
(පද්මසිරි ගාර්දියවසම්)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙට (11) විජේරාම නිළ නිවසින් ඉවත්ව තංගල්ල කාල්ටන් නිවස යෑමට නියමිතය කාල්ටන් නිවසේ ප්‍රකාශකයෙක් පැවැසීය.
ජනාධිපති වරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත අද (10) පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ජන්දයෙන් සම්මත විය .
ඒ අනුව එම පනත සම්මතවීමත් හිටපු ජනපතිවරයා විජේරාම නිල නිවෙසන් පිට වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට අභයදානය දුන් පුද්ගලයාට නිල නිවෙසක් නොදීමට පක්‍ෂපාතී මිනිසුන් සිටින එකම දේශය සසිරිබර මෙසිරිලකයි. වෛරය, ක්‍රෝධය නිල වශයෙන් වපුරන ආණ්ඩුවක් විසින් තම හෙංචයියන් නිර්මාණය කර ගන්නේ ද එය මූලික කරගෙනයි. ජවිපෙ ආණ්ඩුව විසින් මහින්ද මහතාට නිල නිවෙසක් අහිමි කිරීම වෙනුවෙන් කොමෙන්ටුවලින් සෞදිය පුරන්නට සැදී පැහැදී සිටින ඩෝබිවරුනි, මේ ඔබේ වාරයයි...
පහුගිය දවස්වල පෙරහැරේ ආපු බස් ටික දැන් තංගල්ල දිසාවට හරවන්න වෙයි නේද? ඉස්සර වගේ නෙවේ... දැන් ඉතින් දෙන්න වෙන්නේ පුද්ගලික මුදල් වලින්...
මේ රටේ නම වෙනස් කරන්න ඕනෑ නේපාල් කියලා...
හැම මනුස්සයාගේම හොද නරක දෙකම තිබෙනවා. අපි ඒ බව තේරුමි ගන්න ඕනෑ. මොනව වුණත් ශ්‍රී ලංකාව දියුණුව අරමුණ ඇතිව ඉදිරියට යනවා...
අර පැරදුනු වෙලාවේ ගිය විදිහිටියම ඉන්න දුන්නනම් අදටත් මිනිස්සු දෙවියන්ට වගේ සලකනවා .
කුරිරු යුද්දයෙන් රට බේරගන්න දේශපාලන නායකත්වය දුන්නෙ මහින්ද.ලෝකෙ ඕනිම රටක හිටපු රාජ්‍ය නායකයන්ට මේ පහසුකම් දෙද්දි මේ රට වෙනස් රටක් වෙලා..මේ හරහා රට දියුනු වෙනවද? ආන්ඩුවට මිනිස්සුන්ට සහන දීගන්න බෑ .බඩු මිල අහස උසට,ගෑස්,ඉන්දන වලට කිව්ව මිල කෝ අද?
පීචං වෙලා යන්න වුනා නේද. ලොකු කයිවාරු නොගහා වේලාසනම ගියානම් නම්බුව බේරිලා. දැන් බම්බුව තමයි.
තමන්ගෙ ගෞරවය අනුන් ලවා පවත්වගෙන යන්න හිතන අයට මීට වඩා යමක් සිද්ධ වෙන්න බෑ. රට බේර ගත්තෙ මහින්ද තනියමද? එහෙම නං යුධ පිටියේ ජීවිතේ දීපු අත පය පූජා කරපු දහසක් දෙනාට ඊට වඩා දේවල් දෙන්න ඕන නැද්ද? අදටත් ඇඟ පුරා තියන යකඩ කෑලි නිසා MRI CT scan කරන්න බැරුව ලෙඩ වලට හරි විදියට බෙහෙතක් කර ගන්න බැරුව ඉන්න අයට මොනවද දෙන්න ඕන? යුද්දෙන් පස්සෙ රට වට්ටපු කෙනා කියන සම්මානෙ තමයි මහින්දට දෙන්න තියෙන්නෙ..
රටේ දියුණුව පතන අය සතුටු වෙනවා. ඒ් බව නොදන්න ආත්මාර්ථකාමී ඉතා සුළු පිරිසක් බොරුවට දඟලනවා.
අද කීයටද පිටත්වෙන සුභ නැකත?
මෙයා රටට වැඩක් කරා ඒත් දුෂනය හොරකම නිසා බලු වුනා. තවත් ඉන්නව නෙ. ජනාධිපති වරැ එයාලටත් මෙිකම තමයි අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි වලින් තවත් යැපෙන්න ඔිනද මොන තරමි සල්ලි හොරා කාල ඇද්ද එවිවගෙන් පරමිපරා හතක් ජිවත් වෙන්න පුලුවන් නෙ තවත් මොකද රටට බරක් වෙන්නෙ මිනිස්සු එපා කියලනෙ එලියට දැම්මෙ ලැජ්ජාවක් නැහැ ඒකයි
මහින්ද මහත්තයා යුද්ධය නිම කළා විතරක් නෙමෙයි, රටේ විශාල සංවර්ධන වැඩත් කළා. අධිවේගී මාර්ග නොහැදුවානම් අද රටේ මාර්ග තදබදය ගැන හිතගන්නවත් බැහැ. ඒ වගේම 2005දී ඒක පුද්ගල ආදායම USD 1200ක්ව තිබුණේ, ඒක 2015 වෙනකොට USD 3700 දක්වා වැඩි උනේ රටේ යුද්ධයක් තිබුනත්, එතුමා කරපු සංවර්ධන වැඩ නිසා. 2015 සිට 2025 දක්වා කිසිවක්වත් වැඩි උනාද කියලා සැකයි.
