දරුවන්ට දඬුවම් තහනම් කරන පනතක් ළඟදීම දරුවන්ට කායික දඬුවම් තහනම් කරන පනතක් ඉතා ඉක්මනට සම්මත කර ගන්නා බව අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 08 March 2025
මත්තල වසර පහේ පාඩුව ගුවන් තොට හදන්න ගිය වියදමත් පනී මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ පසුගිය අවුරුදු පහේදී රුපියල් කෝටි 3850ක පාඩුවක් ලබා ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. 07 March 2025
දේශබන්දුගේ වරප්‍රසාද කැපෙයි? අත්අඩංගුවට ගැනීම සදහා මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග නිකුත් කර ඇති අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාට ලබාදී ඇති මෝටර් රථය, පොලිස් ආරක්ෂාව ඇතුළු සියලු පහසුකම් අත්හිටුවීමට රජය පියවර ගැනීමට නියමිත බවට තොරතුරු අනාවරණය වේ. 06 March 2025
හිටපු ඇමති මර්වින් රිමාන්ඩ් කිරිබත්ගොඩ නගරයේ ඉදිකිරීමට රජයට පවරා ගෙන තිබූ ඉඩමකට කූට ලේඛණ සකස් කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද හිටපු ඇමැතිවරයෙකු වන ආචාර්ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනෙකු මේ මස 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට මහර අංක 01 අධිකරණයේ මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය අද ( 06 වැනිදා ) පස්වරුවේ නියම කරනු ලැබුවා ය. 06 March 2025
රජයේ ඉඩමක් හොරෙන් වික්කාට මර්වින් සිල්වා අත්අඩංගුවට හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 06 March 2025
ලයිට් බිල වැඩි කරන්න අයිඑම්එෆ් කියයි මෙරට විදුලිය ගාස්තුව සංශෝධනය කිරීමට පසුගිය ජනවාරි මාසයේදී විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබෙන බවත් එම සංශෝධනයත් සමග විදුලිය නිෂ්පාදනය කිරීමේ පිරිවැය, නව ගාස්තුවෙන් ආවරණය නොවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තක්සේරු කර ඇතැයි එම අරමුදලේ ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා අද (04) පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය. 05 March 2025
දේශබන්දු අනිද්දා බාර වෙයි? වැලිගම පැලෑණ හෝටලයක් ඉදිරිපිට සිදුවු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නැයි නියෝග ලබා සිටින හිටපු පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා බොහෝ වීට අනිද්දා (06) අධීකරණය වෙත බාර වනු ඇති බවට විශ්වාසවන්ත ආරංචි මාර්ග සදහන් කරයි.? 04 March 2025
සයිනොපෙක් - ආර්.එම්. පාර්ක් සියයට 3 දෙන්න පොරොන්දුවක්? මෙරට ඉන්ධන ව්‍යාපාරය කරන විදේශ සමාගම් වන ‘සයිනොපෙක්’ සහ ආර්.එම්. පාර්ක් යන සමාගම් ඉන්ධන පිරවුම්හල්හිමියන්ට ඉන්ධන ලීටරයකට සියයට 3 ක වට්ටම දීමට පොරොන්දු වූ බව ඉන්ධන පිරවුම්හල්හිමියෝ පවසති. 03 March 2025
දළදා දැක්මට දින නියම වේ මේ වසරේ පැවැත්වීමට යෝජනා වී ඇති දළදා දැක්ම මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ එකඟතාවයවය පරිදි අප්‍රේල් මස 18 සිට 27 වැනි දින දක්වා පැවැත්වීමට නියමිත බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. 02 March 2025
යළි පාර්ලිමේන්තුවට එනවාද? රනිල්ගෙන් පිළිතුරක් ’’ ෆෙරායි ලයිෂන් තියෙන කෙනෙක් එල්බෝඩ් කාරයන් සමඟ කාලය ගත කරන්නේ නැතැයි’’ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 01 March 2025
