(මනෝප්‍රිය ගුණසේකර)
කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කරමින් මාස 18 ක කාලයකදී රුපියල් කෝටි 27කට අධික වත්කම් උපයා ගත් බවට කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත්‍රයාට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අද නඩු පවරන ලදී.
කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ වසර 1 1/2ක කාලය තුළදී උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකි රුපියල් කෝටි 27කට අධික මුදල් වියදම් කරමින් කොළඹ අගනරයේ මහල් නිවාස සංකීර්ණවලින් නිවාස මිලදී ගැනීම්, සුඛෝපභෝගී නවීන පන්නයේ මෝටර් රථ මිලදී ගැනීම්, බිරිඳගේ හා තමාගේ නම් වලින් ඇති බැංකු ගිණුම් වල ස්ථාවර තැන්පතු ආරම්භ කර ඇතැයි සඳහන් කරමින් අල්ලස් කොමිසම මෙලෙස නඩු පවරා ඇත.
උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකි වත්කම් උපයා ගත් බවට චෝදනා කරමින් මෙලෙස නඩු පවරා ඇත්තේ කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත්‍රයා වන රමිත් රඹුක්වැල්ල මහතාට එරෙහිවය.
විත්තිකාර රමිත් රඹුක්වැල්ල නමැත්තා දූෂණ විරෝධී පනත යටතේ සඳහන් වරදක් කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කෙහෙළියගේ පුතාගේ මාස 18ක ආදායම කෝටි 27යි
Pradeep Kumara Saturday, 13 September 2025 08:33 AM
මාසික ආදායම කෝටි 1.5ක්. ඇමතිගේ පෞද්ගලික ලේකම් ලෙස රටට විශාල කාර්ය භාරයක් කරමින් අහිංසකයා අමාරුවෙන් උපයා ගත්තු මුදල්. ඒකටත් මේ මිනිස්සු හොරකම් කලා කියනවනේ..
ගුණරත්න Saturday, 13 September 2025 02:26 PM
ඇමති පෞද්ගලික ලේකම් තමා, නමුත් ක්‍රිකට් ගහපු කෙනෙක්, ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට ඔය ගණන හොයන්න අමාරුවක් නැහැ
කෞෂිSaturday, 13 September 2025 04:06 PM
ඒක වෙන්න ඇති හෙව්වේ කොහොමද කියලා ඔප්පුකර ගන්න බැරි... ක්‍රිකට්ම ගහලා වෙන්න ඇති. ඩේසි ආච්චිත් ටීම් එකේ හිටියා නේද? එයාට ගෙව්වේ මැණික් වලින්. තව ගුණේලා දහයක් හිටියා නම් වොෂින් මැෂින්වලින් වැඩක් නැතිවෙනවා...
donSaturday, 13 September 2025 06:00 PM
ඉතින් ඇයි උපයපු ආකාරය කියලා නැත්තේ?
Pradeep KumaraSaturday, 13 September 2025 11:20 PM
ගුණරත්න - මෙයා මැච් කීයක් ගැහුවද කියලා දන්නවාද? මැච් කෙසේ වෙතත් ප්ලේන් එකේ දොර අරින්න ගිහිල්ලා නාඩගමක් නැටුවා කියලා නම් ක්‍රිකට් ලෝකෙම දන්නවා.
ජිල්බු Saturday, 13 September 2025 02:26 PM
ලොකුම පවුල කොහොම කෑමක් කන්න ඇතිද? මුලු රටේම ණය ගෙවන්න සල්ලි හංගගෙන ඇති.
පොඩිඑකා Saturday, 13 September 2025 08:39 AM
මෙන්නෝ…, ව්‍යවස්ථාපිත ඒකාධිපති වාදෙන් අසරණ පොඩි එවුංගෙන් පලිගන්නවෝ…..! බේරගන්න ජාතියන්තරේ වරෝ…!
යක්ක පුතා Saturday, 13 September 2025 09:14 AM
මේ රට මේ විදිහට වත් ඉතුරු වුණු එක පුදුමයි පොහොට්ටුවේ මේ වගේ හොරු ඇමතිවරු විදිහට ඉඳලත්...
Lakmal Saturday, 13 September 2025 09:30 AM
කඩේ යන වහල්ලු තාම ඉන්නවා
maalaka Saturday, 13 September 2025 09:37 AM
මගෙ අම්මේ මාසෙකට ලක්ෂ 150? ඇමෙරිකන් ඩොලර් 5000 මාසෙකට? රටේ අනික් මිනිස්සුන්ටත් කියලා දෙන්නකෝ... කොහොමද හම්බ කරන්නේ කියලා...
චින්තක Saturday, 13 September 2025 09:51 AM
ඇත්තටම මේ මුර්ග පවුල ගල් ගහලා මැරුවත් මදි. පසුගිය කාලේම මොවුන් ජීවත් වෙලා තියෙන්නේම හොරකමින්මනේ...
