
(මනෝප්‍රිය ගුණසේකර)
කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කරමින් මාස 18 ක කාලයකදී රුපියල් කෝටි 27කට අධික වත්කම් උපයා ගත් බවට කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත්‍රයාට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අද නඩු පවරන ලදී.
කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ වසර 1 1/2ක කාලය තුළදී උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකි රුපියල් කෝටි 27කට අධික මුදල් වියදම් කරමින් කොළඹ අගනරයේ මහල් නිවාස සංකීර්ණවලින් නිවාස මිලදී ගැනීම්, සුඛෝපභෝගී නවීන පන්නයේ මෝටර් රථ මිලදී ගැනීම්, බිරිඳගේ හා තමාගේ නම් වලින් ඇති බැංකු ගිණුම් වල ස්ථාවර තැන්පතු ආරම්භ කර ඇතැයි සඳහන් කරමින් අල්ලස් කොමිසම මෙලෙස නඩු පවරා ඇත.
උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකි වත්කම් උපයා ගත් බවට චෝදනා කරමින් මෙලෙස නඩු පවරා ඇත්තේ කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත්‍රයා වන රමිත් රඹුක්වැල්ල මහතාට එරෙහිවය.
විත්තිකාර රමිත් රඹුක්වැල්ල නමැත්තා දූෂණ විරෝධී පනත යටතේ සඳහන් වරදක් කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාසික ආදායම කෝටි 1.5ක්. ඇමතිගේ පෞද්ගලික ලේකම් ලෙස රටට විශාල කාර්ය භාරයක් කරමින් අහිංසකයා අමාරුවෙන් උපයා ගත්තු මුදල්. ඒකටත් මේ මිනිස්සු හොරකම් කලා කියනවනේ..
මෙන්නෝ…, ව්‍යවස්ථාපිත ඒකාධිපති වාදෙන් අසරණ පොඩි එවුංගෙන් පලිගන්නවෝ…..! බේරගන්න ජාතියන්තරේ වරෝ…!
මේ රට මේ විදිහට වත් ඉතුරු වුණු එක පුදුමයි පොහොට්ටුවේ මේ වගේ හොරු ඇමතිවරු විදිහට ඉඳලත්...
කඩේ යන වහල්ලු තාම ඉන්නවා
මගෙ අම්මේ මාසෙකට ලක්ෂ 150? ඇමෙරිකන් ඩොලර් 5000 මාසෙකට? රටේ අනික් මිනිස්සුන්ටත් කියලා දෙන්නකෝ... කොහොමද හම්බ කරන්නේ කියලා...
ඇත්තටම මේ මුර්ග පවුල ගල් ගහලා මැරුවත් මදි. පසුගිය කාලේම මොවුන් ජීවත් වෙලා තියෙන්නේම හොරකමින්මනේ...
මේ අය හොදයි කියන මන්ද මානසික නඩයක් තවත් ඉන්නවනේ...
කවුරු කඩේ ගියත් අනුර කුමාර ජනාධිපති මේ රට හදනවා.
මෙහෙමත් හොරාකන පවුලක්...? කිසිම ලැජ්ජාවක්, ආත්ම ගරුත්වයක් නැති පාටයි.
අනේ ඇයි මේ අසරණයන්ට කෝටි 20-30 මාස 18 කට හම්බ කරගන්න දෙන්නේ නැත්තේ... අපාගත වෙන පව් වැඩ ඕවා...
පට්ට හොරු. ජනතාවගේ රීරී මාන්ස හූරාගෙන කාපු ලේ මාපිල්ලු. නුවර පැත්තේ නැවක් වගේ ගෙයක් නිකම් වහලා දාලා. කොළඹ ලක්ෂරි ගෙවල්.. දේපළ රාජසන්තක කළයුතුයි .
සිරා, දඩුවම් වෙනුවට කදු, පාරවල්, වැසිකිළි පිරිසිදු කිරීමට අධිකරණයෙන් තීන්දු කරාවි කියලාම බලාපොරොත්තු වෙනවා.
මෝඩ පුතාලගේ, තාත්තිලගේ, බාප්පිලගේ ආදායම හිතාගන්නවත් පුළුවන්ද??
මේ එකකෙනෙක් තවත් ඉන්නවා මේ වගේ බයියලා...
තවත් හොද දෙයක්... සියලුම රාජ්‍ය සේවකයින් විශ්‍රාම ගියාම, විශ්‍රාම වැටුප් දමන දුම්රිය බලපත් කපාහරින්න, ඔයිට වඩා විශාල මුදලක් ඉතිරි කිරීමට පුළුවනි.
ඉතා හොඳයි. ඒ වගේම, රජයේ විගණක සහ අල්ලස් කොමිසම විසින් නොදැනුවත්ව සහ පරීක්ෂා නොකරන බදු රහිත JVP මෙගා අරමුදල් සඳහාද මෙයම අදාළ විය යුතුයි. එයද විමර්ශනය කළ යුතුයි. සියලුම JVPs සහ "Phapisi" යනුවෙන් හඳුන්වන අය විපක්ෂ මන්ත්‍රීවරයා විසින් ප්‍රකාශ කරන ලද චෙක්පතක් මගින් අරමුදල්වලට මුදල් බැර කරති. මෙම නරක දූෂණ ක්‍රියාව සඳහා, මෙම කුණු වූ රෙජීමයේ අල්ලස් සහ අනෙකුත් රජයේ ආයතන දෙකම නිහඬව සිටිති.
ඔය වගේ සුළු සුළු වැරදි වලට එරෙහිව නඩු දාන්න එපා, පොල්ගෙඩි දෙකක්, කොස් ගෙඩියක්, පාන් ගෙඩියක් හොරකම් කෙරුවා වගේ මහ හොරකම් වලට විතරක් නඩු ! එතකොට තමයි රාජපක්ෂ වික්‍රමසිංහ ප්‍රේමදාස කල්ලියේ බත් බැලයන්ට නින්ද යන්නේ.