
(සුජිත් හේවාජුලිගේ )
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පදිංචි වීමට කොළඹ ස්ථාන හතරක් බලා ඇතත් තවමත් සුදුසු නිවසක් හමුවී නැතැයි වාර්තා වේ.
විශේෂ කණ්ඩායමක් විසින් නිවාස සොයා බැලීම මේ දිනවල කරගෙන යනු ලැබේ.
මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ තානාපතිවරුන් ඇතුළු විශේෂ ප්‍රභූවරුන් හමුවීමට පැමිණෙන හෙයින් සුදුසු පරිසරයක් තෝරා ගැනීමට සිදුව ඇති බවයි.
ප්‍රමාණවත් සහ ගැලපෙන මාර්ග පහසුකම් සහිත ප්‍රදේශයක නිවසක් තෝරා ගැනීම අපේක්ෂාව බවද ඔහු සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරයාට ගැළපෙන සුදුසු නිවසක් නුදුරේදීම සොයා ගැනීමට අපේක්ෂා කරන බව සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් පැවසීය.
හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත සම්මත වීමෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ විජේරාම මාවතේ රජයේ නිල නිවසින් ඉවත්ව තංගල්ලේ කාල්ටන් නිවසට ගියේය.
ඔහු තවමත් සිටින්නේ කාල්ටන් නිවසේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිර ගෙදර හරි යන්නේ නැද්ද
කාගේ කාගෙත් අතීත ක්‍රියාකලාපයන් මෙනෙහි කිරීම සියල්ලන්ගේම යහපත් සඳහාම වේ.
අරාබි නිසොල්ලාසයේ චරිතයක්, සහචරයින් එක්ක කාලයක් හිටපු තැනක් තියෙනවා. ඒකනම් නියෙමටම හිතට වදියි.
ජීවිතේ අන්තිම කාලේ තමන්ගේ තැනකට වෙලා නිදහසේ ඉන්නෙ නැතුව මේ මිනිස්සු විඳවන හැටි. වෙනත් රටවල නායකයින් විශ්‍රාම දිවිය ගතකරන හැටි බලලා වත් හැදෙන්න බලන්න. ලොකු මල් වට්ටි අරන් පන්සල්, පල්ලි, කෝවිල් ගියාට තවම අතහැරීම මොකක්ද කියලා වටහා ගෙන නෑ.
ඇයි ඕනතරම් අය කලින් ඉදිරිපත් උනේ ගෙවල් දෙනනම් කියලා...කෝ දැන්?
රජාණෝට හිතට අල්ලන්නේ අරලියගහ මන්දිරය, ජනාධිපති මන්දිරය, විජේරාම මන්දිරය වගේ ගෙවල්නේ ඉතින්
ජාතික කෞතුකාගාරය හොඳ නැද්ද ? ඇයි අර හාමුදුරු කෙනෙකුත් කියලාඅ තිබ්බේ මේක “පුරාවස්තුවක්” කියලා. තවමත් වටිනාකම තක්සේරු කරලා ඉවර නැහැනේ . ඉවර උනාට පස්සේ සුදුසු තැනකට යවාවි .එතකම් කාල්ටන් එකටම වෙලා ඉන්නකෝ
කටුගේ හරියන්නේ නැතිද?
අනේ පව් අසරණයා
ඉතින් ඔහෙම ඉන්ඩ කියන්න. ඒ තරම්ම රුදාව තියන අයට මැදමූලන්ස් එකටම හයිවේ දාලා තියෙන්නේ කරදරයක් නැතුව යන්නයි. කොලඹින්ම ගෙයක් ඕන නං බොරැල්ලේ කනත්ත පහුකරනවාත් එක්කම බ්‍රිටිශ් ඉන්ටර්නැශනල් කොලේජ් එකට මෙහායින් නියම ගෙයක් තියනවා.
