
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජනපදය විසින් මෙරට අපනයන මත පනවනු ලැබූ තීරුබදු අඩු කර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලයේ (USTR) තානාපති ජේමිසන් ග්‍රියර් (Jamieson Greer) මහතා අතර මාර්ගගත සාකච්ඡාවක් අද (25) පස්වරුවේ පැවැත්විණි.
මෙරටට පනවා ඇති තීරුබදු අඩු කර ගැනීම සහ දෙරට අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා වර්ධනය කර ගැනීම මෙම සාකච්ඡාවේ මූලික අරමුණ විය.
මෙම මාර්ගගත සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලයේ (USTR) නිලධාරීහුද සම්බන්ධ වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුර 30% බද්ද 20%ට හරි අඩු කරොත් එදාම පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ නැති වෙනවා. කැට තියලා කියනවා වෙන්නේ නෑ ඕක...
මිනිස්සු හිනස්සන ප්‍රවෘත්ති දාන්න එපා...
මොකෙන්ද දන්නේ නෑ කතා කරන්නේ...?
ජනාධිපතිතුමා , කතා කර කර කල් මරණ එක ප්‍රශ්නෙට විසදුම නොවේ. ලංකාව විසින් ඇමරිකන් භාණ්ඩවලට ගහන තීරුබදු අඩු කොට හොඳ ඩිල් එකක ලබදෙන්න. නැතිනම් ඇමරිකන් තීරුබදු 20% හෝ ඊට අඩුවෙන් ගෙවන වියට්නාමය , ඉන්දියාව වැනි රටවල් විසින් අපේ ඇගලුම් වෙළඳපල හිමිකර ගැනීමට විශාල ඉඩකඩක් ඇත. එහෙම වුනොත් පාඩුව වසරකට ඩොලර් බිලියන 6 කි.