(සුජිත් හේවාජුලිගේ)
තමන් ජීවත් වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුපෙන් බවත් එම වැටුප අහෝසි කළහොත් ඒ වෙනුවෙන් මරාගෙන මැරෙන්න හරි සූදානම් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතා සඳහන් කළේය
"අපි දුෂ්කරම පැයේ ඇත්තටම සටන් කරපු මිනිස්සු" යයිද ඔහු සඳහන් කළේය.
ඔහු මෙසේ පවසන්නේ සමාජ ජාල ගිණුමේ සටහනක් තබමිනි.
නන්දන ගුණතිලක මහතා තැබූ එම සටහනේ මෙසේද සඳහන්වේ
මම ජීවිතේ ගැටගහගෙන ඉන්නෙ ඔය පාර්ලිමේන්තු පෙන්ශන් එකෙන් ලැබෙන රුපියල් 68000 න්. ගෙවල් කුලිය ලයිට් බිල් , වතුර බිල් බෙහෙත් වියදම් ගියාම දවසකට කන්නයි වෙනත් අතුරු වියදම් වලටයි ඉතුරුවෙන්නෙ රුපියල් 700 ක් 800 ක් විතර.
දේශයේ රක්ෂකයා ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
’’පෙන්ෂන් එක නැති කළොත් මරාගෙන මැරෙනවා’’
ගුණරත්න Saturday, 02 August 2025 02:56 PM
ආණ්ඩුව හදන්නේ ස්වාධීන මන්ත්‍රීලා ටික නැති කරලා දාන්න. දැන් මන්ත්‍රී කෙනෙක් වෙන්න නම් විශාල මුදලක් තියෙන බලවත් කෙනෙක් වෙන්න ඕනෑ වෙලා, මොකද ආණ්ඩුවේ ප්‍රතිපත්තිය අනුව වැටුප් විශ්‍රාම වැටුප් ලැබෙන්නේ නැහැ. එතකොට සාමාන්‍ය පැලැන්තියේ මනුස්සයෙක්ට දේශපාලනය කරන්න බැහැ. නමුත් නමුත් මහා ධනවතෙක්ට හෝ ආණ්ඩු පක්ෂයට ඔය ප්‍රශ්නය නැහැ. මොකද ඔවුන්ගේ පක්ෂය ලංකාවේ ධනවත්ම පක්ෂය නිසා. මේකෙන් වෙන්නේ ආණ්ඩුවේ පක්ෂයෙන් විතරක් දේශපාලනය කරන්න පුළුවන් වෙන එක, මේක අනියමින් ඒකාධිපතිවාදයක් හදන උත්සාහයක්....
WeerakonSaturday, 02 August 2025 06:15 PM
ගුනරත්න මහතාගේ අදහස ඉතාමත් නිවැරැදියි. ජේ.ආර් කාලයේ හිටපු මන්ත්‍රී කෙනෙක් ජීවත්වෙන්න ක්‍රමයක් නැහැ කියලා ඉල්ලීමක් සලකා බලා තමයි ඔය විශ්‍රාම වැටුප් සැකසීම කලේ... එලෙසින්ම අසරණව සිටි කෙනෙක් හැටියට අපි දැක්කා දහනායක මැතිතුමා හිටපු හැටි. තමන්ගේ ජීවිත කාලයම රට වෙනුවෙන් ගතකර අන්තිමේ තමන්ගේ ජීවිතය ගෙවාගන්න බැරිතරම් අසාධ්‍ය වුණාම ඔය වැටුප නැතුව බැහැ. මේ කරන්නේ සාමාන්‍ය ජනතාවට දේශපාලන කටයුතු කිරීමට බාධාවක්. කොටින්ම කිව්වොත් ඒකාධිපතිත්වය සඳහා මාර්ගය සැකසීමක් කියන්න පුළුවන්...
