
(සුජිත් හේවාජුලිගේ සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ලංකාවේ ලේඛකයන් විශාල ප්‍රමාණයක් සිටියත් ඔවුන් කිසිවෙකුත් සිය නිර්මාණවලින් ජනතා විමුක්ති පෙරමුණ ගැන සඳහන් නොකරන්නේ කුහකකම නිසා බව කෘෂිකර්ම අමාත්‍ය කේඩී ලාල් කාන්ත මහතා පැවසීය.
අසූ අට අසූ නවය කාලයේ සමාජ පරිවර්තනයට දායක වූ සහෝදරියක සහෝදරයෙකු ගැන මූලික කරගත් සෞන්දර්යාත්මකව ප්‍රතිනිර්මාණය කෙරුණු නවකතාවක් මේ රටේ ලේඛකයන් නොලියන බවත් ඔවුන් එය නොලියන්නේ ජනතා විමුක්ති පෙරමුණ නම එහි කොතැනක හෝ ලිවීමට සිදුවන නිසා බවත් ඔහු ප්‍රකාශ කළේය.
මිනිසා එවැනි නිර්මාණ බිහි නොවන බවද අමාත්‍යවරයා පැවසීය.
(ඡායා බිමල් ශ්‍යාමන් ජයසිංහ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියල්ලම ඇත්ත...
89 සහෝදර සහෝදරියෝ? ඒ කාලේ හිටියේ මිනීමරු ත්‍රස්තවාදීන්, ඔවුන් නම් කුහකයි තමයි.
සමාජ පරිවර්තනය කෙසේ වෙතත් කුහක වැඩ නන් ගොඩක් නවකතාවේ ලියන්න පුලුවන්. ආන්ඩුවට මුදල් ලැබෙන එක වළක්වන්න විදුලි මීටර් පොලු වලින් ගහලා කුඩු කරපු හැටි, ට්‍රාන්ස්ෆෝමර් විනාශ කරලා පළාතම අදුරේ තියලා ජන ජීවිතයට බාධා කරපු හැටි වගේ කුහක වැඩ නොලියා නව කතාවක් ලියන එක හරි අමාරුම වැඩක් නෙමේ කරන්නම බැරි වැඩක්...
ලන්කාවේ ඉන්න කුහකම මිනිස්සු තමයි ජෙවීපී කාරයෝ... ඒව්වගේ කුහකයින් ගැන ලියන්න කැමති කුහකයෙක්ම තමා... ලංකවේ ලේඛකයෝ කුහක නැහැ...
ලාල් ඇමතිගේ කතාව ඇත්තයි. බොහෝ ලේඛකයෝ එසේයි. නමුත් වෙනත් අර්ථයකින් ය. මේ රටේ ප්‍රගමණයට සත පහක වැඩක් නොකළ එසේ ම නිතර ම රටේ අවගමනය වෙනුවෙන් ම වැඩ කළ ජවිපෙයට හීන් සීරුවේ සුදු හුණු ගාන්නේ ලේඛකයන් යැයි කියා ගන්නා අහීනය. මාර්ටින් වික්‍රමසිංහ, කේ. ජයතිලක වාලේ ලේඛකයින්ට මෙය අදාළ නොවුණත් මෑත දී පෑන අතට ගෙන සම්මාන ද ලබා ගන්නා ලේඛක පිරිස විලිලජ්ජාවක් නැතුව කඩේ යන්නේ මාලිමාවටයි. පසුගිය මැතිවරණවල දී ඒ බොහෝ දෙනා තම ලේඛක පට්ටම ඒ වෙනුවෙන් යොදා ගෙන මේ වන විට විවිධ මංඩලවල තනතුරු ද ලබා ගෙන ඇති සැටි විමසා බැලීමෙන් ඒ වග අවබෝධ කර ගත හැකියි.
එවකට ත්‍රස්තවාදීන් ගැන කුණුහරප ලියන්න කවුද කැමැති.
කුහක වංශ කියලා පොතක් ලිව්වා නම් ලියන්න පුළුවන් ලොවෙත් නැති වෙන්න. කොටස් 10ක් වතර ලියලා, එතැනින් පස්සේ පටන් ගන්න පුළුවන් පච වංශ කියලා...
ආසියාවේ ආස්චර්‍ය කියලා? කුහක නොවී පොතක් ලියන්න බැරියෑ?
සහතික ඇත්ත...
නිහාල් ද සිල්වා මහතා ඉතා හොඳ පොතක් ලියා තියනවා. කිසිම කුහක කමක් නැතිව.... ලාල් කාන්ත මහතා කියවලා නැතිවා වගේ...
අටුවා ටීකා ඕන නෑ.නූතන ජෙප්පෝ කියන්නේ අමුම අමු කුහකයෝ . පරත්තකාමි ජෙප්පන් එකල විප්ලවයේදී මිය ගියෝය .
