(පුෂ්සපකුමාර මල්ලව ආරච්චි,බිමල් ශ්‍යාමන් ජයසිංහ, තිලකරත්න දිසානායක සහ ගයාන්සූරියආරච්චි)
හිටපු අමාත්‍යවරයකු වන නිමල් ලන්සා මහතා කොච්චිකඩේ පොලිසිය විසින් අද දහවල් අත්අඩංගුවට ගනු ලැබීය.
2006 වසරේ සිදුවූ නිවසකට කඩා වැදී පහරදී දේපළ හානි කිරීමෙ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩුවක් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු වී ඇත.
අදාළ නඩුව අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේ දී හිටපු ඇමැතිවරයා ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන නැති බව අනාවරණය වීමෙන් පසු අධිකරණ නියෝග මත කොච්චිකඩේ පොලිසිය මගින් හිටපු ඇමතිවරයා පොලිසියට කැඳවා අත්අඩංගුවට ගෙන ඇත.
ලංසා අද පස්වරුවේ මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරණ වැරැදි වලට පවා දඬුවම් දීම හොඳයි වගේම හොඳ පූර්වාදර්ශ. බත් මුට්ටි, අයිඩෙන්ටි කාඩ් ඉස්සීමේ සිට මිනීමැරුම් සඳහාත් දඬුවම් ලැබීමේ කාලයකුත් එයි...
දැන් කියයි පළිගන්නවා/ මර්ධනය කරනවා කියලා...
අප්පච්චි මෙදාපාරත් යයිද මෙයාව බලලා බේරා ගන්න...
කුඩු කේසුත් මේ එක්කම ඇදිලා එයි වගේ….
ලංකාවේ කුඩු රජා අත් අඩංගුවට....
මෙන්න ඇල්ලුවා කොටි ගාණක හොරකමක් ඇත්තටම ජෙප්පෝ කියපු දේවල්ද මේ කරන්නේ... හිනා යනෝ... මොවුන්ට මාත් vote කරානේ අපරාදේ?
විජලනය හදාගතෛාත් ඇප ලබාගන්න පහසු වෙයි.
අනේ මන්ද අනේ මන්දා! කොච්චර හොඳ කෙනෙක්ද! හෙලිකොප්ටර් එකක ගිහින් ඉක්මනට එයාව බදාගන්න කෙනෙක් නැද්ද සනසන්න? අපි ඉස්සර නම් දැක්ක කවූදෝ මන්දා කෙනෙක් ඇවිල්ලා මෙයාව බේරාගත්තා.
රාජිතයා, රතන, ලංසා…., අදට ඇති අනේ…, බොනවා කියලා ඔච්චර බොන්න පුළුවන්ද මචංලා…!
"අපේ ආන්ඩුව" ලංකාවේ ඕනෑම වෙලාවක හොඳම එක. "අපේ ආන්ඩුවෙන් බලමු" කියලා නූගත් මිනිහෙක් කිව්වම මට තේරුණේ නැහැ. ඒක කොච්චර ඇත්තක්ද? හැමදේම කරන්නේ "අපේ ආන්ඩුව". ඇන්ටන් බාලසිංහම් ශ්‍රී ලංකා පොලීසිය සහ අධිකරණ පද්ධතිය ගැන නිවැරැදිව කිව්වා...
ඇයි කෝරලගේ දන්නේ නැද්ද ඒ වගේ රාජ්‍ය නායකයෙක් දැනුත් ඉන්නවා... ඒත් එයා නම් ජනාධිපති බලතල අවභාවිතා කරලා අරවගේ තුට්ටු දෙකේ තුප්පහි වැඩ කරයි කියලා හිතන්න බෑ...
මෙයාගේ හිතවතුන් රාශියක් ඉතාලියේ ඉන්නවා. මෙයාගේ අනීතික මුදල් සහ දේපල ඒ අය අතර ගැවසෙන බව මිලානෝ ලාංකිකයන් අතර ප්‍රකටයි. මේ ගැන සොයා බැලීමට බුද්ධි අංශවලට බාරයි.