ඒ.එම්.ඒ. කුමාරSaturday, 02 August 2025 06:44 PM
ගුණරත්න මහත්තයෝ ඔයා කියන ඔය නාස්තිකාර, වියදම්කාර දේශපාලන ක්‍රමය තමයි මේ රටේ ජනතාව අවසන් කලේ. දැන් මේ රටේ දේශපාලනය කරන්න කෝටිපතියෙක් වෙන්න ඕන නෑ. ජනතාවගේ විශ්වාසය දිනාගත්ත, ජනතාවට සේවය කරන්න අවංක උවමනාවක් තියෙන ඕනෑම කෙනෙකුට දැන් දේශපාලනයට එන්න පුළුවන්. එහෙම නැතුව ජනතාවගේ මුදල් වලින් සැප විඳින්න දේශපාලනය තෝරාගත්ත අයට දැන් ඉඩක් නෑ...
ගුණරත්නSaturday, 02 August 2025 09:16 PM
මම කියපු දේ පොයින්ට් එක තේරෙන්න නම් වහලෙක් නොවෙන්න ඕනෑ. මොකද වහල්ලුන්ට ඔය කමෙන්ට් එක කියෙව්වාම රිදෙනවා. වහල්ලුන්ට ඔවුන්ගේ නායකතුමා, බොසා, සහෝදර උතුමා කියන දෙයින් එහා සාධාරණව හිතන්න ශක්තියක් නැහැ. ඉතින් තේරුමක් නැහැ වහලෙක් එක්ක වාද කරන එක...
PradeepSunday, 03 August 2025 03:55 PM
තමන්ගේ දරුවන්ට කන්න බොන්න, නැතිවුණත් තමන් හමුවට ජනතාවගේ සල්ලි වලින් කන්න දෙන්න කියන්න තරම් වහල්ලු ඉන්නවා තාමත්....
සුභ Sunday, 03 August 2025 11:07 AM
කුමාර මහත්තයෝ පැලවත්ත අරමුදලෙන් සල්ලි ගලන අයට නම් ඔයාගේ කතාව හරි...
විජිත්Saturday, 02 August 2025 08:53 PM
හලෝ මන්ද මානසික ගුණරත්න, එය ආණ්ඩුවේ තීරණයක් නොව, ඔබ හා යෝගා වැනි පක්කලිකම් කරන සක්කිලි අතලොස්සක් හැරෙන්නට 68 ලක්ෂයක් බුද්ධිමත් ජනතාවගේ ඉල්ලීමක් ඉටු කිරීමයි.
ලලනිSaturday, 02 August 2025 08:57 PM
හලෝ ගුණරත්න, දැං රතු කැකුළු 195 යි, ට්‍රම්ප් බද්ද 20% යි, එල්ලෙන්න වැල් නැතුව ගිය නිසා දැන් යෝගත් එක්කම මුන්නැහේගේ වල්ගේවත් එල්ලෙන්න.
යෝගා Saturday, 02 August 2025 02:58 PM
කුණුහරුප කියාගෙන ආණ්ඩුවේ ජරාව හෝදන කුලී ඩෝබිලා අහගන්න. ඔය කියන්නේ ඔරිජිනල් ජෙප්පෙක්... නිකම් නෙවෙයි, හිටපු ජනාධිපති අපේක්ෂක ජෙප්පෙක්. මේ ආණ්ඩුව ගෙදර ගිය දාක හොර උපාධි 159ත් ඔහොම අඬයි...
රම්සිSaturday, 02 August 2025 08:13 PM
මෝඩ යෝගා, දැනගන්න ඒ ගෑණු හුටපටයකට පක්ෂයෙන් දොට්ට දාපු කෙනෙක්..
ක්‍රිශාන්Saturday, 02 August 2025 08:36 PM
හලෝ යෝගා, ඔච්චර රුදාව නම් ඔහෙගේ ලොන්ඩරියේම ජොබ් එකක් දෙන්නකෝ. වයිෆ්වත් හොඳට බලාගනියි...
