
(සුජිත් හේවාජුලිගේ )
හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත සම්මතවූ සැණින් තමන්ගේ පියා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ නිල නිවසෙන් ඉවත්ව යන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
මෙම එක දේපළක් වත් බලෙන් ගත් ඒවා නොවන බවද ඔහු සඳහන් කළේය.
ජනාධිපතිවරුන් බලයේ සිටි කාලයේදී ගන්නා යම් යම් තීරණ හේතුවෙන් ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පසුවට ප්‍රශ්න මතුවිය හැකි හෙයින් ඔවුනට ආරක්ෂාව අවශ්‍ය බවත් ජනාධිපතිවරයා ගන්නා මෙම තීරණ ඉදිරියේදී ඔහුටම පාරාවළල්ලක් විය හැකි බවත් නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ සංවිධායකවරුන් පිරිසකට පත්වීම් ලිපි ලබාදීමෙන් පසු කොළඹ එම පක්ෂ කාර්යාලයේදී මාධ්‍යවේදීන් කළ විමසුමකදීය.
හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් දැක් වූ හිටපු රාජ්‍ය අමාත්‍ය දිනුම් අමුණුගම මහතා පැවසුවේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කොළඹින් යැව්වොත් ගෙවල් සීයක් ඔප්පුත් එක්ක දෙන්න මිනිස්සු ඉදිරිපත් වන බවයි .මහින්ද මහතා වෙනුවෙන් නොනිල ජනාධිපති මන්දිර සෑම දිස්ත්‍රික්කයකම ඉදිකිරීමට ජනතාව සූදානම් බවද ඔහු ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යයි? පනතෙත් වැරැදි හොය හොයා තව ටික කාලයක් ලගින්න බලයි. විලි ලැජ්ජාවක් ඇත්තේම නැහැනේ...
තමුන් විසින් තමුන් උදෙසා නීති හදා ගැනීම සාධාරණද? ඕවා තමන්ට සැප ගන්න දාපු නීතිය තුළ තම විසින් ලබාගත් දේවල් ජනතාව කියලා හෝ ජනතාව කියලා කරපුවා එහෙම නෙවෙයි. JR සිට ගෝ බාප්පා දක්වා දාපු හා ආරක්ෂා කරගත් නීති හා වත්පිළිවෙත්... බහිරවයෝ වෙන්න එපා... මාස පතා TV Bana මාලිගාවල සිට කරාට අනුන්ගේ දේවත් අත් අරින්න බෑ නේද?
විශාල ජනවරමක් දුන්නේ ඒවට තමයි.
බලෙන් ගත්තු දේපල නොවේ කියලාද කියන්නේ? එතකොට මහජන මුදල් කොටි ගණනක් වියදම් කරලා මාලිගාවක් වගේ අලුතෙන් හදාගත්තු එක මොකද්ද? පාරාවළල්ලක් වෙන්නේ හොරා කෑවොත්, බලය අවභාවිතා කළොත් නැත්නම් පාරේ බැහැලා යන්න බැරිවෙන්න හතුරෝ ඇතිකරගත්තොත් විතරයිනේ. ඒ හින්දා මේ ගොල්ලන්ට අවුලක් වෙන එකක් නෑ. මගේ හිතේ...
ඩෝබිල චූන් කරන්න ගහපු ගැසට් එකක් මිසක් ඕකෙන් පරණ අයට බලපෑමක් නෑ නාමල් මල්ලි...
අනේ ඉතාම හොඳයි... ඔය වගේ බයියෝ ඉනනකන් රට බංකොළොත් තමයි.
කෝ සහෝ දුන්නු පොර ටෝක්, මේ ටික වෙලා පශ්චාත් බාගෙ බිම ඇනෙන්න කලින් ගියානම් කොච්චර නම්බුද?
අමුණුගම නැවතත් ඇවිල්ලාද? ඡන්දේ ඉල්ලුවේ රොටියත් එක්ක නේද?
ඔය පනතෙන් කෙලවෙන්නේ අනුරට මිසක් පරණ හිටපු අයට නෙමෙයි. අනුර පැරදුණාට පස්සේ අපි එයාව සැප රටකට යවනවා. නැත්නම් වෙන්නේ තඹුත්තේගම හරක් බලන්නයි.