කවුද කැමති වෙන්නේ තමුන්ගේ පවුලේ අයව මරපු, අසල්වැසියාව මරපු, කට කපපු, බෝඩ් එල්ලලා කුඹුරේ හිටවලා තියපු, හන්දියේ හිටවලා තියපු, පීඩාවට පත් කරපු අය ගැන ලියන්න.... කොහොමද ඒවා ගැන ලියන්නේ...?
මොවුන් කියපු ආකාරයට පැවැති ආණ්ඩු අවුරුදු 76 ක් කලේ මොනවාද අහපු කාලයෙන් අවුරුදු 54 ක්ම රටේ සංවර්ධනය විනාශයට ඇද දැමූ ජෙප්පෝ කරපු දේවල් ගැන ලේඛකයෝ පසුගිය ජනාධිපතිවරණයට පෙර පොත් ලිව්වා නම් මේ ආණ්ඩුව කිසිමදාක බලයට පත්වෙන්නේ නැහැ කියලා තේරුම්ගන්න බැරිව රටේ පාලනය කරන්නේ කොහොමද?
ලංකාවේ ලේඛකයොත් මනුස්සයෝ. කවුද නිර්භීත වෙන්නේ ජෙප්පෝ ගැන පොතක් ලියලා මැරුම් කන්න. හොඳට මතකයි ඒ දවස්වල ජෙප්පෙක් දිහා බලන්නත් බයයි, රෑට සහෝදරවරු ගෙදරට එයි කියන බයට. දැනුත් සමාජ මාධ්‍යයකට ආණ්ඩුව සුළුවෙන් හරි විවේචනය කරලා ලිව්වොත් සිය ගණනක් තර්ජන එනවා. එහෙම එකේ ඒ කාලෙ මරපු හැටි, වද දීපු ඒවා, ගෙවල් ගිනිතියපුවා, බස් පුච්චපුවා, රජයේ දේපොළ විනාශ කරපුවා ගැන ලියලා හත්මුතු පරම්පරාවම මැරුම් කන්න කවුද කැමති?
ශාලාවේ සූ ගාලා සෙනඟ නේද? පොතේ මොනවා තිබුණත් මෙන්න මේකයි තත්ත්වේ.
කලාකරුවන් කියන අයගෙන් සාතිශය බහුතරය කුහකයි. ඒ කතාව ඇත්ත. නමුත් ලාල් සහෝදරයා ඇතුළු පක්ෂය කුහක නොවන අවංක ජනතාවාදී ලේඛකයෙක් බිහි කරන්න මොනවද කරලා තියෙන්නේ. දැනටවත් යමක් කරනවාද. මොකුත් නෑ. ප්
ඇත්ත වශයෙන් අතිබහුතරය කුහකයි. අනෙක් අය එක එක තැන්වල ලැග සිටින එක එක මාදිලියේ පණ්ඩිතයන් සහ අති පණ්ඩිතයන්. නමුත් ලාල් සහ පක්ෂය අවංක හර්දයසාක්ෂියක් ඇති ලේඛකයන්, කලාකරුවන් බිහිකරන්න මොනවද කරලා තියෙන්නේ. දැනටමත් මොනවා හරි කරනවද? මං හිතන්නේ පක්ෂය ඇතුළෙන් එහෙම කෙනෙක් බිහි වෙන්න සරු පොලොවක් පක්ෂය ඇතුළේ නම් ඇත්තේම නෑ.
ඔන්න අපි ලාල් සහෝදරයාගේ ඉල්ලීම අනුව පොතක් ලියන්න පටන් ගනිමු. එකමත් එක රටක ටී56 කියලා කට පුන්චෙක් හිටියා. එයාට වහ වැටුනු තරුන රැලක් හිටියා. ඒ අය අවුරුදු 35ක් විතර කලින් කාලේ ඔය කට පුන්චාවත් අරන් දූපත් රාජ්‍යයක් වෙනස් කරන්න හැදුවා. අප්පෝ කියලා වැඩක් නෑ. අද වුනත් මතකයි බැන්කු කැඩුවා, රාජ්‍ය සේවකයන්ට කට පුන්චාගෙන් කොකා ගස්සලා එලොව යන්න පාර හදලා දුන්නා. එතකොට පුද්ගලික දේ පවා වෙනස් කරා. අද වුනත් ඔය අගලවත්ත කියන පලාත පහුකරාම තියන ඩැල්කීත් වතුයායේ කොනේ ගියාම තියනවා මේ තරුනයෝ ගිනි දෙවියාට පුද පූජා තියලා ඒ වතු යායේ ගොඩනැගිලි යන්ත්‍ර සූත්‍ර එහෙම විනාස කරපු හැටි. සොරි වෙනස් කරපු හැටි. කවුද දැන් කතාවේ ඉතුරු ටික කියන්නේ...