Niranga Saturday, 02 August 2025 03:00 PM
කමක් නෑ අපිට ඔයාගෙන් වැඩක් නෑ....
අකිල Saturday, 02 August 2025 03:10 PM
ඇති දුෂ්කරම පැයේ කිව්වේ, 2021 රටේම ආර්ථිකය කඩා වැටිච්චි වෙලේ..., කවුරු හරි දැක්කාද මෙයා ගෝල් ෆේස් එකට ඇවිල්ලා ඉන්නවා?
ඒ.එම්.ඒ. කුමාර Saturday, 02 August 2025 03:11 PM
ඉතින් රස්සාවක් කරලා කන්නකෝ... මිනිස්සුන්ගේ බදු මුදල් වලින් කන්න බලාගෙන ඉන්නේ නැතුව... අවුරුදු 5ක් පාර්ලිමේන්තුවේ ඉඳලා ජීවිත කාලයටම මාසයකට 68000.00 ගානේ ජනතාවගේ මුදල් ගිලින්න ලැජ්ජා නැද්ද? තමන්ගේ ජීවිත කාලයම රට වෙනුවෙන් සේවය කරපු කීයෙන් කීදෙනාටද මාසයකට හැට අට දාහක් ලැබෙන්නේ...
ajith Saturday, 02 August 2025 03:14 PM
ජනතාවගෙන් කන්න බලන් ඉන්න කෙනෙක්, අස්වැසුම දෙන්න.
lion Saturday, 02 August 2025 03:22 PM
රස්සාවක් කරන්න... අනිත් මිනිස්සු වගේ, බොරුවමයි කෙරුව පක්ෂ මාරු කරන්න... මැරුණොත් මිනිස්සු වළලලා දායි...
Jagath Leanage Saturday, 02 August 2025 03:27 PM
ඉතින් මැරෙන්නකෝ. අපිට මොකෝ...!
bandara Saturday, 02 August 2025 03:49 PM
අනිවාර්යයෙන්ම ජොබ් එකක් කරලා ජීවත් වෙන්න මහත්මයා... මන්ත්‍රී කියන්නේ සමාජ සේවයක් නේ....
prasanna Saturday, 02 August 2025 03:58 PM
ජවිපය පැලවත්ත ගිණුමේ කෝටි ගණන් සල්ලි තියෙනවා. මොවුන්ට එමනිසා පෙන්ෂන් එකේ අවශ්‍යතාවයක් නෑ. ලබන මැතිවරණයකින් බලය ලබාගන්න ආණ්ඩුවට... පැලවත්තේ හොර ගුහාව ගැන පුළුල් විමර්ශනයකට ලක්කරන්න වෙනවා. ගිණුම් සියල්ල රාජසන්තක කිරීමට පියවර ගන්න ඕනෑ.
Banda Saturday, 02 August 2025 04:16 PM
රස්සාවක් කරලා හම්බ කරන්න බැරි නම් හිඟා කන්න. අවුරුදු 6ක් පාර්ලිමේන්තු ගිහින් 68000ක පිං පඩි ගන්න ලැජ්ජ නැද්ද ලොක්කා?
Mr Don Saturday, 02 August 2025 04:31 PM
හිඟා කන්න...
Neel Saturday, 02 August 2025 04:41 PM
ඔරිජිනල් ඡේප්පා කා වෙනුවෙන්ද වැඩ කලේ කියලා අපිට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඉන්නකම් කකුල් මාට්ටු දමපු අය. රට බන්කොලොත් වුණාට මේ අයත් වග කියන්න ඕනේ දේශපාලන අනාථයෝ. විමල්ගේ අයියා.. මරාගෙන මැරෙන්න හිතන්නවත් එපා. කැමති නම් තනියම තමයි.
Nihal Dharmatileke Saturday, 02 August 2025 04:43 PM
ඔයාව පාර්ලිමේන්තුවට ඇරියේ අපි සේවයක් බලාපොරොත්තුවෙන්, ඔබ ඒවා නඩත්තු කරන්න සූදානම් නෑ.
