
(දිනේෂ් සමරකෝන්)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ විජේරාමේ පිහිටි ඔහුගේ නිල නිවසින් අද (11දා) පිටව ගියේය.
හිටපු ජනාධිපතිවරන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත සංශෝධනය කිරීමත් සමඟ හිටපු ජනාධිපතිවරයා මෙලෙස සිය විජේරාමයේ පිහිටි නිල නිවසින් පිටව යාමට කටයුතු කළේය.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)

කඳුළු පිරි දෑසින් හිටපු ජනපති ආර්‍යාවත් විජේරාමයෙන් නික්ම ගිය අයුරු





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දහස් ගණනක කදුල නිමුව කෙනෙක්ගේ ඇස්වලට දෙන කදුළුවල ණය ගෙවන දාට මුහුදේ වතුරත් මදිවෙයි හෝදන්න.
කෝ අර වාචාලයෝ ටික. එදා කිව්වා නේද මෙයාට ගෙයක් අරන් දෙනවා කියලා.
අලුත් පරම්පරාව තාත්තල අම්මල වෙනකල් බලන් ඉන්න වෙනවා කාලගුණ සළකන්න ඉගෙන ගන්න.
බලයේ තිබුණද නැතුව ද ගෞරවනිය ආකාරයට තනතුරු වරප්‍රසාද අත්හැරීමට නීතියෙන් නොව තමා විසින්ම ප්‍රගුණ කළයුතු කාරණයක්
ඇති යාන්තන් ගියා .
පමණ ඉක්මවා ගිය වරප්‍රසාද භුක්තියේ අවසානය. ඉන්න තැනක සතුටින් ඉන්න.
බහිරවයා වගේ ඉන්නේ නැතුව මීට කලින් නම්බු පිටින් යන්ඩ තිබුනා. සුබ ගමන්.. බලයේ හිටපු කාලේ මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ වලින් ගසාකාපුවා හැටියට හොද තැනක් හොයාගන්ඩ බැරියෑ...
මහින්ද රාජපක්ෂ වටා සිටිනා සියලු දේශපාලකයන් මහින්ද වෙනුවෙන් පෙනී සිටින්නේ ඔහුට තිබෙනා විශේෂ ගවුරවයක් නිසා නොවේ. ඔහුට තිබෙන්නා වූ යම් ජනප්‍රියත්වයක් පාවිච්චි කරමින් ඔහු වටා සිටිනා සියලු පුද්ගලයින් දේශපාලනයක් දී සිටි මහින්ද වටා සිටිනා දේශපාලකයන්ට මහින්දව එතරම් වැදගත් නම් / එතරම් කැමැත්තක් හෝ ලැදියාවක් දක්වන්නේනම් මහින්ද කැමති නිවසක් කොළඹ නගරයෙන් ලබාදීමට නොහැකිවූයේ ඇයි?
ඔහු දැන් දුර්වලයි. ඔහුගේ පාලනයේ අඩුපාඩුව කුමක් වුවත්, බෙදුම්වාදී යුද්ධය නැවැත්වීමට ඔහුගේ පාලනයට හැකිවීම ගැන මම ආචාර කරමි. අපට බොහෝ ජනාධිපතිවරු සිටි අතර එය පරාජය කළ එකම තැනැත්තා ඔහුයි. ප්‍රේමදාස පාලන සමයේදී ප්‍රේමදාස සහ රන්ජන් ජවිපේ තරුණයින්ට කළ කෲරකම් ගැන පැමිණිලි කිරීමට ජිනීවා ගිය අවස්ථාවේ මහින්ද වීරයෙකි. දැන් බලය ලැබුණේ ජවිපෙට වන අතර මහින්ද ගැන කිසිවෙකු කතා නොකරයි. සිංහල ජාතියේ ශ්‍රී ලංකාවේ ඓතිහාසික යථාර්ථය පිළිබඳ රොබට් නොක්ස් විසින් රචිත වාර්තාවක වඩා හොඳින් ලියා ඇත. ඔහු පැවසුවේ "බාහිරව ප්‍රසන්න හැසිරීමක් නමුත් ඕනෑම අවස්ථාවක පාවා දෙනු ලැබේ. දේශපාලනයේ අමුතු සහචරයින්..
ඉස්සරහට සුනාමිය වගේ කඳුළු ගලයි. මතකද ඒ කඳුළු වලින් හම්බකරපු විදිය. තව ඉස්සරහට දුක වැඩිවෙයි.
රටටම ආසියාවේ ආස්චර්‍ය පෙන්වලා නික්ම යන ආරන්චියට සෙනග හෝ ගාලා ඇවිත්..
එදා මොහු සිප ගනිමින් බේරාගත් කුඩු ලංසාගේ කුඩු ගසන තරුණ ළමුන්ගේ දෙමාපියන් කී දාහක් දැනුත් කදුලු සලනවා ඇද්ද?
හැම පෝයටම අරලියගහ මන්දිරේ බණ කියෙව්වාට, කියෙව්ව බණ අහං ඉදලා නෑ. ඒ බණ අහලා, බුදුන් වහන්සේ දෙසූ අතහැරීම පුරුදු කළානම් අද මෙහෙම අඩන්න වත් පීචං වෙන්නවත් සිද්දවෙන්නේ නෑ...
මගේ අම්මෝ... දැන් ගෙවල් 100ක් විතර... දෙනවා කියලා පම්පෝරි ගැහුවේ...
මෙහෙමත් මුදල් අවභාවිතා කිරීමක්…. ලජ්ජා වෙන්න ඕනේ එලවනකල් හිටපු එක ගැන… පෝ…පෝඩා…පෝ…..
රජ මැදුර අපේ අද අඳුරු වෙලා මේ මොකද උනේ පත්තු වෙන්නෙ නෑ සාලෙ බල්බේ