
(සුජිත් හේවාජුලිගේ)
දූෂණ සිද්ධියක් සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රබල නායකයෙකුද ළගදීම අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව ආරංචි මාර්ග සඳහන් කළේය.
ඔහු අමාත්‍යවරයෙකු ලෙස සිටි කාලයේදී අදාළ අමාත්‍යාංශයේ සේවකයන් පිරිසක් තමන්ගේ පෞද්ගලික කටයුත්තකට යොදා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවත් ඒ සිද්ධිය ගැන සාක්ෂි රැසක් දැනටමත් ලැබී ඇති බවත් රජයේ ආරංචි මාර්ග පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් සේවකයන් පිරිසකගෙන් දැනටමත් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි දැනගන්නට
ඇත.
ඉන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂයේ එම නායකයාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතය.
තවද අමාත්‍යාංශයක වියදම් සම්බන්ධයෙන්ද ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත. මේ අතර විවිධ දූෂණ සම්බන්ධයෙන් දේශපාලනඥයන් 10 දෙනෙකු මේ වසරේදී රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරිණ.
මේ වසරෙදි දඬුවම් නියම කෙරුණු දේශපාලඥයන් සංඛ්‍යාව තුනකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි, අපොයි ලොරි ටෝක්ස් දෙන අර තුමා වෙන්න ඇති. ඒවා වෙනස් මේවා වෙනස්.
ඉතාම සතුටුයි. බලය අවභාවිතා කල සියලුම දෙනාට නීතිය ක්‍රියාත්මක විය යුතුයි. වහලුන් හැර සියලුම ජනතාව මෙයට කැමතියි.
එකයිද? ඉතුරු හොරු ටික?
උස නම් සිකියුරිට් මිටි නම් කම්කරු බදවාගැනීම ගෙදර වැඩ පරික්ෂණයෙන් පසු
අම්මෝ ... ඕවා අහනකොට බයේ බෑ
මගේ නමින් තව එක කසළ ශෝකයෙක්ද අදහස් පළකරමින් පාඨකයන් නොමග යවන්න උත්සාහ කරමින් ඇත. ඒ කොහොම වුණත් මේ විපක්ෂයේ ලොක්කා කලකට පෙර හම්බන්තොට සියඹලා ගහක් යට කොට කලිසමක් හා ටී ශර්ට් එකක් ඇගලාගෙන පුටුවක වාඩිවෙලා, කොට නම් කම්කරු උස නම් සිකුරිටි කියමින් රැකියා දුන් අයෙක් වෙති. තවද ඔහුගේ ආර්ය්‍යාව සතු සැලූන් හෙවත් බාබර් ෂොප් වල සේවයට තම අමාත්‍යාංශයේ සේවකයන් යෙදවූ දුෂිතයෙක් බව අනාවරණය වී ඇත. තවද සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිතය කරමින් තම දේශපාලන ප්‍රතිරූපය ගොඩ ගැන්වීමට ක්‍රියාකළ බවට චෝදනා එල්ල වී ඇත...
තරාතිරම නොබලා රට බංකොළොත් කරපු සෙට් එකම යවමු ඇතුළට...
ඒ එක්කම රටේ සංවර්ධනයටත් අපි හැමෝම දායක වෙමු. ඉක්මනින් සංවර්ධිත රටක් ගොඩනගමු!
ශුවර් එකට විමලාවතී වෙන්න ඕනෑ
රනිල් ගත්තා. සජිත් ගනීවි, නාමල්, පාටලී ගනීවි. තමන්ගේ බලයට තර්ජනයක් වෙයි කියලා හිතන සින්හල බෞද්ධ නායකත්වය හිරකරලා රට විනාශ කරන්නද හදන්නේ?ජාතියක් ආගමක්, ජන්මයක් නැති මිනිස්සු ගත්තු වගකීම් පැත්තකට දාලා කරන්නේ ගැලරිය චූන් කරන එක...
