
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොමන්ඩෝ සලින්තගේ ඉල්ලීම මත පාතාලයට ටි 56 ජීව උණ්ඩ තොගයක් මුදලට විකුණු යුද හමුදා මල්ලාවි එක කඳවුරේ අණ දෙන නිලධාරීවරයා අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය කියයි.
එම අපරාධ කොට්ඨාසයේ රැඳයුම් නියෝග මත ප්‍රශ්න කරන තිළිණ සම්පත් හපු ආරච්චි නොහොත් වලස් කටා යන සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී අනාවරණ වූ තොරතුරු අනුව මීට සිව් මසකට ඉහතදී අණ දෙන නිලධාරීවරයා අවස්ථා දෙකකදී උණ්ඩ ලබා දුන් බවට අනාවරණය කළ බව පොලිසිය කියයි.
එවකට විදේශගතව සැඟව සිටි කොමන්ඩෝ සලින්ත නමැත්තාගේ ඉල්ලීම මත සැකකාර අණදෙන නිලධාරීවරයා ඔහුට අයත් නිල කැබ් රථයෙන් ගම්පහ ප්‍රදේශයේ දි තමන් වෙත එක් අවස්ථාවක ජීව උන්ඩ තොගයක් ලබා දුන් බවත් ඉතිරි තොගය ශලින්තගේ උපදෙස් මත තවත් අයකුට ලබා දී තිබූ බව වලස් කටාගෙ ප්‍රකාශයකින් අනාවරණය වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ඒ අනුව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී රෝහන් ඕලුගල මහතාගේ උපදෙස් මත ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරිසක ලින්ටන් ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් අණ දෙන නිලධාරීවරයාව බස්නාහිර පළාත උතුරු අපරාධ කොට්ඨාසය වෙත කැඳවා සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී කොමන්ඩෝ සලින්ත නැමැත්තා 2015 වසරේදී තමන් යටතේ පුද්ගලික සහකාර ලෙස කටයුතු කළ බවත් ඒ හිතවත්කම මත ඔහුගේ ඉල්ලීම අනුව තමන් ජීව උණ්ඩ 260 කට අධික ප්‍රමාණයක් සිය ජීප් රථයෙන් රැගෙන විත් සලින්ත නැමැත්තා නම් කරන ලද පුද්ගලයන් දෙදෙනෙකුට ලබා දුන් බවත් අනාවරණය කළ බව පොලිසිය කියයි
ඒ වෙනුවෙන් කොමන්ඩෝ සලින්ත නමැත්තා තමන්ගේ බැංකු ගිණුමට අවස්ථා පහකදී රුපියල් හය ලක්ෂ පනස් දහසක මුදලක් බැර කළ බව අණ දෙන නිලධාරීවරයාගෙන් දිගින් දිගට සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී යැයි උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
2025 ඔක්තෝබර් මස 08
1909
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1521
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
534
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පාතාලයට උණ්ඩ දුන්නැයි හමුදා ලොක්කෙක් මාට්ටු
sam Friday, 12 September 2025 11:49 AM
නෙදකින් මිනිස්සුන්ගේ ජීවිත විනාශ කරන්න ලක්ෂ හයක් අරගෙන උණ්ඩ දීලා. පොලිසියයි ,හමුදාවයි ඉක්මනට සුද්ද කරන්න මේ ආණ්ඩුව ගන්න උත්සාහය ඉක්මනින් සාර්ථක වේවා !!
අරවින්ද මොණරවිල Friday, 12 September 2025 12:52 PM
මෙන්න රණවිරුවන් දඩයම් කරනවා අපේ හාමුදුරුවනේ...