
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාවිච්චි කර නැවත බාර දීම සඳහා මන්ත්‍රීවරුන්ට ලබන අයවැයෙන් වාහනයක් ලබාදීමට අපේක්‍ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"ලබන අයවැයෙන් මන්ත්‍රීවරුන් සඳහා මන්ත්‍රී කාලයට පාවිච්චි කොට නැවත බාරදීම සඳහා සහන වාහනයක් ලබාදීමට අපේක්‍ෂා කරනවා.
බලය ලබා ගැනීම සඳහා කටයුතු කරන්න. හැබැයි කුමන්ත්‍රණ කරන්න එපා යනුවෙන්ද ජනාධිපතිවරයා මෙහිදී කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හවුලේ පාවිච්චි කරන්නත් පුලුවන්ද? නිකමට ඇහුවේ.
ප්ලග්බේස් ටෙන්ඩරෙත් කැන්සල් උන එකේ වාහන ටෙන්ඩරේ නම් ඔයාටමයි දෙන්නේ. අම්මපා.
ඔය පාපිසිවල වාහනවලට තෙල් ගහන්න පක්‍ෂ අරමුදලෙන් වැඩිපුර සල්ලි ඉල්ලනව එහෙම නෙවෙයි!
අපිට ජනතාවට නැති කිසි දෙයක් එපා.
සාමාන්‍ය මිනිසුන් පාවිච්චි කරන වාහනයක් දෙන්න. එය රජයේ වාහනයක් බවට සලකුනක් යොදන්න.
කලින් වාහනේ ගත්තේ මන්ත්‍රී, ආණ්ඩුවෙන් දුන්නේ තෙල් ටික සහ රියදුරු මහතා විතරයි, දැන් මන්ත්‍රී වාහනේ තෙල්ටික සහ රියදුරු මහතාගේ සේවය ඔක්කොම නිකම්. යසයි වැඩේ! දැන් ඩෝබි හැත්ත බුරන් එයි වාහනේ තියෙනවනේ ගගා. ඒත් ඔය වාහන අවුරුදු 5ක් පාවිච්චි කරනවා කියන්නේ කබල් වෙන කාලේ, ඊට පස්සේ අලුත් එකක් ආණ්ඩුවෙන්ම දෙයි. එතකොට වියදම ඩබල්? එකත් ගෙවන්නේ මහජනයාගේ බදු මුදලෙන්. කබල් ටික වෙන්දේසියක් කියලා පාක්ෂිකයෙක්ටම දේවි...
ලොක්කා 2028 ඉදන් ණය ගෙවන්න තියෙනවා අමතකද? හොරු එලෙව්වා කියලා හරියන්නේ නැහැ.
මන්ත්‍රීලට එහෙම නම් නිළධාරීන් එහෙමම වෙන්න ඕනේ.
මොකද්ද මේ සහන වාහනයක් කියන්නේ? පැහැදිලි නැහැ.
ඇත්තටම පිස්සු
ජනයාට නැති කිසිවක් මන්ත්‍රිලටත් නෑ කියලනේ කිව්වේ. එහෙම නම් ජනයාටත් දියව්.
දියුණු රටවල ක්‍රියාත්මක වෙන්නෙත් මේ වගේ දෙයක් තමයි. රජයේ වාහනයක් කියන්නේ රටේ වත්කමක්. ඒක අවශ්‍ය නම් වසර 5කට පසු මිලදී ගන්න අවස්ථාවක් දිය යුතුයි.
වාහනයක් තියාගන්න නම් දෙන්නේ නෑ කිව්වේ මන්ත්‍රීලට. ඒත් කෙඳිරි ගාන්නේ මේ කොහේවත් නැති කබ්බෝ. පේනවා නේද ලෙවකාපු ලෙව කෑම. තාම දරාගන්න බෑ වගේ අපතයන්ට.