යුක්රේන ජනපතිට එන්න කියලා: දෙහි කපයි යුක්රේනයේ ඛනිජ ද්‍රව්‍ය සම්බන්ධයෙන්, ඇමෙරිකාව සමඟ ගිනිසුමකට අත්සන් තැබීමට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ධවල මන්දිරයට පැමිණියේය. 01 March 2025
විදුලි සැපයුමට අය කළ මුදල්වලට පොලී දෙන්නැයි නියෝගයක් විදුලි සැපයුම දීමේ දී ගෘහස්ථ පාරිභෝගිකයන්ගෙන් සහ කර්මාන්ත කරුවන්ගෙන් අයකර ගත් තැන්පතු මුදල් සඳහා මහ බැංකුවේ වාර්ෂික පොලී අනුපාතයට අනුව හිමි විය යුතු පොලිය ඔවුන්ට ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ලංකා විදුලි මණ්ඩලයට අද නියෝග කළේය. 28 February 2025
ජනපති කොමිසන්වලට ලක්ෂ 5301ක් වැය කරලා පසුගිය රජයන් පත්කළ ජනාධිපති කොමිෂන් සභා දාහතරකට රුපියල් කෝටි 53 කට වැඩි මුදලක් ( ලක්ෂ 5301ක්) වැය කර ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 28 February 2025
හිටපු කතානායක වාහන නවයක්:මාස නවය තෙල් බිල කෝටි තුන පනී හිටපු කතානායකවරයා වාහන නවයක් පාවිච්චි කර ඇති බවත් එම වාහන නවයේ ඉන්ධන වියදම වශයෙන් පසුගිය වසරේ මාස නවයේදී තුන්කෝටි තිස් ලක්ෂයක් වැයකර ඇති බවත් සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 27 February 2025
ජපන් වාහන පළමු තොගය හම්බන්තොටට වාහන ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසු ජපානයෙන් ආනයනය කළ පළමු වාහන තොගය රැගත් නෞකාව මීට සුළු වේලාවකට පෙර හම්බන්තොට ජාත්‍යාන්තර වරායට සේන්දු විය. 27 February 2025
රාජාංගණ ප්‍රා.ලේ.- පළාත් ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරිනිය අත්අඩංගුවට අනුරාධපුර ළමා නිවාසයක 17 හැවිරිදි දැරියක මෙහකාර සේවයේ යොදවා ගැනිම හා කෘරත්වයට පත්කිරිමේ චෝදනා මත උතුරු මැද පළාත් හිටපු පරිවාස කොමසාරිස් වත්මන් රාජාංගණය ප්‍රාදේශිය ලේකම්වරයා හා පළාත් පරිවාස දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරිනිය අද (27)දින අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි. 27 February 2025
කෙහෙල් බද්දර පත්මේගේ පාසල් මිතුරාට වෙඩි මිනුවන්ගොඩ පත්තඬුවන සිදු වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය කියයි. 26 February 2025
ගුවන් ගනුදෙණුව ගැන කියන්න නාමල් සී.අයි.ඩීයට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නව ගුවන් යානා ඇණියක් ප්‍රතිස්ථාපන කිරීමේදී සිදු වූ බව කියන මුදල් ගනු දෙනුවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. 26 February 2025
ඉෂාරාගේ මල්ලිගේ දුරකතනයෙන් තොරතුරු රැසක් එළියට ’වැඩේ කලා. වැඩේ හරි’ යනුවෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු බව කියන ගනේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමෙන් අනතුරුව නීතිඥ වෙස්ගත් සැකකාරිය ඇගේ සහෝදරයාට කෙටි පණිවුඩ යවා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි. 25 February 2025
සංජීව ඝාතන සිද්ධියේ සැකකාරියගේ මව සහෝදරයා අත්අඩංගුවට පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීව ඝාතනයට නීතිඥ වෙස්ගෙන ගිනි අවිය රැගෙන ආ අතුරුදන් කාන්තාවගේ මව සහ සහෝදරයා අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 25 February 2025