ඔබ රජෙක් මැතිදුනි
ඉතින් ඊට පස්සේ
මේවත් සාටක නාටක. තමන්ගේ කළු සල්ලි වලින්ම ප්‍රයෝජන ගන්න බව දැන් මහජනතාව දන්නවා.
පිනට ඉන්න පුළුවන් ගෙදරකට තමයි මිනිහාගේ කැමැත්ත.
සල්ලි නම් මොනවද? හොඳ තැනක් තමයි ඕනේ! සුභ පතනවා හොඳ තැනක් හම්බ වෙන්න කියලා.
ඕව් ඕව්, අනිවාර්යෙන්ම කොළඹම ඉන්න ඕනේ. තමන්ගේ පෞද්ගලික සල්ලිවලින් ඕන තැනක ඉන්න කිසිම අවුලක් නෑ
සාගරට කියන්න තිබ්බෙ ලෝක හොරු කුඩ්ඩෝ එන නිසා ඉඩ තියනන තැනක් ඕන කියලා... අර මීහරක් වගේ ඉන්න ලමයි තුන්දෙනාව සුවාසි ලංතේට දීග දුන්නනං ඒහේ ගිහිං රටේ බාගයක් ඉල්ලගෙන ඒහේ රජතුමා එක්ක හොදට ඉන්න තිබබා....
දෙකයි පනහෙ මාලිමා ඩෝබි පඩංගු හිතන්නේ තමන්ගේ යාචක මානසිකත්වයෙන්. රජෙකුට එහෙම හිතෙන්නේ නෑ.
හිතට හරියන වර්ග අඩි 30,000ක ගෙයක් හොයගන්න ටිකක් අමාරු වෙයි ඉතින්.
බොරැල්ල කිට්ටුවෙන් ගෙයක් හොයා ගන්න.
මෙතන වෙලා තියෙන ප්‍රශ්නේ මේකයි. ඔය ගෙවල් දෙන්නම් කිව්වට දෙන්න ඉන්න මිනිහට ඔච්චර සල්ලි කොහොමද ලැබුනේ කියන ප්‍රශ්නෙටත් මුහුණ දෙන්න වෙන නිසා කිව්ව තරමටම වැඩේ වෙන්නේ නැහැ. මෙයාට ගෙවල් දෙන්නනම් පුළුවන් මෙයා බලයේ ඉන්නකොට හොඳට රට කාපු හොරෙකුම තමයි.
මෙහෙමයි මිනිස්සු කුලියට දෙන්න බයයි.. ආයේ දුම්මල ගැහුවත් ඒලෝගන්න බැහැ කියලා දන්නවනේ.. මෝය කටට දැම්මා කියලා හිතාගෙන දෙන්න ඕන කුලියට මාසෙකට හරි දුන්නත්...
බොරැල්ල කනත්තේ ගෙදර හොඳ මදිද
වැලිකඩ හිරගෙය තමයි මම හිතන්නේ වඩාත්ම සුදුසු !
සුදුසු ගෙයක් නැත්නම්, තමන්ගේ ගෙදරට එක්කගෙන යන්න එපැයි
IDH එකේනම් මෙයාට සුදුසු ගෙයක් තියනවා
ඔය විපක්ෂයෙ ලොකු ටෝක් දෙන සෙට් එකටයි කියන්නෙ, ඔයාල යන්න ට්‍රිප් එක්ක කොහෙ හරි. ගිහින් අහල බලන්නඔයාලව දන්නෙ අදුරන්නෙ නැති සාමාන්‍ය මිනිස්සුන්ගෙන් එයාල මොකද හිතන්නෙ කියල ඔබතුමාල ගැනයි, ඔබතුමාල කියන දේවල් ගැනයි. ඔය යන විදිහටම ගියොත් අායෙ අාත්මෙකටවත් මේ රටේ බලය ගන්න බැහැ.
