශන යාපා මහතා සහ ඔහුගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද සවස අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය. 22 January 2025
රාමනාදන් අර්චුනා පොලිසියේදී අර්චුනෑ ලෝචනා වෙලා අනුරාධපුර රථවහන අංශ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර සාපරාදී බලහත්කාරය පා තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අර්චුනා රාමනාදන්ට එරෙහිව අධිකරණය හමුවේ පවතින නඩුවේ සැකකරු තමා බව පවසමින් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය රාමනාදන් අර්චුනා යන අය මෝසමක් මගින් අධිකරණයට ඉදිරිපත් වුවද ඔහු මෙම නඩුවේ සැකකරුවකු වශයෙන් පිළිගැනීම අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා තරයේ ප්‍රතික්ෂේප කළේය. 22 January 2025
ඉඩම් කොමිසම ඉඩම් ගැන දන්නේ නෑ තමන් යටතේ පවතින ඉඩම් මොනවාදැයි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව නොදන්නා බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) පැවසීය. 22 January 2025
රු .370 බෙහෙත රු. 70,000 ගැනීම ගැන මැති සබේදී හෙට ප්‍රකාශයක් රුපියල් 370 කට මිලදී ගැනීමට හැකියාව ඇති ඖෂධයක් රුපියල් 70000 කට අධික මුදලකට මිලදී ගැනීමට සමාගමකට අවසර ලබාදීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදීපැවසීය. 21 January 2025
අර්චුනා තවත් ලෙඩක් දාගනියි අනුරාධපුර - රඹෑව ඒ 20 ප්‍රධාන මාර්ගයේදී රථ වාහන නීති උල්ලංඝනය කරමින් අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කළ බව කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතාගේ රථය නතර කළ අවස්ථාවේදී, වලංගු රියදුරු බලපත්‍රයක් ලබා නොදී පොලිස් නිලධාරීනට සාපරාදී බලහත්කාරය පා බැන තර්ජනය කර ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි. 21 January 2025
ගල්ඔයේ ඉවුර කැඩී කුඹුරු අක්කර 1000ක් යට වෙයි ඉගිනියාගල සේනානායක සමුද්‍රයෙන් ගල්ඔයා ගගට නිකුත් කරමින් පවතින ජල ධාරාවන් හේතුවෙන් ගල්ඔය ගංගාවේ දකුණු ඉවුර දීඝවාපීයට ආසන්න නයිනකාඩු ප්‍රදේශයෙන් අද (20) කැඩීගොස් ඇතිබව සම්ම්න්තුර වාරිමාර්ග කාර්යාලය පවසයි 20 January 2025
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026