ආණ්ඩුව ගැන ජනතා කැමැත්ත සියයට 38කින් ඉහළ ගිහින් මැතිවරණයෙන් පසුව ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත් පසුගිය වසරේ ජූලි මාසයේදී සියයට 24 ක් වූ ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය මේ වනවිට සියයට 62 දක්වා ඉහළ ගොස් ඇත. 24 February 2025
වෛද්‍යවරුන්ගෙන් රජයට චෝදනා වර්තමාන ආණ්ඩුව මීට පෙර පැවැති කිසිඳු ආණ්ඩුවක් නොකළ ආකාරයට අයවැය හරහා වෛද්‍යවරු දැඩි අපහසාත්මක තත්වයකට පත්කර ඇති බවත් වෛද්‍යවරුන්ගේ ද සහය ලැබූ ආණ්ඩුව වෛද්‍යවරු කබලෙන් ලිපට දමා ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති, කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය. 23 February 2025
මධ්‍යම කඳුකරයට පැවිල්ල සැරයි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පවතින අධික අව් රශ්මිය සහිත වියලි කාලගුණය හේතුවෙන් මධ්‍යම කඳුකරයේ වනාන්තර රැසක් මේ වන විට ගිනි ඇවිලීමේ අවදානම් තත්වයේ පවතී. 23 February 2025
කොටහේනේ වෙඩික්කරුවන් පොලිස් වෙඩි පහරින් මරුට කොටහේනේ ඡංගම දුරකතන අලෙවි හලක් තුළදී වෙඩි තබා අයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කාක දූපතේදී පොලිසියට වෙඩි තබද්දී පොලිසිය එල්ල කළ ප්‍රතිප්‍රහාරයන් තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු මියගිය බව කොටහේන පොලිසිය කියයි. 22 February 2025
තරුණ සේවා සභාවේ කෝටි 18ක් ඡන්ද වැඩට අරන් ජාතික තරුණ සේවා සභාවේ උත්සව සහ වැඩසටහන් කිහිපයක් වෙනුවෙන් වෙන්කර තිබූ රුපියල් කෝටි 18 කට වැඩි මුදලක් පසුගිය ජනාධිපතිවරණයේ ප්රචාරක කටයුතු වෙනුවෙන් වියදම් කර ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප්) තොරතුරු අනාවරණය විය. 21 February 2025
වත්තලට ගෙනත් වෙඩි තබා මරලා උස්වැටකෙයියාව මෝගන් වත්ත ප්‍රදේශයේ වෙරළ ආසන්නයේදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි. 21 February 2025
ලලිත් ජයසිංහට වසර හතරක සිරදඬුවම් ශිවලෝගනාදන් විද්‍යා පාසල් සිසුවිය අපයෝජනය කොට ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ මහලිංගම් ශෂිකුමාර් හෙවත් ’’ ස්විස් කුමාර්’’ නැමැත්තාට පැනයාමට උපකිරීම සම්බන්ධයෙන් චෝදනාවන්ට වරදකරුවූ හිටපු උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් අනුරුද්ධ ජයසිංහ නැමැත්තාට වසර හතරක බරපතල වැඩසහිත සිරදඬුවම් සහ මුදලින් රුපියල් 50000ක දඩමුදලක් ගෙවන ලෙස වවුනියාව මහාධිකරණ විනිසුරු එම්. එම් මිහාර් මහතා නියම කළේය. 20 February 2025
රනිල් මැතිසබයට? නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ වසර අවසානයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීමට නියමිතව ඇතැයි විශ්වාස කටයුතු දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ. 20 February 2025
සංජීවගේ වෙඩික්කරු පුත්තලමේදී අල්ලයි සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ගනේ මුල්ලේ සංජීව නමැත්තා ඝාතනයේ වෙඩික්කරු බව කියන පුද්ගලයා අද (19) පුත්තලම පාලවිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයි 19 February 2025
සංජීවට වෙඩි තැබූ වෙඩික්කරුගේ ඡායාරූපය එළියට පාතාල කල්ලි සාමාජිකයෙකු වූ ගනේමුල්ලේ සංජීව නමැත්තාට වෙඩි තැබීමට නීතිඥ වේශයෙන් අධිකරණයට භූමියට පැමිණි වෙඩික්කරුගේ සීසීටිවි දර්ශන ඡායාරූපය මේ වන විට මාධ්‍යයට යොමු කර ඇත. 19 February 2025
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026