
(සුජිත් හේවාජුලිගේ)
පහළොස් දෙනෙකුගේ ජීවිත අහිමි කරමින් ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී අනතුරටපත් බස් රථය පොදු ප්‍රවාහනය සඳහා ලියාපදිංචියෙන් ඉවත් වූ එකක් බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය
ජාතික ගමනාගමන කොමිෂන් සභාව 2023 වර්ෂයේදී එම බස් රථය පොදු ප්‍රවාහනය සඳහා ලියාපදිංචියෙන් ඉවත් කර ඇතැයි පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා බස් රථය සාමාන්‍යයෙන් නිවසේ භාවිතය සඳහා වෙනස්කම් කර තිබූ වාහනයක් ලෙස හඳුනාගෙන ඇතැයිද සඳහන් කළේය.
සාමාන්‍යයෙන් පළාත් අතර පොදු ප්‍රවාහන සේවා කටයුතු කරන්නේ නම් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ලියාපදිංචි වී අවසර ලබා ගැනීම අත්‍යවශ්‍ය බව පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හරි, නමුත් කෝටියක් විතර වටිනා බස් එකක් කොහොමද නිකම් විසික් කරලා දාන්නේ? ආණ්ඩුව මිනිස්සු ගැන ඔය තරම් අනුකම්පා නම් පොඩි මිනිහාගේ පොදු ප්‍රවාහනෙට ගහන 300% බද්ද අයින් කරලා සහන දෙන්න.
ඔක්කොම මගුල් හොයාගන්නේ අන්තිමටම කෙලවුනාට පස්සේ තමයි. දැන් ඉතින් ඕක හොයාගත්තා කියලා ඇති පලේ මොකක්ද? ඇදුම් තරමේ දැන්වත් ඔය තොරොම්බල් කරත්ත පාරෙන් ඉවත් කරන්න කොන්ද පනැති වැඩපිළිවෙලක් යොදන්න බලධාරීන්ගේ ඇස ඇරේවා..! මම අහලා තියෙනවා නවසිලන්තේ මගී ප්‍රවාහනයේ යොදවන බස්, කාර් හා වෑන් සෑම මස 6 කට වරක්ම අනිවාර්ය යෝග්‍යතා පරීක්ෂණයකට භාජනය විය යුතු බවත් එය අසමත් වන කිසිදු වාහනයක් අදාළ අඩුපාඩු සම්පූර්ණ කරන තෙක් ධාවනයේ යොදවිම තහනම් බවත්. ඊට අමතරව අදාළ යෝග්‍යතා පරීක්ෂණය සිදුකරන පරීක්ෂක වරයා තම වගකීම නිසි ලෙස සිදු නොකළහොත් ඔහුටද දඬුවම් කරන බව... මෙවැනි ක්‍රමවේදයක් අපේ රටට දැන් නම් අත්‍යාවශ්‍යයි.
වැරැදි හෙවෙන්නේ මොකක් හරි වරදක් වුණාම විතරයි. වැරැද්දක් තිබුණත් අදාල නිලධාරීන්ට ජරාව දීලා හරි වැරැද්ද වහගන්නවා. 2023 ඉදලා මේ බස් එක ට්‍රිප් කීයක් යන්න ඇතිද? ඒත් ඒ අයට අත යටින් සලකලා මේ ගොල්ලන් බේරෙන්න ඇති... ඔන්න ඕකයි තත්වේ...
සිෂ්ට සම්පන්න රටවලට සාපේක්ෂව අපේ රටේ මාර්ග අනතුරු ගැන නිතරම අහන්ඩ දකින්ඩ ලැබෙනවා. රියදුරු පරීක්ෂණයේ සිට සිදුවෙන්නේ දූෂණ වැඩ.
මතකය සුමාන 2යි. මේකද පළමු මේ වැනි බස් අනතුර? දැන් ලෑස්තිවෙමු ඊළඟ අනතුරට කවි ලියන්නට...