Neel Saturday, 02 August 2025 04:47 PM
ගුණේ සහ යෝගා මොකද ෂුගර් වැඩි වුණාද කරන්න දෙයක් නැහැ. නීතිය කාටත් එකයි...
ප්‍රියා Saturday, 02 August 2025 05:03 PM
පානදුර නගර සභාපති (යූඇන්පී) කාලය තුළ නගර සභාවෙන් පඩි දීමනා ගත්තාද? ඒ කාලේ විශ්‍රාම වැටුප් ලැබුණාද...?
Emil Rover Saturday, 02 August 2025 06:11 PM
සටන් කරලා තියෙන්නේ තමන් වෙනුවෙන් බව දැන් පැහැදිළියි.
Ajith Pathirana Saturday, 02 August 2025 06:27 PM
මෙයා කොටියෙක්ද? වහාම මෙයාව අත්අඩංගුවට ගන්න ඕනෑ මරාගෙන මැරෙන පොයින්ට් එකට....
ravin Saturday, 02 August 2025 06:34 PM
අනුකම්පාවයි, භූමිකම්පාවයි කියන දෙකේ වෙනස හොයාගන්න තිබුණා... මන්ත්‍රී කාලේ මෙයා කරන ලද දූෂණ, වංචා ටික හොයලා බැලුවා නම්...
Chathuri Saturday, 02 August 2025 07:07 PM
ජනතාවත් නිකම් ඉන්නේ නැහැ... මොවුන්ට තවත් කන්න වෙන්නේ ජනතාවගේ මුදලින්. ජනතාවත් මරාගෙන මැරෙනවා... ඕවා නතර කරන්න. කාලකනනි මන්ත්‍රීන් හොරා කෑවා. ඊට පස්සේ... පැරුදුණාම මොවුන්ට පැන්ෂන්. මුන් මොනාද රට වෙනුවෙන් කෙරුවේ වැඩක්...? ගන්න පගාව දෙන්නම ඕනෑ. අපේ දෙමව්පියෝ රස්සාවල් කෙරුවා. අවුරුදු පහෙන් පැන්ෂන් නැහැ. අව්රුදු 40ක් වත් බඩ ගාන්න ඕනෑ පැන්ෂන් හදා ගන්න.
fairoos Saturday, 02 August 2025 07:18 PM
මේවට සපෝට් කරන බයියෝ ඉන්නකන් රට ගොඩගන්න අමාරුයි. ඉතින් අපිට මොකද? මැරෙනවා නම් මැරෙන්න..
ලව්සික් Saturday, 02 August 2025 08:19 PM
ලොතරැයි කූඩුවක් දාගන්න...
ප්‍රියන්ත Saturday, 02 August 2025 08:27 PM
මරාගෙන මැරෙනවනං, මරන්න බලාපොරොත්තුවෙන අයගෙ ලිස්ට් එකත් දැම්මනං තමා හොඳ.
සම්පත් Saturday, 02 August 2025 08:41 PM
බුලත්විඩ ටිකක් ඔතල විකුණන්න, ඔයිට වඩා හොයතෑකි...
PGPThilak Saturday, 02 August 2025 09:17 PM
අවුරුදු පහක් පාර්ලිමේන්තුවේ හිටියට ජීවිත කාලයටම විශ්‍රාම වැටුපක් ගැනීම අසාධාරණ බව තේරුම්ගන්න හෘද සාක්ෂියක් නැත්තේ ඇයි? ජීවිතයේ තමන්ගේ කාලය ප්‍රයෝජනවත් රස්සාවක් කරන්න යොමු නොවීම පිළිබඳව කණගාටුවක් තියෙනවා! දුෂ්කරම මොහොතේ අපේ ජනාධිපති. අපේක්ෂික ධුරය භාර ගෙන නිර්භීතව. අදූෂිත පුරවැසියන් වෙනුවෙන් හඬක් නැගුවා! කැපකිරීමක් කළා... එයට අපි ස්තූතිවන්ත වියයුතුයි! අගය කිරීමක් කළ යුතුමයි! අමතක නොකළයුතු අපේම සොහොයුරෙක්...!
