
(ජේ ඒ එල් ජයසිංහ සහ ෂේන් සෙනවිරත්න )
යටිනුවර ප්‍රදේශීය සභාවේ විපක්ෂ නායක ( ස.ජ.බ) චම්පික විජෙරත්න( 53) , ඔහුගේ බිරිඳ සහ දියණිය ඔවුන් පදිංචි මුරුතලාව කම්බිඅඩිය නිවසේ අභිරහස් ලෙස මියගොස් සිටියදී සොයාගත් බව පේරාදෙණිය පොලීසිය කියයි.
පේරාදෙණිය පොලීසියට ලද තොරතුරක් මත ඔවුන්ගේ සිරුරු සොයාගෙන තිබේ.
මියගිය චම්පික විජේරත්න මහතා දිගු කලක් දේශපාලනයේ නිරතව සිටි අයෙකි. ඔහුගේ සිරුර නිවසේ කාමරයක එල්ලී තිබියදී පොලීිසියට හමුවී ඇති අතර 16 හැවිරිදි දියණියගේ සහ බිරියගේ සිරුරු නිවසේ තැනින් තැන තිබියදී හමුව ඇතැයි පොලීසිය කියයි. ඔවුන්ගේ කුඩා දියණිය සිද්ධියෙන් දිවි බේරාගෙන ඇතැයිද පොලීසිය කියයි.
මෙම අභිරහස් මරණවලට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බව පේරාදෙණිය පොලීසිය පවසයි. මෙය දිවි නසා ගැනීමක්ද වෙනත් හේතුවක් මත මෙසේ සිදුවීද යනන පිළිබඳව පරීක්සණ පවත්වන බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනීමැරුමක් ද , දිවි නසා ගැනීමක්ද යන්න තහවුරු කරන්න බොහොම ප්‍රවේශමෙන්, උපායශීලීව පරීක්ෂා කිරීමට සිදු වෙයි. දැන් සිදුවන මිනීමැරුම් පරීක්ෂකයින් නොමග යවන සුළු විදිහටයි සිදුවන්නේ.
මිනීමරුවෝ පාලකයෝ බවට පත් උනාම මේ වගේ දේවල් වෙන්න පුළුවන්. පොලිසිය උපරිමව දේශපාලනීකරණය වෙලා නිසා සාධාරණ පරීක්ෂණයක් වෙයිද කියලා සැකයි.
ඈ බොල යෝගා, ඔබ කියන ඔය මීනීමරුවෝ දැං දෙකයි පනහට වැටිලනේ…. ඒ කියන්නේ උං තාමත් මිනී මරන එක අතඇරලා නැද්ද…? සුදු වෑන් එවනවාද?
ජවිපෙ ආයිත් වැඩ පටන් ගෙන වගෙයි. සෙවිල්ලෙන් හිටියොත් හොඳයි.
ඉතා කණගාටුයි... නිවන් සුව ලැබේවා
එල්ලිලා මැරුණ කෙනෙකුයි මරලා එල්ලපු කෙනෙකුයි අධිකරණ විද්‍යානුකුලව නිගමනය කළ හැකියි
පාලකයෝ මිනීමරුවෝ වෙලා තමයි ප්‍රදීප් එක්නැළිගොඩ අදටත් නැත්තේ, මාද්‍යවේදී ලසන්ත වෙඩිකෑවේ, තාජු ඩීන් සහ රතුපස්වල තරුණයින්ව ඝාතනය වුණේ, තෙල් නැතිකාලේ තෙල් පෝලිම්වල හිටපු නිරායුධ අහිංසක සිවිල් ජනතාවට වෙඩිතියල මැරුවේ.
හරිම කනගාටුදායක ප්‍රවෘත්තියක්. හොඳ නිහතමානී, වැඩක් කල කෙනක්
වහලුන්ට අමතක වෙලා පාස්කු ප්‍රහාරය එල්ලවන තැනට වැඩ සිද්ද කරලා ,අලුමතින් බලයට ආපු බලලෝබී බඩගෝස්තරවාදී මිනීමරු දේසපාලුවන්ගේ කෙරුවාවල්? සමහර වහල්ලූ හිතාගෙන ඉන්නේ අපි අන්ද,ගොලු බිහිරෝ කියලා වෙන්ඩැ
නාමල් බේබි. හිටිහැටියෙ රටින් පිටවුනෙ ඇයි. මේ මිනිහා ගොඩක් මෝඩ යෙක්. නිසා. මේවගෙදේවල් කරන්න. හරි හපනා කිසිම දෙයක් නොවුන ගානට මම හිටියේ පිටරට කියන්න පුලුවන් නිසා. මේ වගෙ උන්ට දෙවියෝ නුවනදුන්නෙ නැත්තෙ. ඒකයි.
ජන්මයට වඩා පුරුද්ද ලොකු කියනවා නේද ?
උපදෙස් දීමට හෝ උදව් කිරීමට කිසිවෙක් නැත. කුඩා දරුවා තවමත් ආරක්ෂිතව සිටින්නේ ඇයිද යන්න මෙහි ගැටළුවකි. කුමක් කීවත්, කළත්, මේ රටේ ජනතාව ස්වල්ප දෙනෙක් හැර, විශේෂයෙන් සිංහල ආතතියෙන් සිටිති...
මේකට 88, 89 තියන සම්බන්ධේ මොකද්ද ?
ආණ්ඩුව මොනවා කරන්නද ?