
(සුජිත් හේවාජුලිගේ)
ප්‍රසිද්ධ පාතාලකරුවන් සමඟ ගනුදෙනු පැවැත්වූ බව පැවසෙන හිටපු මැති ඇමතිවරුන් දේශපාලනඥයන් ඇතුළු විවිධ ප්‍රභූ පුද්ගලයන් විස්සකට වැඩි පිරිසක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරියේදී ඡායාරූප ද සමඟ තොරතුරු හෙළිදරව් කිරීමට ආණ්ඩුව බලාපොරොත්තුවෙන් සිටින බව ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ අතර පාතාලකරුවන් සමඟ පැවැත් වූ ගනුදෙනු සම්බන්ධයෙන්විවිධ දේශපාලඥයන්ට චෝදනා එල්ල කිරීම හේතුවෙන් දේශපාලන පිටියේ මේ දිනවල උණුසුම් තත්ත්වයක් මතුව ඇත.
පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අද විවිධ කරුණු දැක්වීම් කිරීමට ආණ්ඩුව බලාපොරොත්තුවෙන් සිටී. මේ හේතුවෙන් අද මැති සබය උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාද පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කිරීමට නියමිතය.
මේ අතර පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් පාතාලකරුවන් සම්බන්ධ පැවැත්වෙන විමර්ශන සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය විවිධ හෙළි කරන තොරතුරුවලින් එම පරීක්ෂණවලට බාධා මතුව ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
මෙම පාතාලකරුවන් ඇතැම් දේශපාලඥයන් සමඟ පැවැත්වූ මුල් සබඳතා පිළිබඳව තොරතුරු ගණනාවක් දැනට අනාවරණය වී ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. එහෙත් පරීක්ෂණ අවසන් වන තුරු ඒ පිළිබඳ සම්පූර්ණ විස්තර හෙළිදරව් කළ නොහැකි බවද හෙතෙම පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුවේ කියනවම් පට්ට බොරුවක් එහෙමනේ කිව්වේ නේ...
මලකෙලියයි. මධුෂ්ගේ මලගෙදර ගිය එක ගැනත් කතාකරයිද දන්නේ නෑ...
සෙල්ෆි ගහපුවා විතරක් මදි හොඳේ. ඊබ්‍රහිම් නානා එක්ක වගේ ලඟම සම්බන්ධයක්, ගැඹුරු ගනුදෙනුවක් තිබුණා කියලා ඔප්පු කරන්නත් ඕනෑ...
දිනපතා පාතාල මිනීමැරුම් වෙන්නේත්, කන්ටේනර් පිටින් කුඩු, අයිස් රටට එන්නේත් මොන ආණ්ඩුව යටතේද කියල දැන් හැමෝම දන්නවා. එහෙනම් මුලින්ම මාලිමා ඇමතිලා ගැන විමර්ශනයක් කලොත් නේද හොඳ?
ජාත්‍යන්තර බුද්ධි අංශ දන්වලා තියෙද්දිත් කුඩු කන්ටේනර් දෙක වරායෙන් පන්නගන්න උදව් කරපු මාලිමා දේශපාලන බලවත්තු කවුද?
ඔයාලානේ ඒවා තැන තැන කියන්නේ. ඒවා තමා මාධ්‍ය වාර්තා කරන්නේ....
හාද වෙලා යමන් පනේ සිරි සැප දෙඤ්ඤයි, නුඹට රේන්ද රිදී පට කම්බා අඳින්ට දෙඤ්ඤයි... ගාලු දුවඤ්ඤයි මම කොළඹ දුවඤ්ඤයි, උඹට කුඩු මුලකුයි තුවක්කුවයි ගෙනැල්ලා දෙඤ්ඤයි.
කාල වරෙන්කො.
මගේ නමත් ගෑවිලනම් නියමයි. මමත් එතකොට ප්‍රභූ.
දේශීය නිෂ්පාදන ක්‍රියාවලියට එරෙහි වන අය හෙලා දකිමු! සැමතැන මේ පැක්ටරි බිහිවී සීතල රටක සිහිනය සැබෑවී එය ආසියාවේ ආශ්චර්යය වේවා.
ඒ ඇත්තෝ හිටපු අය නම් කෙලින්ම නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්න පුලුවන් නෙ.මේ ඉන්න අයට කියල වැඩක්නැහැනෙ. ඇයි එහෙම නොකරන්නෙ? මට හිතෙනහැටි.
