මිද්දෙණිය වෙඩි තැබිමෙන් පියා සහ දියණිය මරුට තම දරුවන් දෙදෙනා සමග යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයකුට කිසියම් කණ්ඩායමක් ඊයේ රාත්‍රී මිද්දෙනිය ගල්පොත්තයාය ප්‍රදේශයේදි වෙඩි තැබීමෙන් පියා හා යතුරු පැදියේ ගමන් කළ දියණිය මිය ගොස් පුතා තුවාල ලබා රෝහල් ගත කළ බව මිද්දෙනිය පොලීසිය පවසයි. 19 February 2025
කැනඩා ආ යානයක් උඩු යටිකුරු වෙයි ඇමෙරිකාවේ සිට කැනඩාවේ ටොරොන්ටෝ පියර්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබෑම සඳහා පැමිණි මගී ගුවන් යානයක් හිම කුණාටුවට මැදිවීමෙන් අනතුරට ලක්විය. 18 February 2025
අයවැය මැදින් පැන්න හර්ෂට අනුරගෙන් අමුතු පිළිතුරක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ අයවැය කතාව කරන අතරතුර සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පැවසූ කතාවකට ජනාධිපතිවරයා උපහාසයෙන් පිළිතුරක් ලබා දුන්නේය. 17 February 2025
ප්‍රවාහන සේවයේ දියුණුවටත් යෝජනා පොදු ප්‍රවාහන සේව වැඩි දියුණු කිරීමට ද ජනපතිවරයා සිය අයවැය කතාව ඉදිරිපත් කරමින් යෝජනා කළේය. 17 February 2025
පොල් අර්බුදය විසඳන්න යෝජනා පොල් නිෂ්පාදනය වැඩි කිරීම සඳහා කටයුතු කරනවා ජනපති අනුර කුමාර දිසානායක මහතා 2025 අයවැය ඉදිරිපත් කරමින් පැවැසීය. 17 February 2025
රජයේ සැප සැප වාහන ලබන මාසයේ සිට වෙන්දේසියේ රජයේ සියලුම සුඛෝපභෝගී වාහන මාර්තු මාසයේදී වෙන්දේසි කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අයවැය යෝජනා ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී අද පැවසීය 17 February 2025
කැන්ඩි ඕ.ඩී.සී ගිය ටිල්වින් අය වැය ගැනත් කියයි වත්මන් රජයේ අයවැය ඉදිරිපත් කිරීමට සූදානම් වෙද්දී විපක්ෂයේ ඇතැම් පිරිස් අයවැයට උපදෙස් ලබාදීමට පටන්ගෙන තිබෙනවා. ඔවුන්ගේ කාලයේ ඉදිරිපත් කළ අයවැයෙන් රට බංකොලොත් වී තිබෙනවා. බංකොලොත් අයවැය ගෙනා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ උපදෙස් අපට අවශ්‍ය නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. 16 February 2025
පුංචි ඡන්ද පනත තුනෙන් දෙකෙන් සම්මත කරගන්නවා පළාත් පාලන මැතිවරණයට ප්‍රතිපාදන සැලසෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත තුනෙන් දෙකේ ඡන්දයෙන් සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතා පැවසීය. 16 February 2025
මාර්ග අධිකාරිය අයිති නැති වැඩට කෝටි 14000ක් පුදලා මාර්ග සංවර්ධන අධිකාරිය තම විෂය පථයට අයත් නොවන මාර්ග ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් කෝටි දා හතර දහස් හත්සිය පහළොවක් (14715ක් ) වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ. 15 February 2025
රජයේ ගබඩාවට දුන් පළමු වී අස්වැන්න වී අලෙවි මණ්ඩල කළ සහතික මිලට අම්පාර දිස්ත්‍රික්කයේ ගොවි මහමතකු අද සවස 5.00 පමණ තම නාඩු වී අස්වැන්න අලෙවි කරමින් මෙවට මහ කන්නයේ පළමු වී තොගය රජයට ලබා දුන්නේය. 13 February 2025