ඇමරිකා චීන ඉන්දියා ගේම්, අපේ හරක් රණ්ඩු වෙනවා, උතුරේ ඉඩම් ටික කොල්ල කනවා, මෝඩ පාලකයෙක් ඉන්න රටක්.
ඊයේ අර්චුනා ප්‍රකාශ කළේ ප්‍රභා සමයේදී එන්පීපී මන්ත්‍රීවරුන් මේසය යට සැඟවී සිටි බවත් දැන් ඔවුන් ගුහාවෙන් එළියට පැමිණ වීරයන් සහ ගැලවුම්කරුවන් ලෙස කතා කරන බවත්ය. දේශපාලන නායකයා vs හමුදාපති භූමිකාව හඳුනා ගැනීමට නොහැකි තරමට එන්පීපී වහලුන් මොළ සේදීමට ලක් කර ඇත. මෙම නේපාල වර්ගයේ එන්පීපී වහලුන් විසින් අනුර වැනි බොරුකාරයෙකු තෝරා ගැනීම පුදුමයක් නොවේ.
මේ එක්කම රුපියල් පන්දාහේ කොළත් මාරු කරන්න.
මා.... ඉතිං යන්න යනවා, මට අවසරයි ! මට අරන් යන්න ඇත්තේ මගේ හොර නාමය විතරයි...
මයින්ද මාතියා බලන්න මම මී පැණියි, මීකිරියි තැඹිලියි අරන් තංගලු යන ගමන් ඉන්නේ….තවම බත් පැකට් එකයි බඩු බාගෙයි ලැබුනේ නෑනේ…
අපි උදෙන්ම මැදමුලනට යනවා. පපරේ බෑන්ඩ් එකක් අරන් ‘මහරජා’ සිංදුව ගහලා මයින්ද මාතියාව පිළිගන්න….
බල තන්හාව නිසා උතුර් දකුණ ගිනි ගනිද්දී කැලේ හිටපු නයි පැටවුන්ට කිරිපොවන්න වාසුදේව එක්ක ජිනීවා යන්න ගියා ඊළගට චන්ද්‍රිකා එක්ක 1994 ආණ්ඩුව හදද්දී නයිහාමිලා එකතුකරල ප්‍රසිද්ධියක් හදල දුන්න 1971 හා 88-89 කාලයේ කලදේවල් සදහා දඩුවම් නොකර කිරි පෙව්වා හැමදාම දෙපැත්තම කාපු නයි උනුත් එකයි මුනුත් එකයි කියල මතයකුත් හදල රට හිඟමනේ යන්නෙ හිටපු ජනාධිපතිලාට වරප්‍රසාද සඳහා කියල මතයක් හදල බලය ගත්තා 1970 මැතිවරණය සිට දිගටම බොරුවෙන් ජය ලැබූ බව මේ අයත් දැක්කා ඔවුනුත් ඒකම කලා රටේ හිටපු දේශපාලුවො දූෂමාන ආරංචි පැතිරෙද්දී නිහඩව හිටියා මිසක අධිකරණයකට ගොස් නිදොස් වෙන්න බැලුවේ නැහැ උගන්ඩාවට සල්ලි ගෙනයාම මහදවල් මහ බැංකුව කැඩීම බටලන්ද රටේ ප්‍රචාරය වෙද්දි තමන් වරදක් නොකළා නම් සිදුවෙන අපහාස වෙනුවෙන් අධිකරණයක දී නිදොස් වෙන්න හෝ වරදකරු වෙන්න තිබුණා.
ආණ්ඩුව මේවා කරන්නේ තමන් පොරොන්දු වුනු දේ ඉටු කරන්න බැරි වීම වහගන්න මහජන අවධානය වෙනත් තැනකට යොමු කරන්න, මේවා නාට්‍ය. එත් මහජන ඉවසීමේත් සීමාවක් තියෙනවා. එදාට නාට්‍ය පෙන්නලා නම් ගැලවෙන්න බැරි වෙයි.
මහින්දට කවදාවත් ඔහුගේ සැදෑ සමය සාමකාමීව නිදහසේ ගත කරන්න ලැබෙන්නේ නැහැ. දිට්ඨ ධම්ම වේදනීය කර්ම දැනටමත් පටිසන් දෙනවා. ඒ ආරම්භයක් පමණයි. මහජන මුදල් අවභාවිතයට සහ අනෙකුත් දහසක් චෝදනා වලට පවුල පිටින් හිරේ යනකොට, මනුස්ස ලෝකයේ ඉඳගෙනම සතර අපා දුක් විඳිනවා.