පොහොට්ටුවේ උන් කියාවි විරුද්ධ පාක්ෂිකයින්ව මර්දනය කරන්ඩ යනවා. හිර ගෙවල්වල ඉඩ මදිවෙනවා කියලා, එහෙම වෙන්ඩ එපැයි, දූෂිත දේශපාලුවෝ කරලා තියෙන දේවල් වල හැටියට...
දැන් මේ සිදුවීමෙන් ඉතුරු හොරු ඔක්කෝම බයවෙලා ඉන්නේ. රනිල්ට හොරා හොර කියපු කට්ටිය රනිල් ගැන කිඹුල් කඳුළු සලන හැටි අපිට පේනවා. ඊළඟ දවසේ ඔහුට ඇපත් නැතුව, ඉතුරු හොරුන්ගේ නඩු ටිකත් ලෑස්ති කරගන්න කියලා අපි ආණ්ඩුවට කියනවා.
ඔය ගමන්ම හොර ඔප්පු කේස් එකට කට්ටි පනින වසන්තවත් අත්අඩංගුවට ගත්තොත් නම් අනුර වැඩ්ඩෙක් කියලා කියන්න පුළුවන්...
ගොන්ස්ටන්... ගොන්ස්ටන් කියනවා වගෙයි ඇහෙන්නේ. එයාටනන් රිමාන්ඩ් එක ගෙදර වගේ. කීසැරයක්නම් ආව ගියාද.
වැරදි කරා නම් ඒවා අධිකරණයේදී ඔප්පු විය යුතුමයි... ගැලරිය චූන් කරන්න අත් අඩන්ගුවට ගන්නවා නම් එහි විපාක මේ අයටත් දවසක විදින්න වෙයි...
දැන් මේ යූඑන්පී එකයි, පොහොට්ටුවයි බලයේ ඉන්නකොට, සජබ ප්‍රදාන විපක්ෂය වෙලා ඉන්නකොට, සියලුම රාජ්‍ය ආයතන තමන්ගේ යටතේ තියෙනකොට නේද සෙට් එකම පරද්දවලා ගෙදර යැව්වේ? දැන් මහ ඡන්දයක් අහලකවත් නැති වෙලාවේ උසාවියේ නඩු සෙට් වෙනකොට බොරුවට මර්දනය කියලා කෑගහන්නේ ඇයි? නඩු නැතත් ඔයාලාට ආයේ දිනන්න බැහැ. මොකද ඔයාලාට පුරුදු බත්බැල දේශපාලනය දැන් ඉවරයි. අලුත් වෙන්න. පරණ දශක ගානක් තිස්සේ ඇස් පනාපිට හොරකම් කරනවා දැකපු, අපිට බල්ලන්ට වගේ සලකපු අයව, අපිට අතේ පැලවෙන බොරු කියපු අයව අතෑරලා, පිරිසිදු මිනිස්සු ටිකක් අරගන්න ඔය පක්ෂ වලට. එහෙම කලොත් තව අවුරුදු 20 කින් විතර බලන්නම් ඡන්දයක් දෙන්න පුළුවන්ද කියලා...
කන්ටේනර් නිදහස් කිරීම සහ අනෙකුත් ටෙන්ඩර් ක්‍රියා පටිපාටි සම්බන්ධයෙන් බරපතල ලෙස චෝදනා එල්ල වූ මන්ත්‍රීවරුන්ගේ නිහඬතාවය අපව පුදුමයට පත් කරයි. "අපේ ආණ්ඩුව" අපේ කඳවුරේ සිටින අය හැර අනෙක් අය පමණක් සොයන බව සත්‍යයකි. අපේ ආණ්ඩුව, අපේ පොලිසිය, අපේ CID සහ අපේ සොලිසිටර්. මේ වැඩකට නැති පාලනය විසින් ගෙන එන විශ්වීය න්‍යායයක් තිබේ. අපේ හැර අනෙක් සියල්ලෝම හොරු...