අර පන්සලේ තියනවා කිව්ව කාමරය හරි යන්නේ නැද්ද
මෙි මිනිස්සු තාම හිතේ තියන බලලෝභිකම අයින් කරල නැහැ දැන් වල පයයි ගොඩ පයයි තවත් මොනවද රටම හොරාකාලා එවිව තියාගෙන මොනවද කරන හිගන වැඩ අනික රජ පරමිපරාවෙන් ආව එවුන් ද රටම හොරාකාල තවත් මදි මුන්ට කාලකන්නි
ඇත්තු වගේ පුත්තු තුන් දෙනෙක් ඉන්නෙ. ඇයි උන්ට බැරිද හොරකමි කකරපු සල්ලි වලින් බලා ගන්න හොර කාලකන්නි හැත්ත
හොරු සහ බොරු අතර පරතරය ? අද පාරිශුද්ධ ඈයෝ චන්දයට පෙර තමන් ජනතාව වෙනුවෙන් දුක් විදින දුප්පත් කමින් පෙලෙන බවට කී දෑ , දැන් මහා දනවතුnන් නේ ? අනුන්ට ගරහන්නට පෙර තමන් නිවැරදි වෙන්න
පන්නපු වෙලාවේ නේවි කෑම්ප් එකක හැන්ගිලා හිටියනේ? ඒ වගේ තැනක හැම අතින්ම ආරක්ෂාවකුත් තියෙනවා.
සුනාමියෙන් අවතැන්වූ අසරණයන්ට එවපු පව්ම් මිලියන ගානක ආදාරත් හොරාකාපු කෙනෙකුට ,කොහොම තැනක් හොයාගන්ඩ බැරිද?
මටනම් හිතෙන්නේ මෙයාව දෙහිවල සත්තුවත්තට බාරදෙන්න කියලයි.නමුත් ..පොඩි ප්‍රශ්නයක් තියෙනවා, මේ හාදයා රටේ ලොක්කාවෙලා හිටපු කාලේ කරපු අසික්කිත මිනීමරු හොර වල් වැඩ සත්තු වත්තේ සත්තු ඉගෙන ගත්තොත් උනුත් ඉවරයි.ඒ නිසා ඒ මගේ යෝජනාව වහාම අයින්කරගන්නවා.
කෙදිරිගාන්න ඕනෙ නෑ... කරදරයක්වැ නැතුව සැදෑ සමය ගතකරන්න හොඳම තැන වැලිකඩ හොඳ මදිද මන්ද....
දැන් තියෙන්නෙ එක තැනයි. කැමතිවුනත් නැතත් අනිවාරෙය්න් යන්න වෙනවා සදහටම . සැතපෙන තැනට. ඔය කටින් කිව්වට ගෙවල් තියෙනවා කියලා. රජයේ ගෙදර තරම් මාලිගා දෙන්න මිනිසුන්ට පිස්සු නැහැ. මෙයා ගෝඩ් ෆාදර් . කෝලම් දැන් ඉතින් නිකරුනේ මුදල්. වියදම් කරපු කාලේ ඉවරයි ජනතාවගෙ. නවරියන් තමයි අන්තිමට ඉතුරුවුනේ . එදාට නාමල් බේබි රන් වැටක් ගහන්න. ලෑස්තිකරලා ඇති හොරා කෑ මුදලින්
එලොවටත් නැති මෙලොවටත් නැති තන්හාව නිසාම වැනසුන පව්කාර ජීවිතයක්….
අර පන දෙන්න උනත් සුදානම් අනුෂ ගේ ගෙදර හරි රුවන්ති ගේ ගෙදර හරි හොඳ නැද්ද?
සිපිරි ගෙය තාම ඉතින් . ටිකක් ඉවසලා ඉන්නකෝ. හොරා වගේ කරපු දේවල් එලි වේගෙන යනවනේ
මිනිසුන් කොයිතරම් ගුණමකුද ? දේශපාලන පක්ෂ විතරක් බදා ගත් තිරස්චීන ජනයා බොහෝ සිටින වග පෙනේ. මහින්ද කියන්නෙ නිකම්ම නිකම් ගහකින් බැසගෙන ආපු තම තමන් ගේ නායකයින් වගේ කියලයි ඒ දුර්ජනයින් හිතන්නෙ.මහන්ද කියන්නෙ දෙවැනි ගැමුණු රජු. තිරස්චීනයින් පිලිගත්තත් නැතත් එයයි සත්‍යය.