Nadee Saturday, 13 September 2025 10:14 AM
මේ අය හොදයි කියන මන්ද මානසික නඩයක් තවත් ඉන්නවනේ...
Neel Saturday, 13 September 2025 10:21 AM
කවුරු කඩේ ගියත් අනුර කුමාර ජනාධිපති මේ රට හදනවා.
Deshabandu Saturday, 13 September 2025 10:33 AM
මෙහෙමත් හොරාකන පවුලක්...? කිසිම ලැජ්ජාවක්, ආත්ම ගරුත්වයක් නැති පාටයි.
Perera Saturday, 13 September 2025 12:33 PM
අනේ ඇයි මේ අසරණයන්ට කෝටි 20-30 මාස 18 කට හම්බ කරගන්න දෙන්නේ නැත්තේ... අපාගත වෙන පව් වැඩ ඕවා...
ගමේ එකාලා Saturday, 13 September 2025 01:37 PM
පට්ට හොරු. ජනතාවගේ රීරී මාන්ස හූරාගෙන කාපු ලේ මාපිල්ලු. නුවර පැත්තේ නැවක් වගේ ගෙයක් නිකම් වහලා දාලා. කොළඹ ලක්ෂරි ගෙවල්.. දේපළ රාජසන්තක කළයුතුයි .
Nihal Dharmatileke Saturday, 13 September 2025 01:52 PM
සිරා, දඩුවම් වෙනුවට කදු, පාරවල්, වැසිකිළි පිරිසිදු කිරීමට අධිකරණයෙන් තීන්දු කරාවි කියලාම බලාපොරොත්තු වෙනවා.
The Three Idiots Saturday, 13 September 2025 02:25 PM
මෝඩ පුතාලගේ, තාත්තිලගේ, බාප්පිලගේ ආදායම හිතාගන්නවත් පුළුවන්ද??
fairoos Saturday, 13 September 2025 03:06 PM
මේ එකකෙනෙක් තවත් ඉන්නවා මේ වගේ බයියලා...
Nimal Saturday, 13 September 2025 04:03 PM
තවත් හොද දෙයක්... සියලුම රාජ්‍ය සේවකයින් විශ්‍රාම ගියාම, විශ්‍රාම වැටුප් දමන දුම්රිය බලපත් කපාහරින්න, ඔයිට වඩා විශාල මුදලක් ඉතිරි කිරීමට පුළුවනි.
Asela Saturday, 13 September 2025 04:48 PM
ඉතා හොඳයි. ඒ වගේම, රජයේ විගණක සහ අල්ලස් කොමිසම විසින් නොදැනුවත්ව සහ පරීක්ෂා නොකරන බදු රහිත JVP මෙගා අරමුදල් සඳහාද මෙයම අදාළ විය යුතුයි. එයද විමර්ශනය කළ යුතුයි. සියලුම JVPs සහ "Phapisi" යනුවෙන් හඳුන්වන අය විපක්ෂ මන්ත්‍රීවරයා විසින් ප්‍රකාශ කරන ලද චෙක්පතක් මගින් අරමුදල්වලට මුදල් බැර කරති. මෙම නරක දූෂණ ක්‍රියාව සඳහා, මෙම කුණු වූ රෙජීමයේ අල්ලස් සහ අනෙකුත් රජයේ ආයතන දෙකම නිහඬව සිටිති.
දිනේෂ් Sunday, 14 September 2025 01:58 PM
අසේල, අරමුදලක් කියන එකයි හොරාකෑමයි දෙකක්. අරමුදලට සල්ලි දාන්නේ හොරා කාලා නෙමෙයි. රටට මෙතරම් දේවල් කරලත්, තව කඩේ යනවා කියන්නේ මනුස්සයෙක් වෙන්න බෑ.
අරවින්ද මොණරවිල Saturday, 13 September 2025 09:59 PM
ඔය වගේ සුළු සුළු වැරදි වලට එරෙහිව නඩු දාන්න එපා, පොල්ගෙඩි දෙකක්, කොස් ගෙඩියක්, පාන් ගෙඩියක් හොරකම් කෙරුවා වගේ මහ හොරකම් වලට විතරක් නඩු ! එතකොට තමයි රාජපක්ෂ වික්‍රමසිංහ ප්‍රේමදාස කල්ලියේ බත් බැලයන්ට නින්ද යන්නේ.
Lalla Monday, 15 September 2025 09:52 AM
පොල් ගෙඩිය දුරියන් ගෙඩිය හොරකම් කරන්නේ දුප්පත් ගොවීන්ගෙන්. ඒක දරුණු අපරාධයක් කියල NGO කාරයින්ට තේරෙන්නේ නෑ. වවාගෙන ජීවත්වෙන්න උත්සාහ කරන සාමාන්‍ය ජනතාවට කරන ලොකුම විනාශය කුඩා පරිමාණ හොරකම....