(මනෝප්‍රිය ගුණසේකර)
එංගලන්තයේ පුද්ගලික විශ්ව විද්‍යාලයක පැවති උපාධි ප්‍රධානෝත්සවයක් සඳහා පුද්ගලික සංචාරයකට ගොස් දවස් එකහමාරක කාලයක් සඳහා රුපියල් කෝටි 1 1/2කට අධික මුදලක් වැය කර රජයට පාඩු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අටවැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 26 වැනිදා දක්වා රිමාන්ඞ් භාරයේ රඳවා තැබීමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය ඊයේ (22) නියම කළාය.
ලන්ඩන් ‘වුල්ෆ් හැම්ටන් ’ විශ්ව විදා්‍යාලයෙන් ලැබුණු බව කියමින් සැකකරු ඉදිරිපත් කළ ලිපිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ පසුගිය මාස 03ක කාලය තුළ ඉදිරිපත් නොකිරීම මත එය පසුව නිර්මාණය කළ ලිපයික්ද යන්න පිළිබඳ සැකයක් මතුවන බවත් අදාළ සංචාරය පිළිබඳ ලන්ඩන් මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපත් කළ ලිපිය සළකා බැලීමේදී එම සංචාරය පෞද්ගලික සංචාරයක් බව සඳහන් කර ඇති බවත් සඳහන් කළ මහෙස්ත්‍රාත්වරිය නීතීය ඉදිරියේ සිය`ථදෙනා එකහා සමාන බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති සඳහන අනුව සැකකරු ශ්‍රී ලංකාවේ 08 වැනි විධායක ජනාධිපතිවරයා වීම සුවිශේෂි කරුණක් නොවන බව රනිල් වික්‍රමසිංහ මහතා රිමාන්ඩ් බාරයට පත් කරමින් මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළාය” රනිල් වික්‍රමසිංහ මහතාගේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ සමන් ඒකනායක මහතාට විදේශ ගමන් තහනමක් පැනවූ මහේස්ත්‍රාත්වරිය සිද්ධියට අදාළව කරන විමර්ශනවල ප්‍රගතිය මෙන්ම ලන්ඩන් ‘වුල්ෆ් හැම්ටන් ’ විශ්ව විදා්‍යාලයෙන් ලැබුණු බව කියමින් සැකකරු ඉදිරිපත් කළ ලිපියේ නිරවද්‍යතාවය සම්බන්ධයෙන්ද විමර්ශනය කර අධිකරණයට වාර්තා කරන ලෙස රහස් පොලිසියට නියම කළාය. බන්දනාගාරය තුළදී සැකකරුට අවශ්‍ය ආරක්ෂාව මෙන්ම ඔහුට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සලසා දෙන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියම කළාය.
මෙය මහජන භාරකාරත්වය පිළිබඳ නඩුවක් බව පවසමින් සිද්ධියට අදාළව හිටපු ජනාධිපති ලේකම්වරයා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන කරන බව දැනුම් දෙමින් අතිරේක සොලිස්ටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ දිලීප පේළිස් මහතා කළේ ඉල්ලීමක් පිළිගත් මහේස්ත්‍රාත්වරිය එලෙස නියම කළාය”
පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී සිටි රහස් පොලිස් අධ්‍යක්ෂක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකර මහතා සිද්ධියට අදාළව කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය.