ඉස්සර මම බහිරවයෝ, මළ පෙරේතයෝ, කුම්භාන්ඩයෝ ,, මේ ලෝකයේ ඉන්නවා කියලා කොහෙත්ම විශ්වාස කලේ නැහැ.. එත්, ඔබතුමාට පින්සිද්ධ වෙන්නට, දැන් මම ඒක විශ්වාස කරනවා... බලයට හෝ, ධනයට හෝ මේ භුමියට මෙතරම් කෑදර කමින් මේ මහපොළොව බදාගෙන කවරෙකු හෝ මිය ගියොත් ඔහු හෝ ඇය අනිවාර්යයෙන් බහිරවයෙක් වෙලා මේ ලෝකේ උපදිනවා...ඒ බහිරව බිලි ගැන හිතද්දී මට නම් බයක් දැනෙනවා... මටත් දැන් තමයි හිතෙන්නේ, නිගන්ටයින්ගෙන් පිරිත් නූල් බැඳ ගත්තම අත් හැරීමට වඩා මහපොළොව බදා ගෙන ජීවත්වීමට සිත පොළොඹ වන බව...බලාගෙන ගියාම, ඇමරිකාවේ, යුරෝපයේ නායකයෝ අදහලා තියෙන්නේ අපේ බෞද්ධ දර්ශනෙනේ...හොඳ වෙලාවට අපේ ඝනයෝ ඔවුන්ට වැදී බන නොකිව්වේ..
ආර්තික ගාතකයා සුනාමි හොරා කියලා අදිකරණයෙන් පවා වරදකරු වෙලා ? නීතී ගරුක සිෂ්ට සම්පන්න රටක නම් මෙළහකටත් හිරේට යවලා ?
ජයරත්න එකට එහා පැත්තෙ ගෙයක් කුලියට දෙන්න දාලා තිබුන. ඒත් කෙටි කාලෙකට නිසා සෑහෙන ගානක් ඉල්ලයි.
දැන් කාලේ ශෝට් ටර්ම් ගෙවල් දෙනේ නෑ මිනිසුන්. ඉන්නේ ටික කාලෙ නේ?
ජවිපෙ මාළිමා කුහක මානසිකත්වය මොකක්ද කියල බලාගන්න මේ කමෙන්ටු කියවන්න. අපිත් දැන් ඉන්න ගේ හදාගන්න කලින් හැම අවුරුදු දෙකකටම සැරයක් නිවාස බලන්න ඇවිදලා තියෙනවා. මේ රස්සාවක් නොකරපු ජවිපෙ ලොක්කන්ගේ වත්කම් මම හිතන් හිටියේ ප්‍රකාශ කරන්නවත් දෙයක් නැතිව ඇති කියල, මොකෝ හැමදේම කවුරුහරි යාලුවෙක් දීපු ඒවා. එහෙම නැත්නම් මාරුකරගෙන අඳින ඒවා. කොළඹ පුරපතිතුමිය ප්‍රසිද්ධියේ කියුවා ඇඳුම් මාරුකරන් අඳිනවා කියල. ඉතින් මාත් හිතාගෙන හිටියේ දුප්පත් වෙන්න ඇති කියල. දෙය්යෝ සාක්කි කෝටි 27ක් වත්කම් තියෙනවා කියල එකෙක් රූපවාහිනියේ ප්‍රසිද්ධියේ කියුවා. නියම වත්කම ඔය වගේ දෙගුනයක්වත් ඇති, අනිත් උන් ඊට හපන් වෙන්න ඕන.