මේයාගේ දැනුම හැටියට නේ කතාව. හොඳ නරක තවම දන්නේ නැහැ. බලය ගැන දන්නෙත් නැහැ. ඒකනේ මෝඩ බේබි කියන්නේ. හිතන් ඉන්නේ මේකෙන් ගියා කියලා තමුන් ජනාධිපති වෙන්නෙත් නැහැ. ඔය ගෙදරින් යන්නත් වෙන හේතුවක් ඇති. නිකම්ම අවලන්ගු කාසියක් වුණා. මෝඩ බේබිලාට හොරකම් කරලා දීලා තියෙන්නේ මදි නොකියන්න. සිංගප්පූරු හොස්පිට්ල් එකේ මැරෙනකම් තියා ගන්න දෙන්නාවම. ඒ තරම් මුදල් කන්දරාවක් හොරකම් කෙරුවේ මෙයාගේ පරම්පරාවම... මොවුන් දැන් රජ සැප අරගන ඉන්නවා. මැරුණාට පස්සෙ ආත්ම ගානක් නරකාදියේ ඉන්නේ. කරපු දූෂිත වැඩවලට දුප්පත් ජනතාව දුක් විඳලා මැරුණාම... නිවන් දකිනවා ස්වර්ගස්ථ වෙනවා. මොවුන්ට කන්න බොන්න සැප දීලා බලා ගත්තාට... පුලුවන්නම් එක දුප්පත් මිනිහෙක් මෙයාට ගෙයක් හදලා දෙයි කියලා ඔප්පු කරනවාද? මම දෙනවා ගව ගාලක් හදලා. කැමැතිනම් ඉන්න. ඕන කෙනෙක් හදලා දෙයි ගව ගාලක්. ගෙවල් හදන්න තරම් පිස්සු නැහැ...
මිනිස්සුන්ට පිස්සුද හැම දිස්ත්‍රික්කයකම මාලිගා හදන්න. නැවත රජවරු නැත. ඉන්නේ සහෝදරවරු පමණි..
ඔප්පු කරපු හොරකම් ඕනෑ නෑ, මහින්ද ට ඔහොම සලකලා මදි, සිංහලයෝ යන යන ගෙවල් ගිනි තියන්න ඕනෑ මහින්දගේ. සිංහල මිනිස්සුන්ගේ මළ මිනී නැවැත්තුවාට සිංහලයා සලකයි කියලා හිතාගෙන ඇති. ඉන්ට ගෙයක්වත් දෙන්න හොඳ නෑ...
විපක්ෂේ ඉන්න කාලේ දිගට හරහට බැන්නා හොරකං කරා ගගා. දැන් ආණ්ඩුවේ, මන්ත්‍රීලා 159ක් එක්ක ඉන්නවා, එත් තාමත් හොරා හොරා... අල්ලපු හොරෙක් නැහැ. හිරේ ගිය උන් ටිකත් අවුරුදු 10ක් විතර පරණ නඩු නිසා හිරේ ගිය උන්.
නාමල් මහතා, තම චරිතය ප්‍රතිනිර්මාණය කිරීමේ උත්සාහය 2010 හෝ 2020 ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩු සමග නොකෙරුවේ ඇයි කියන එක නොපෙනුනේ, ඔහු එවිට නිර්මාණය කළේ සහ රඟපෑවේ, හොරෙක්, වංචාකාරයෙක්, සල්ලාලයෙක් හෝ කළු සල්ලි සුදු කිරීමේ ව්‍යාපාරයේ තම සුප්‍රසිද්ධ මහජන ගැටකපන්නා වන ජේෂ්ඨ රජතුමා සහ අනිකුත් රාජපක්ෂලා සමග ශ්‍රී ලංකාව සුද්දකිරිමේ ව්‍යාපාරයේ නිරත වී සිටි නිසාය. දැන් සිංහ වේශයෙන් පෙනී සිටිමින් ඊට වඩා දේව දුතයෙක් ලෙස හැසිරෙන මොවුන් කූරු ගණන් කිරීමට වඩා, සුද්ද කළ, හැම මහජන දේපලක්ම සහ ඇස් නොවසා හොරකම් කල මුදල් ආපසු පොලියද සමග ගෙවා, පවුලේ සහ නෑදෑයින් සහ තමාද ඇතුළට යාමේ ප්‍රීතිය දිවයිනේ ජනතාවට දන්වා සිටින්නේ, රට වටේ ගොස් ඔවුන් නිසා බඩ ගින්නේ මියගිය ආත්මවල අවතාර සහ යමපල්ලන්ගේ කරට අතදාගෙනයි.
අන්න එහෙම එළියට යන්න.
නාමල් කටමැත දොඩවනවා... මහින්ද අද තනිවෙලා. මොවුන්නටපු නැටිලි නිසා අද හොම්බෙන් යන්නේ...
ඇති යාන්තන්. ඔතැන ඉඳලා මැරිලා ගියා නම් හොල්මනක් වෙලා හරි ඉඳියි. පුදුම දේපළ තන්හාවක් තියන එක්කෙනෙක් තමයි මහින්ද...!
