
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජනපදය විසින් මෙරට අපනයන මත පනවනු ලැබූ තීරුබදු අඩු කර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලයේ (USTR) තානාපති ජේමිසන් ග්‍රියර් (Jamieson Greer) මහතා අතර මාර්ගගත සාකච්ඡාවක් අද (25) පස්වරුවේ පැවැත්විණි.
මෙරටට පනවා ඇති තීරුබදු අඩු කර ගැනීම සහ දෙරට අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා වර්ධනය කර ගැනීම මෙම සාකච්ඡාවේ මූලික අරමුණ විය.
මෙම මාර්ගගත සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලයේ (USTR) නිලධාරීහුද සම්බන්ධ වූහ.
2025 දෙසැම්බර් මස 18
236
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තීරු බද්ද අඩු කරගන්න ජනපති ඇමරිකාවට කතා කරයි
රුවන් Friday, 25 July 2025 08:47 PM
අනුර 30% බද්ද 20%ට හරි අඩු කරොත් එදාම පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ නැති වෙනවා. කැට තියලා කියනවා වෙන්නේ නෑ ඕක...
සුදු ඇඳගෙන කලු ඇවිදින් Saturday, 26 July 2025 12:06 AM
මිනිස්සු හිනස්සන ප්‍රවෘත්ති දාන්න එපා...
Mendis Boossa Saturday, 26 July 2025 12:34 AM
මොකෙන්ද දන්නේ නෑ කතා කරන්නේ...?
de silva Saturday, 26 July 2025 12:06 PM
ජනාධිපතිතුමා , කතා කර කර කල් මරණ එක ප්‍රශ්නෙට විසදුම නොවේ. ලංකාව විසින් ඇමරිකන් භාණ්ඩවලට ගහන තීරුබදු අඩු කොට හොඳ ඩිල් එකක ලබදෙන්න. නැතිනම් ඇමරිකන් තීරුබදු 20% හෝ ඊට අඩුවෙන් ගෙවන වියට්නාමය , ඉන්දියාව වැනි රටවල් විසින් අපේ ඇගලුම් වෙළඳපල හිමිකර ගැනීමට විශාල ඉඩකඩක් ඇත. එහෙම වුනොත් පාඩුව වසරකට ඩොලර් බිලියන 6 කි.