පාපන්දු ගෝල් බටයෙන් අවසන් ගමන් ගිය ශිෂ්‍යත්ව හපනා පොළොන්නරුව තෝපාවැව විද්‍යාලයේ ක්‍රිකට් තරගාවලියක් නැරඹීමට ගිය පලුගස්දමන මහා විද්‍යාලයේ සිසුවකුගේ හිස මතට පාපන්දු ගෝල සැකිලක යකඩ බටයක් කඩා වැටීමෙන් සිසුවා ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි. 13 February 2025
ලස්සන ලෝකයක් හදන්න එන්නැයි ජනපති ලෝකයට ආරාධනා කරයි ගෝලීය දේශගුණික ගැටලු දුප්පත් හෝ පොහොසක් භේදයකින් තොරව සැමගේ දොරටුවලට තට්ටු කරමින් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 12 February 2025
නවම් පොහෝය අදයි නවම් පුර පසළොස්වක පොහොය අදයි. ශාසන ඉතිහාසයේ වැදගත් කරුණු කීපයක් සිදු වී තිබීම නිසා නවම් පුර පසළොස්වක පොහොය වැදගත් කොට සැලකේ. 12 February 2025
යෝෂිතට - ඩේසි ආච්චිට නඩු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටුපුත් යෝෂිත රාජපක්ෂ මහතාගේ බැංකු ගිණුම්වල තිබූ රුපියල් මිලියන 59 මුදල ඔහුගේ මිත්තණිය වන ඩේසි’ පොරස්ට් නැමති කාන්තාව සමඟ හවුල් ගිණුමක් ලෙස පවත්වාගෙන යාම හේතුවෙන් ඩේසි ෆොරස්ට් නැමති කාන්තාවට විදෙස් ගමන් තහනමක් පනවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසීය. 11 February 2025
ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට සිංහල ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරුවන ඩෑන් ප්‍රියසාද් අද (11) අලුයම කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අධිකාරී නීතිවේදී ප්‍රියන්ත මනතුංග මහතා පැවසීය. 11 February 2025
අද - හෙට පැය එකහමාර විදුලි කප්පාදුවක් රටපුරා විදුලි බිඳවැටීම සමග නොහොච්චෝලේ විදුලිබලාගාරයේ ජනන යන්ත්‍ර අක්‍රීය වීම නිසා අහිමිවූ මෙගාවොට් 800 පමණ ප්‍රමාණය ආවරණය කිරීම සදඟා පැය එකහමාර බැගින් අද (10) සහ හෙට (11) දෙදින විදුලි සැපයුම කප්පාදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබේ. 10 February 2025
බස් බස් ගැටී 4ක් මරු දකී දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තෝරයාය ප්‍රදේශයේ අද උදෑසණ පෞද්ගලික බස් රථ දෙකක් ගැටීමෙන් සිව් දෙනකු මියගොස් තවත් 22 තුවාල ලබා ඇතැයි කුරුණෑගල පොලිසිය කියයි. 10 February 2025
ලිට්රෝ සංශෝධනයට මුදල් අමාත්‍යංශය නිහඬයි පෙබරවාරි මාසයේ ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනයට මුදල් අමාත්‍යංශයේ අනුමැතිය මේ දක්වා ලැබී නොමැති බව ලිට්රෝ සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය. 09 February 2025
කළුතර ’’වඳුරෙක්’’ රටේම ලයිට් කපයි රට පුරා විදුලිය බිඳ වැටීමට හේතුව පානදුර විදුලි උප පොලේ ට්‍රාන්ස්පෝමරයක වඳුරෙක් ගැටීම බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පැවසීය. 09 February 2025
රට පුරා විදුලි බිද වැටීමක් රට පුරා විදුලිය බිඳවැටීමක් මීට පැයකට පමණ ආසන්න කාලයකට පෙර සිදුවී ඇතැයි විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි. 09 February 2025