කවුරු මොන මානසික මට්ටමක ඉඳගෙන කතා කළත්, මොන සමාජ මට්ටමක ඉඳන් බලයට ආවත්, මොන දේශපාලන මත දැරුවත්, මොන මොන ජාති විරෝධීන් සමඟ ගණුදෙනු කළත්, මහින්ද කියන්නේ නිකම්ම නිකම් හිටපු නායකයෙක් නොවේ. ඒ වග හැම දීන හීන පුද්ගලයකු ම දැනගත යුතුයි...
උපන් ගමෙනුත් කුජීත වෙන්න පරදින බව දැනගෙන ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගලා දැන් සිංහ නාද පවත්වනවා. දූෂිත දේශපාලන පියෙක්ගෙ දූෂිත, සෙල්ලක්කාර බූරු පුතෙක්.
දැන් උඹලගේ මැදමුලන ඉලව්වට ගිහින් සාටකෙන් ජනේලෙකින් එල්ලියන්.
ජංගි කොට ගහගෙන සරැංගල් ඇරපු උං තොපි කොහොමද කෝටිපති හාමුල වුනේ කියල තමයි ඊලගට හොයන්න ඕනෙ….හොර හැත්ත…
මන්දිර නම් මොනවද , අම්මා තාත්තාගේ සොහොනත් ජනතාවගේ සල්ලි හොරකම් කරලා හැදුව ඒකේ මිනිසුන් හදයි දිස්ත්‍රික් එකක් ගානේ සොහොන් ටිකක්.
දැන් එක එකා කියන පොර ටෝක් බැලුවම මුන් ඔක්කොම කමිබ හොරැ අහිංසක ජනතාවගෙ සල්ලි හොරකමි කරල මදිවට තවත් ඒ සල්ලි වලින් යැපෙන්න හදන්නෙ. මුන් නාමලය බයිල ගහනව .මිනිස්සු කියන ඒවා අහපිය ලැජ්ජාවක් නැහැ මුන්ට. මයිනට විතරක් නෙමෙයි අනිත් හැමෝටම එහෙම තමයි .ඔබලට මිනිස්සු කැමති නමි ඔබලගෙ උපන් ගමෙි මිනිස්සු මොකද අර ගෝඨ හදපුව කැඩුවෙ. තවත් හොරකමි කරන්න බැහැ .දැන්වත් පලයන් බයිල ගහන්නෙ නැතුව. ලැයිස්තුවෙන් ආවෙ දැන් පොර ටෝක් දානව හොර හැත්ත
සබ්බං පාහාය ගමනීයං” (සියල්ල හැරදමා යන්නේය ) කියන බුදුවදන නොතේරෙනකල් ඔහොම තමයි...
චුන් උනාට වැඩක් නෑ. දීපු දේවල් අයින් කරන්න නීතියෙන් බෑ. දැන් ඉන්න අයට හා ඉදිරියට එන අයට තමා නැති වෙන්නේ.
මෙයාට ලැජ්ජාවත් මොලෙත් නැහැ. කියන ගොන් කතාවල සීමාවකුත් නැහැ. නීතියේ කොතැනද තියෙන්නේ හිටපු ජනාධිපතියෙක්ට වර්ග අඩි තිස් පන්දහසකට වැඩි නිවසක් දෙන්න ඕනෑ කියලා. ඒ ගෙදරට විදුලි සෝපාන ජෙනරේටර් සවිකරලා දෙන්න ඕනෑ කියලා. ඒ විතරක් නොවෙයි හිටපු ජනාධිපතියෙක්ට ආරක්ෂාව දෙන්න ඕනෑ කියලත් නීතියේ නැහැ. එතකොට ඒ සියල්ල ලබා ගත්තේ අනීතිකව කියලා ඔය අයට කවුරු හරි මතක් කර දීපල්ලා...
ඊළඟට අතාරින්නේ මොකක්ද?
ඔව්... ඒ දවස් ටිකේ හරි අපේ සල්ලි කාලා දාන්න. හම්බකරගෙන කන්න බැහැ..
ඩෝබිලාට දැන් හරි ආස ඇති. කන්න නැතත් කමක් නෑ පචයාගේ ලණු කන්න තියෙනවා නම්...!
අනේ අපිට ඔයාලව මැරෙනකල් පරිස්සමට බලාගන්න තිබ්බ ඔයාල අපිට ආඩම්බරයෙන් ජීවත් වෙන්න සශ්‍රීක රටක් ඉතුරු කරලා තිබ්බනම්. එත් උබල අපිට අවුරුදු 76කට පස්සේ උරුම කලේ තෙල් පෝලිම් වල මිනිස්සු මැරිලා වැටිච්ච හම්බු කරගෙන වත් එදා වේල කන්න බැරි රටක්.උබලව ගල් ගහල මරපු නැති එක ගැන සතුටු වෙයල්ලා. අපේ අහිංසක මිනිස්සු එච්චර පහත් නැහැ. උබල තරම්.
මේ ගං කබරයට වැඩිය සජිත් හොදයි සිය ගුනයක්