
(නිමල කොඩිතුවක්කු, ජේ.ඒ.එල්.ජයසිංහ සහ ෂේන් සෙනවිරත්න)
හිටපු අමාත්‍ය ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ මහතාගේ වැඩිමහල් පුත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා කොළඹ පෞද්ගලික රෝහලක දී ප්‍රතිකාර ලබමින් සිටියදී අද(15) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.
මියයන විට හෙතෙම 57 වැනි වියෙහි පසුවිය.
අක්මාවේ ඇතිවූ තදබල රෝගී තත්වයක් හේතුවෙන් ඔහු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී නිව්මොනියා තත්වය උත්සන්න වීමෙන් මියගිය බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදිශීෂ්‍යයකු වන රත්වත්තේ මහතා තිදරු පියෙකි.
මෙරට දේශපාලනයේ ප්‍රකට පරපුරකින් පැවත එන ලොහාන් රත්වත්තේ මහතා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේද සමීප ඥාතියෙකි.
එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස මුලින්ම දේශපාලනයට පිවිසි රත්වත්තේ මහතා මහනුවර දිස්ත්‍රීක්ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස 2010 වසරේ පළමුවරට පරේලිමේන්තුවට තේරී පත්වූයේය.
එතැන් සිට 2024 වසර දක්වා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර ඇත.
වැවිලි රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් මැණික් හා ස්වර්ණාභරන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ඔහු කටයුතු කළේය.
හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ දේහය හෙට(16) සහ අනිද්දා (17) මහනුවර කටුගස්තොට පාරේ මහයියාවේ පිහිටි ඔහුගේ නිවසේ දේහය තැන්පත් කර ඇත.
දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා 17 පසුවරු 5.00 ට නිත්තවෙල පවුලේ සුසාන භූමියේදි සිදුකෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් සැප ලැබේවා...!
මෙතුමා නේද කිව්වේ ජීවත්ව ඉන්න කම් අනුර ජනාධිපති වෙන්න දෙන්නේ නැහැ කියලා...
පොහොට්ටුව ගොඩ ගන්න හිටපු ප්‍රබලයෙක් නැතිවුණා.
ඔහුගේ අඩුපාඩු කුමක් වුවත්, ඔහු අද වැඩකට නැති දේශපාලනඥයන් මෙන් නොව 2001 දී එවකට එල්ටීටීඊයට එරෙහිව ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටියේය. ඔහු රත්වත්තේ පරම්පරාවෙන් පැවත එන්නෙකි. ඔබට නිවන් සුව...
මැරෙන බව දැනගෙන ජීවත් වීම, ලෝකෙට රටට යහපතක් කරලා, ජීවත් වෙන එක වඩා යහපත්. නිවන් සුව ලැබේවා...!
ජීවිතය අනියතය. මරණය නියතයි... කාටත් පොදුයි.
වැදගත් කියන්නාවූ පවුල්වලින් දේශපාලනයට පැමිණියත් දශක කිහිපයක් දේශපාලනයේ නියැලී සිටියත් ඔහුගේ දේශපාලන ජීවිකාව කාලය තුළ සිදුකළ සිදුවීම් තුළින් රටට යහපතක් වුයේද යන්න රටේ පුරවැසියන් දනී. ඔහුට නිවන් සුව පතමු...
ඉධ තප්පති පෙච්ච තප්පති පාපකාරී උභයත්‍ථ තප්පති... පාපං මේ කතන්ති තප්පති. භිය්‍යො තප්පති දුග්ගතිං ගතෝ...
මෙතුමාට මෙන්ම උඩතලවින්න සහෝදරවරුන්ට ත් නිවන් සුව අත්වේවා...!
මෙහි ලොකු අඩු පාඩුවක් තමයි ලොහාන්ගේ පියා ගැන සඳහන් නොකිරීම. ඔහුගේ පියා හිටපු ආරක්ෂක නියෝජ්‍ය ඇමති අනුරුද්ධ රත්වත්තේ ගැන නෑ. ඒ කෙසේ වෙතත් මහනුවර මුස්ලිම් පාතාලෙට එරෙහිව නොබියව සටන් කරපු සැබෑ සිංහලයෙක් අපිට නැති වුණා.