ආණ්ඩුව බෙර ගහලා ජනවාරි මාසේ පටන් ගත්තා බස්වල තොරොම්බල්, විච්චූරණ, ටකරම් කෑලි ගලවන්න. බස් මුදලාලිලා ඔක්කෝම එකතු වෙලා තග දැම්මා... වැඩේ සතියෙන් හමාරෙන් ලප් තැනම ලොප්. ආණ්ඩුවේ කොන්ද පණ නැති කමත් මේ වෙච්චි විනාශයට හේතුවක්. ලොරි ටෝක්ස් දිදී කටෙන් බතළ හිටෙව්වාට වැඩක් නෑ, ඒ දේවල් බය නැතුව ක්‍රියාත්මක කරන්න කොන්දක් නැත්තම්. බස් මාෆියාව තියෙන්නේ ආණ්ඩුවට උඩින්....
නිවසේ පාවිච්චියට කියන්නේ ගෙදර විසිතුරු බඩු තියන්නද? පාරේ දුවන්න නොවේද, ගොන් කතා කියලා නූගත් කම පෙන්නන්න එපා...
මාර්ග නීති සහ ධාවනයට සුදුසු සහ මාර්ගයේ යන මේවා ගැන ලියන්න පුළුවන් සිආර් පොත් 50 ක් වුණත් අපේ රටේ බලධාරින්ට එවාගෙන් වැඩක් නැ. උන් ඉන්නේ දෙයක් වුණාම අර වලිගේ අහු වෙච්ච වදුරාගේ වගේ කෑගන්න.
අප්පේ ඔය කියන දේවල් කරන්න යන රස්තියාදුව... ගිහිල්ලා බලන්නකෝ ඔය කියන කන්තෝරු වලට වැඩක් කරගන්න පුළුවන්ද කියලා
යා යුතු දුර බොහෝයි. කවදාවත් ඉගෙන ගන්න එපා.
බස් හිමියාගේ දේපල රාජ සන්ථක කර , මිනිසුන්ට වන්දි ලබා දිය යුතුයි.
BR පර්මිට් ඒක තියෙනව නම් පුද්ගලික ගමන් යාමට බස්වලට පුලුවන්. මගී පුවාහනයට බලපත්‍ර ඇති බස් අදාල නියාමන ආයතනයෙන් අවසර ලබාගත යුතුයි. ඇයි රජය වලිගෙ පාගා ගන්නේ මේකට.
උනුත් එකයි මුනුත් එකයි ඔක්කොම හිතන්නෙ තමන්ගෙ වාසිය ගැන මිසක් මනුස්ස ජීවිත ගැන නෙවේ.මේ දේවල් තේරුන්ගන්න පංකාවෙ මිනිස්සුන්ගෙ මනස තව දියුනුවෙන්න ඕනි.
සම්පූර්ණ වැරදියි ....අර්ථගැන්වීම... පොදු ප්‍රවාහනයෙන් ඉවත් කරල කියන්නෙ මාර්ග බලපත්‍රයෙන් අයින් කරගෙන කියන එක නැතිව ධාවනය නවත්තලා නෙමේ... පොදු ප්‍රවාහනය කරන බස් මෙහෙම තොරොම්බල් කරන්න දෙන්නෙ නෑ...
පොදු ප්‍රවාහන ගමනක්යෑ ගිහින් තියෙන්නේ. trip එකක්නේ. trip යන්නත් පලාත් අතර පොදු ප්‍රවාහන රථයක් ලෙස ලියාපදිංචි වෙන්න ඕනෑද?
විනයානුකූල රියදුරන් බිහිවෙන්නෙ ඕනේ... පිස්සෙක්ට බස් එකක් දුන්නා වගේ නැත්තන් උන් පාරේ යන්නෙ....
සංචාරයකට බස් එකක් ගන්න ගන්නකොට ඒකට අවසර තියනවද කියලා පරීක්ෂා කරන්න ඕනැ. ඒ ගැන සාමාන්‍ය අයට දැනුමක් නැතත් නගර සභාවෙ වැඩ කරන අය දැනගන්න ඕන.