අයි.එම්.එෆ් සිව් වන වාරිකය ලෙස ඩොලර් මිලියන 333 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති වැඩසටහනේ ප්‍රමිතීන්ට අනුකූලව ’’2025 අයවැය’’ ඉදිරිපත් කිරීම සහ පෙර එකඟවූ කොන්දේසි ඉටු කිරීම මත පසුගිය නොවැම්බර් කාර්ය මණ්ඩල එකඟතාවයකට පැමිණි තෙවැනි සමාලෝචනයට විධායක කමිටුවේ අනුමැතිය ලැබෙනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලී කොසැක් මහත්මිය පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී පැවැසුවාය. 08 February 2025
ඩිජිටල්කරණය රට අලුත් තලයකට ඔසවා තබනු නියතයි ඩිජිටල් සමාජයක් කරා රට ගෙනයාමේ වැඩපිළිවෙළ හරහා ප්‍රධාන ඩිජිටල් පහසුකම් තුනක් හඳුන්වාදීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (07) ආරම්භ විය. 07 February 2025
මිනුවන්ගොඩ වෙඩි තැබීමකින් අයෙක් මරුට මිනුවන්ගොඩ ජාපාලවත්ත පාසලක් අසලදී මීට සුළු මොහොතකට ඉහතදී වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය කියයි. 07 February 2025
අරගලය අස්සේ මන්ත්‍රීවරු 43කගේ කරල පැහිලා මන්ත්‍රීවරුන් 43 දෙනෙකු අරගල සමයේ සිය දේපළ විනාශය වෙනුවෙන් රුපියල් එකසිය විසි දෙකෝටි හතළිස් එක් ලක්ෂ තිස් හතර දහස් හත්සීය තිස් හතක් (1224134737) ලබාගෙන ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය. 06 February 2025
විද්‍යා ඝාතකයන්ගේ අභියාචනයට දින දෙයි මහත් ආන්දෝලනයකට තුඩුදුන් යාපනයේ සිවලෝගනාදන් විද්‍යා දැරිය පැහැරගෙන ගොස් සමූහ දූෂණය කර ඝාතනය කිරීමේ චෝදනාවන්ට වැරදිකරු වී මරණීය දණ්ඩනය නියම වු විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් අගෝස්තු 25 වැනිදා විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය. 06 February 2025
සුජීවට කෝටි 25ක් ගෙවන්න හිටපු ඇමැති සී.බීට නියෝගයක් ‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.එම්. කොඩිතුවක්කු මෙනවිය ඔහුට රුපියල් කෝටි 25ක වන්දියක් ගෙවීමට හිටපු ඇමති සී.බී. රත්නායක මහතාට අද නියම කළාය. 05 February 2025
වී සහතික මිල එළියට මෙරට ජනතාව වැඩි වශයෙන් පරිභෝජනය කරන නාඩු සහල් නිෂ්පාදනය කරන නාඩු වී කිලෝවක් රුපියල් 120 කට අළෙවි කළ හැකි බවත් සම්බා වී කිලෝවක් රුපියල් 125 කට සහ කීරි සම්බා වී කිලෝවක් රුපියල් 132 කට අළෙවි කළ හැකි බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා අද (5) පැවසීය. 05 February 2025
අපි ඔක්කොම එකම බිමක අරගලකරුවන් රටට ආර්ථික සමාජ නිදහස පූර්ණ ලෙස දිනා ගැනීම සඳහා ඔබ අප එකම අරගල බිමක අරගලකරුවන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික නිදහස් උළෙල අමතමින් පැවසීය. 04 February 2025
නිදහස් උළෙල ඇරැඹෙයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පැමිණීමත් සමඟ 77 වන ජාතික නිදහස් උළෙල නිදහස් චතුරස්රයේදී ඇරැඹිණි. 04 February 2025
තවත් සැක වාහන පහක් කලවානෙන් අල්ලයි නීති විරෝධීව වාහන එකලස් කරන ලද ස්ථාන තුනක් වටලා රුපියල් කෝටි හතකට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී වහන පහක් භාරයට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය සමත්ව ඇත. 03 February 2025
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026