
(සුජිත් හේවාජුලිගේ)
සුදු අරලිය හෝටලයට යාබදව නිත්‍යානුකූල නොවන ඉඩම් කෑල්ලක් තිබෙන්නේ යැයි පිළිගන්නා බවත් එම ඉඩමේ වැට ගලවා දැමීමට තමා සූදානම් බවත් ප්‍රසිද්ධ ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පැවසීය.
"අපි කවුරුත් නීතියට යටත් විය යුතුයි" යැයිද ඔහු සඳහන් කළේය.
සිරිසේන මහතා මෙසේ පැවසුවේ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරික හමුවකදීය.
ඩඩ්ලි සිරිසේන මහතා මෙසේද කීය.
අපි කණ්ඩායමක් වශයෙන් මේ අවස්ථාවේදී එකතුව ගමනක් යා යුතුයි. ආණ්ඩුවට උදව් කළ යුතුයි. මම මේවා කියන්නේ සුදු අරලිය හෝටලය බේරගන්න හිතාගෙන නම් නෙවෙයි.
ඒ වගේම මම ආණ්ඩුවට කඩේ යනවත් නෙවෙයි. මැයි මාසය වෙනකන් හෝටලයේ වෙඩින් බුකින් වගයක් තියෙනවා. ඒවා ඉවර වුණ ගමන් මම ඒක කඩල අලුතින් හදනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක තමයි. ආණ්ඩුවට ඕනෑ වෙලාවට නෙමෙයි ඩඩ්ලිට පහසු වෙලාවක එයා ඒක කරයි. ලාල්කාන්තට තියෙන්නේ කරබාගෙන සද්ද වහල ඉන්න.
ආවද ආයුබෝ වේවා...
ඩඩ්ලිය කියන්නෙත් අර පොලිස්පති තුමා කිව්ව ජාතියේ, මාධ්‍ය වලින් ෆෝම් කරපු කබ්බෙක් කියලා ඔප්පු වුණා...
ඩඩ්ලියට කඩේ ගියපු එවුන්ට ඩඩ්ලියම ඇරියා!
ලොකු හාල් මෝලක් තිබ්බ පලියට මේකා පොරක්ද? මේ කබ්බා පිම්බුවේ මාධ්‍යම තමා.
වෙන රටක මෙහෙම දෙයක් වෙලා පස්සෙ වැට ගලවන්නම් කිව්වානම් හෝටලයත් ඉවරයි මෙයත් හිරගෙදර. ඒවාගෙම දඩ මුදලක් ගෙවන්න වෙනවා .තමන් දැනගෙන කරපු නිසා. අපේ රටේ නිතීය තවමත් පන අදිනවා. නීතිය කියන්නෙ නියමිත වෙලාවට කරන දෙයක් මිසක් මිනිසාට කැමති වේලාවට නොවේ දුප්පත් මිනිසෙක් මේ දේ කෙරුවානම් වැටයි හොටලේයි දෙකම බිම නේද
මෙතැන මෝඩ අදහස් දාන නූගත් කීපදෙනෙක් ඇරෙන්න බහුතරය රටේ නීතියට අනුව කටයුතු කිරීමේ අවශ්‍යතාව තේරුම්ගෙන තියෙනවා. ඒ ගැන වර්තමාන රජයට ප්‍රණාමය.
ආණ්ඩුවට ඕනේ වෙලාවට නොවේ ඩඩ්ලිට කැමති වෙලාවට තව මාස 9 කට පස්සේ ඩඩ්ලි කැමති නම් ඕක ගලවල දමාවි ,ආණ්ඩුවේ සහල් උපදේශක ලෙස කටුතු කරන රටේ සහල් මිල තීරණය කරන ඩඩ්ලිට ඔය වැට ගලවනවද නැද්ද ? කරනවා නම් කරන්නේ කවදද කියල තීරණය කරන එක මහා දෙයක් නොවේ , නමුත් අපේ ගමේ මලිමවට කැන්වසින් කරපු බීච් එකේ කොල්ලෝ දැනට වසර 10 කට පෙර සිට වෙරල අසල සින්නකර ඉඩම් වල අටවාගෙන පොල්ලතු සෙවිලි කල රෙස්ටුරන්ට් මඩු ටිකත් , ආණ්ඩුව බැකෝ එකක් ගෙනත් එක දිගටම ගලවලා දැම්ම එක ගැන ,
ඉතින් ඔහුගේ හෝටලය ඉදිරිපිට නුවරඑළිය ගස් ගැන කුමක් කිව හැකිද? ඩඩ්ලි විසින් විනාශ කරන ලදී.
කෝ අර ලාල් කාන්තට කෝචොක් කල අය? අර රනිල් ඇතුළට දාල පෙන්නන්නකෝ, මහින්ද ගෙදරින් යැව්වද ඇහුව, සියල්ල වෙලාවට කලාවට වෙනව. ජයවේවා මාලිමාවට, විපක්ෂ සියල්ල හෝදගෙන යනව
සමාජයට පිළිකාවක්. දේශපාලනඥයන් ඔහු මත යැපෙන නිසා ඔහු ඔවුන්ට බිය නැත.
ඩඩ්ලි කියන්නේ විකාර... මෛත්‍රීපාලගේ කලු සල්ලි සුදු කරපු ලොන්ඩරියක්... දැන් පැලවත්තට කඩේ යනවා උපාසක ලීලාවෙන්...
ඉඩම බලෙන් අල්ලා ගත්තාට, එකේ ස්වභාවික පරිසරය විනාශ කළාට දඬුවම් මෙයාට දඬුවම් නොකළ යුතුයි. මොකද මෙයා පොල්ගෙඩියක් සොරකම් කළ නැතිබැරි එකෙක් නොවෙන නිසා.
මිනිහෙක් ප්‍රසිද්ධියේ වරද පිළිගෙන හරි මගට එනවා නම්, නීතියට ගරු කරනවා නම් ඒක ලොකු දෙයක්... මොන මගුල වුණත්, ආණ්ඩුව ලබන ජයග්‍රහණයක් හොද ආදර්ශයක්...