රහස් පොලිස් නිලධාරීන් සමඟ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දීලීප පීරිස් මහතා කරුණු දක්වමින් කුරුණෑගල පදිංචි වී එස් කරුණාරත්න නමැත්තෙක් ජනාධිපතිවරයාට පැමිණිල්ලක් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් බව හඟවමින් පෞද්ගලික සංචාරයක නිරත වී ඇති බවට පැමි’ල්ලක් කර ඇතැයිද ඒ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා කළ අභ්‍යාන්තර විගණයකින් අනතුරුව පොලිස්පතිවරයාට කළ පැමිණිල්ලකින් පසු මේ සිද්ධිය පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇතැයි පැවසීය”
සිද්ධිය පිළිබඳ විමර්ශනය කළ පසුගිය මාස -03ක කාලය තුළ පුද්ගලයින් 33 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගත් පසු රටේ 08 වැනි විධායක ජනාධිපතිවරයා වු රනිල් වික්‍රමසිංහ මහතාගෙන්ද ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ඔහු ප්‍රමාණවක් සාක්ෂි මත අත්අඩංගුව ගෙන අධිකරණය ඉදිරිපත් කරන්නේ යැයි කී ජනාධිපති නීතීඥ දීලීප පීරිස් මහතා සැකකාර රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ 08 වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ඇමරිකාවේ සහ කියුබාවේ නිල සංචාරයක් අතරතුර 2023 සැප්තැම්බැර් 22 සහ 23 වැනි දිනවල ලන්ඩනයේ ‘වුල්ෆ් හැම්ටන්’ විශ්ව විදා්‍යාලයේ පැවති සිය බිරිඳගේ උපාධි ප්‍රදානොත්සවය සඳහා ලැබුණු පෞදිගලික ආරධනයකට අනුව රුපියල් ලක්ෂ 166ක රජයේ අරමුදල් වියදම් කරමින් එහි ගොස් ඇතැයි කීය”
66666 අදාළ සංචාරය සඳහා සැකකරු සමඟ සැකකරුගේ බිරිඳ” ප්‍රධාන සන්නාම නිලධාරී සෙනරත් දිසානායක ඇතු`ථ සන්නාම නිලධාරීන් දෙදෙනෙකු නාවික හමුදාවේ වෛද්‍යවරයාකු” පොලිස් නිලදාරීන් සිව්දෙනෙකු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරිය වු සැන්ඩ්‍රා පෙරේරා මහත්මිය අතුළු 10 දෙනෙකු සහභාගි වී ඇතැයිද ‘පෞද්ගලික සංචාරයක්’ වශයෙන් ලිපියේ තිබු සටහන පසුව ‘සංචාරයක්’ වශයෙන් වෙනස් වී ඇතැයිද එය වෙස් කළේ කවුරුන්ද? යන්න සෙවිය යුතු යැයිද කී ජනාධිපති නීතීඥ දීලීප පීරිස් මහතා අදාළ ලේඛණයේ තිබු ‘පෞද්ගලික සංචාරයක්’ යනුවෙන් තිබු සටහන නිල් පෑනකින් රවුමක් ඇඳ තිබියදී සංචාරයට සහභාගී වන අයට අවශ්‍ය මුදල් ලබාදෙන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා දැනුම් දී ඇතැයිද කීය” සැකකරු ඇතු`ථ පිරිස එංගලන්තයයේ ලංඩන් නගරයට ගොස් ඇත්තේ වුල්ෆ් හැමිල්ටන් විශ්ව විද්‍යාලයේ ඔහුගේ බිරිදගේ ගෞරව උපාධි ප්‍රධානෝත්සවයට සම්බන්ධ වීමට බවත් එක රාත්‍රීයක් ඇතුලත් දවස් දෙකක කාලයකට රුපියල් ලක්ෂ 166ක රජයේ අරමුදල් විදයම් කරිම සාධාරණද? යනුවෙන් ප්‍රශ්න කළ ජනාධිපති නීතීඥ දීලීප පීරිස් මහතා ලන්ඩනයේදී වාහන සඳහා රුපියල් ලක්‍ෂ 45ක්ද” ආහාර සඳහා රුපියල් ලක්‍ෂ 13ක්ද” නවැතැන් සඳහා සඳහා රුපියල් ලක්‍ෂ 3 1/2ක්ද” හෝටල් සඳහා රුපියල් ලක්‍ෂ 34ක්ද” වාහන අත්තිකාරම් සඳහා රුපියල් ලක්‍ෂ 14ක්ද” සාමන්‍ය