සියලු පරීක්ෂණ නිමකොට නීති ක්‍රියාත්මක කරන තෙක් සන්දර්ශන නවත්වා, එය පොලීසියට සහ අධිකරණයට භාර දිය යුතුයි. රජයේ වැඩ කටයුතු අවුරුද්දක් ගත වීත් එතනමයි.
"වරු" ලා බරගානක් ඇති.
ගහපු බෙරේකුත් නෑ, බෙරේ පලුවක්වත් නෑ. ප්‍රබල පාතාල ක්‍රියාකාරින් කිප දෙනෙකුම පසුගිය කාලේ අත්අඩංගුවට පත්වූ සෑම විටම කිව්වේ දේශපාලුවන්ගේ නම් හෙලිකලා කියලා. හැබැයි තව අද වෙනතුරු මාධ්‍ය තුලින් නම් අපි දැක්කේ නෑ,
ඇමතිතුමෝ අනේ තවත් වරක් නම් නාලා හා ගන්න ලෑස්තිවෙන්න එපා.
නාලා ගාගන්නේ මොන අමතිලාද කියලා වාඩිවෙලා පොඩ්ඩක් බලන් ඉන්න @sene
ඔප්පු කරන්න පුලුවන් ව්‍යාජ නොවන සාක්කි ඇතුව ඔය වැඩේ කරාට වරදක් නෑ. ආවාට ගියාට නම් දාලා මිනිසුන්ට අපහාස කරන්න විතරක් එපා. නැත්නම් උගන්ඩා කුමාරි කිව්වා වගේ දැන දැන චන්ද ගන්න මැතිවරන බොරු කිව්වා වගේ වෙයි. එහෙමත් නැත්නම් සමන් ඒකනායකට නඩු දාන්න එන්න කියලා ආපහු එන්න එපා කියන්න වුනා වගේ වේවි. දෙකම චොර වැඩ. නියම හොරු එලිකලාට කමක් නෑ.
@sene, අයිස් බාත් ගත්ත අයටද කිව්වේ?
@sene, ඔයාලා වගේ බයියෝ මේ රටට පිළලයක්.
කොහොමත් ඔය පාතාලයෙ ඉන්න එවුන් එක්ක දේශපාලනය කරන එවුන් සමිබන්ධයක් තියනව නැත්නම් උන්ට වැඩෙි කරගන යන්න බැහැනෙ. ඕක මෙි රටේ ඉන්න හැම කෙනෙක් ම දන්නව. පොලිසියට අහුවුනොත් එක කෝල් එකයි බඩු එලියෙ. එහෙමනෙ වුනේ. එහෙම කරල තියන එවුන් අනිවාර්යයෙන්ම නීතිය හමුවට පමුනුවන්න
හිටපු දූෂිත දේසපාලුවෝ පාතාලය එක්ක සම්බන්ධකම් පැවැත්වු බව දන්නෝ හොන්දාකාරවම දන්නවා. සුදුවෑන් ඝාතන අතුරුදන් ,වගේම ඡන්දේ කාලේ කරපු කඩාකප්පල්කාරී ජඩ වැඩ වලට පාතාලේ ආශිර්වාදය ලැබුණා.
හොරු ඉන්නවානම් මූලික ව්මර්ශන කටයුතු පරස්පරතා නැතුව සකසා නැවත නැවත විමර්ශන කිරීමට නොතබා ඉදිරිපත් කලොත් වැදගත්කමක් තියෙනවා උදාහරණයක් හැටියට හිටපු ජනාධිපතිතුමා එංගලන්තයේ විශ්ව විද්‍යාලයක් එවපු ලිපියක් ඉදිරිපත්කලාම ඒ ගැන විමර්ශනයකින් සත්‍ය අසත්‍ය බව නොසොයා ඉදිරිපත් කළ නිසා මොකද වුනේ.
රට දියුණු කිරීමට පෙර මත්ද්‍රවය සහ දුෂණය නැවත්වීමට / අවම කිරීමට කටයුතු කළ යුතුවේ. දේශපාලන රැකවරණ නොමැතිව මත්ද්‍රව්‍ය, පාතාලය, දුෂණය පවත්වාගෙන යානොහැක. රට ගොඩනැගීමට පැමිණි පිරිස විසින්ම රට විනාශ කරමින් සිටි බවක් රටේ පුරවැසියනට තේරුම් ගැනීමට අවස්ථව ලැබී තිබේ. රටේ දුෂණය සහ මත්ද්‍රව්‍යට එරෙහිව රටේ පුරවැසියන් විරෝධතා දැක්විය යුතුය. මහජන විරෝධය ඉදිරියේ සියලු දුෂිත කටයුතු සහ දුෂිත දේශපාලකයන් පරාජය වේ.