thusitha Saturday, 02 August 2025 09:39 PM
මෙයා රටට කරපු වැඩක් තියෙනවද?
nihal Saturday, 02 August 2025 10:33 PM
ගුණරත්න... ගම තුන්පනේද? ආයෙත් ඉස්කෝලේ ගිහින් ඉගෙන ගන්න.
nihal Saturday, 02 August 2025 10:36 PM
නන්දන, මරාගෙන මැරෙන්න නම් තමුන්ට හමුදාවට යන්න තිබ්බා... නේද?
nihal Saturday, 02 August 2025 10:40 PM
කවුද? තමුන්ගේ අම්මා, තාත්තා...
kumara Sunday, 03 August 2025 12:02 AM
බය වෙන්න එපා පෙන්ශන් වගේ එකකට අතීතයට බලපාන්න නීති ගේන්න බෑ. හිටපු අයගේ පෙන්ෂන් නැති කරන්න බෑ...
කපුරුහාමි Sunday, 03 August 2025 03:46 AM
මා ඉතාම හොඳින් දන්නා විශ්‍රාම ගිය රාජ්‍ය නිලධාරිනියක් හිටියා.. සේවය ඉතාම හොඳින් කරපු කෙනෙක්.. ඇය 2016 අන්තුරකට පත්වී ඇවිද ගන්න බැරුව ගියා. ග්‍රාම සේවක සහතිකය ඉදිරිපත් කරන්න බැරිවූ නිසා විශ්‍රාම වැටුප් ගෙවීම නතර කෙරුවා...
C.K.Lankaputhra Sunday, 03 August 2025 06:42 AM
ඔයාට මැරෙන්න ඕන නං ඒක ඔයාගේ කැමැත්ත, ඔයාගේ අයිතිවාසිකම කියමුකෝ. නමුත් ඔයාට බැහැ මහජනායාගෙන් එකෙක් හෝ මරන්න. ඔය කතාවම ඇති ඔයා ඔය කියන අයිතිය නැති කරන්න. ජනතාවට මරණ තර්ජනය කිරීම...
Gayan Jayasinghe Sunday, 03 August 2025 08:58 AM
ප්‍රසිද්ධියේ මරණ තර්ජනය කළ මේ පුද්ගලයා වහා අත් අඩංගුවට ගත යුතුයි.
සුපුන් චාමර Sunday, 03 August 2025 08:59 AM
අනිවාර්යයෙන්ම පනත සම්මත කරලා මේ වගේ කාලකන්නි මේ ලෝකෙන් ඉක්මනින්ම චුත වේවා කියලා ප්‍රාර්ථනා කරනවා....
P.D Goonawardene Sunday, 03 August 2025 12:20 PM
අනේ මැරෙන්නකෝ අප්පා....!
Lalla Sunday, 03 August 2025 12:33 PM
අවුරුදු පහක් මන්ත්‍රීල වෙලා ඉඳලා 68000/= ගන්නවා. රාජ්‍ය සේවයට අවුරුදු තිහකට වඩා කඹුරලා 68000/= ගන්න පුළුවන් රාජ්‍ය සේවකයෝ කී දෙනාටද?
beau Sunday, 03 August 2025 01:54 PM
මරාගෙන මැරෙනවා? තමන් ගිහින් මැරුණට අපිට කමක් නෑ... එතකොට , කවදාද මෙයා මරන්න හිතාගෙන ඉන්නේ.. පොලිසිය, කරුණාකර මේ පිස්සාව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර, උසාවි ගෙනියන්න. මෙයාට මිනිස්සු මරණ පිස්සුව තියෙන්නේ...!
ලුම්බිණි Sunday, 03 August 2025 02:06 PM
ලැජ්ජයි සහෝදරයා.