පුද්ගලයකු ‘වොෂ් රූම්’ එකකට ගොස් විනාඩි 15කින් 20කින් කරගන්නා වැඩේ කරගන්න පවුම් 6000ක් හෙවත් රුපියල් ලක්ෂ 27ක මුදලක් වැය කර ඇතැයිද සිම් කාර්ඩ් 06ක් මිලදී ගැනීමට පවුම් 200ක් මෙන්ම ආවතේවකරුටත් පවුම් 200ක් ගෙවා අතැයිද මෙම සංචාරයට ජනාධිති ලේකම් කාර්යාලයෙන් ලක්ෂ 132ක්ද පොලිස් දෙපාර්තමෙන්තුවෙන් සහ නාවික හමුදාවෙන් ලක්ෂ 32 දීලා තියෙනවා. මේ අකාරයට තමා මේ ලක්ෂ 166ක මුදල ලැබී ඇතැයිද පෙන්වා දුන්නේය”
අදාළ උපාධි ප්‍රදානෝත්සවය තිබු ‘වුල්ෆ් හැම්ටන්’ විශ්ව විදා්‍යාලයට විනාඩි 05කින් යෑමට හැකියාව ඇති දුරින් හෝටල් තිබුණත් සැකකරු තොරාගෙන ඇත්තේ අදාළ විශ්ව විදා්‍යාලයේ සිට කිලෝමීටර් 200ක් දුරින් පිහිටි ‘ලෑන්ඩ් මාර්ක්’ හෝටලය බවත් සැකකරුගේ ආරක්‍ෂක නිලධාරීන් ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයකු සහ කොස්තාපත්වරයකු සැකකරුවන් පැමිණීමට දින දෙකකට පෙර ලන්ඩන් නුවරට ගොස් ඇතැයිද ඔවුන්ට පොලිස් දෙපාර්තමෙන්තුවෙන් රුපියල් ලක්‍ෂ 22කට අධික මුදලක් ගෙවා ඇතැයිද කී ජනාධිපති නීතීඥ දීලීප පීරිස් මහතා සැකකරුගේ ආරක්‍ෂක නිලධාරීයා ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයකවරයාගෙන් සිද්ධිය පිළිබඳ ප්‍රශ්න කළ විට සැකකාර රනිල් වික්‍රමසිංහ මහතා අදාළ උපාධි ප්‍රදානොත්සවට හැර වෙනත් කිසිම දේකට හෝටල් කාමරයෙන් එළියට නොගිය බව පවසා ඇතැයිද සැකකරුගේ නිල ඡායාරූප ශිල්පියා ලෙස කටයුතු කළ චින්තක ප්‍රසන්න පෙරේරාගෙන් ප්‍රශ්න කිරීමේදී කියුබානු හා ඇමරිකානු සංචාරයට තමා සම්බන්ධ කර ගත්තත් ලන්ඩන් වලට තමන් රැගෙන නොගිය බව සඳහන් කර ඇතැයි කීය”
සැකකරු හමුවීඹට ඔහු නවාතැන් ගෙන සිටි හෝටලයට කිසිම රාජ්‍ය නායකයකු පැමිණ නැතැයිද මෙම සැකකරු එහි පැමිණෙන බව එහි සිටි නිලධාරීන් හෝ දැන සිට නැතැයිද මෙම සිද්ධියේ ප්‍රධානම වරදකරු වන්නේ ප්‍රධාන ගණන් තැබීමේ නිලදාරීයා වන ජනාධිපති ලේකම්වරයා බවත් රට බංකොලොත් බවට පත් කළ බවට පැවරූ නඩුවක වගඋත්තරකරුවකු වශයෙන් මෙම සැකකරු නම් කර සිටි අවස්ථාවක මෙන්ම ඇත්තෙන්ම රට බංකොළොත්ව තිබු අවස්ථාවක දවස් 1 1/2ක කාලයකට සැකකරු දැරූ මෙම වියදම සාධාරණද? යනුවෙන් ප්‍රශ්ණ කළ දීලීප පීරිස් මහතා ජනාධිපතිවරයා වශයෙන් සැකකරු මසකට රුපියල් ලක්‍ෂයක වැටුප් ලබමින් සිය බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවය සඳහා රජයේ මුදලින් විදේශ ගතවීම ප්‍රශ්න සහගත නොවන්නේ දැයි විමසීය”
අහිංසක රටේ ජනතාවගේ මුදල් වලින් රාජ්‍ය නායකයින්ට ටි්‍රප් යෑමට ඉඩ සළසාදිය නොහැකි බවත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති පෞදිගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා මහත්මියගෙන් ප්‍රශ්න කිරීමේදී මෙය පෞදිගලික සංචාරයක් බව කීවත් සැකකරු කතාකොට නැහැ එය නිල සංචාරයක් යනුවෙන් පැවසු බවත් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගෙන් ප්‍රශ්ණ කිරීමේදී කියුබාවේ සංචාරයකින් පසු නිවාඩුවක් ගත කිරීමට සැකකරු ලන්ඩන් බලා ගොස් ඇති බව පවසා ඇතැයිද කී දීලීප පීරිස් මහතා මේ පිළිබඳ අද දින සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු ලිපියක් ඉදිරිපත් කරමින් ‘වුල්ෆ් හැම්ටන්’ විශ්ව විදාළයේ ඇරයුමකට අනුව එහි ගියබව සඳහන් කළ බවත් සිද්ධිය පිළිබඳ විමර්ශන ආරම්භ කර මේ වන විට මාස 03ක කාලයක් ගතවී ඇතත් මුල් වරට එම ලිපිය ඉදිරිපත් කරන්නේ අ දිනයේදී වන නිසා එම ලිපිය ප්‍රශ්න සහගත යැයිද කීය”
පාලකයෝ රටේ දේපළ වල භාරකරුවන් බව නඩු තීන්දු වල පවා සඳහන් වී ඇති තත්වයක් තුළ මේ සා විශාල මුදලක් වියදම් කිරීම සාධාරණද? මෙය මහජන භාරකාරත්වය පිළිබඳ නඩුවක් යැයිද කී දීලීප පීරිස් මහතා තමා ලන්ඩන් එක්කගෙන ගියේ ඇයිද? කියා තමා නොදන්නා බව කියන ජනාධිපති පෞදිගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා මහත්මිය තමාට රුපියල් 39000/-ක දීමනාවක් ගෙවු බව පවසා ඇතැයිද කීය”
ජනාධිපතිවරයා රජයේ මුදල් වල භාරකරු මිස අයිතිකරු නොවන බවත් ඔහුට රජයේ මුදල් අවභාවිතා කිරීමට හැකියාවක් නැති බවත් මෙම සිද්ධියට අදාළව හිටපු ජනාධිපති ලේකම්වරයා ඇතු`ථ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන හෙයින් සැකකරු රිමාන්ඩ් බාරයට පත් කරන්නැයි දීලීප පීරිස් මහතා ඉල්ලා සිටියේය”
සැකකාර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ජනාධිපති නිතීඥවරු ඇතු`ථ නීතීඥවර කණ්ඩායමක් සමඟ පෙනී සිටි ජනාධිපති නිතීඥ අනූජ ප්‍රේමරත්න මහතා කරුණු දක්වමින් පැමිණීල්ලේ නීතීඥවරයා පෙන්වා දුන් රට බංකොළොත් කළ නඩුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තම සේවාදායකයා නිදොස් කර තීන්දුවක් දී ඇතැයිද ජනාධිපති ලේකම් කාර්යාලය හරහා කළ අභ්‍යාන්තර විගණන පරීක්‍ෂණයක් පදනම් කරගෙන මෙම විමර්ශනය කර ඇතැයි කියමින් ඒ සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යලය කළ විගණන වාර්තාව අධිකරණය ඉදිරිපත් කළ ජනාධිපති නිතීඥ අනූජ ප්‍රේමරත්න මහතා එම වාර්තාවට අනුව මෙවැනි ආකාරයේ වංචාවක් සිදු වූ බව කරුණු ආණාවරණය වන්නේ නැතැයිද කීය”
වත්මන් ජනාධිපතිවරයාගේ ලේකම්වරයා කළ පැමිණිල්කට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇතැයිද තම සේවාදායකයා ජනාධිපතිවරුන්ගේ මුක්තිය අයින් කළ නිසා ඔහුට එරෙහිව මෙම නඩුව දැමීමට හැකියාව ලැබී ඇතැයිද තම සේවාදායකයා ජනාධිපතිවරුන්ගේ මුක්තිය අයින් කළේ මෙලෙස ද්වේශ සහගත අන්දමින් නඩු පැවරීම අපේක්‍ෂාවෙන් නොවේ යැයිද කීය”
මෙම ආරාධනය එංගලන්ත තානාපති කාර්යාලය හරහා මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය හරහා තමා ජනාධිපති ලේකම් කාර්යාලයට ලැබී ඇතැයිද ඒ පිළිබඳ පැමිණීල්ල නිසි ලෙස සොයා නැතැයිද මෙය එංගලන්තයෙන ලැබුණු ආරාධනයකට අනුව කළ නිල සංචාරයක් යැයිද අවුරුදු 76ක වයෝවෘද්ධ පුද්ගලයකු වන තම සේවාදායකයාට දීර්ඝ ගුවන් ගමන් නොහැකි නිසා ට්‍රාන්ස්සිට් එකක් ලෙස එංගලන්තය භාවිත කර ඇතැයිද කී අනුඩ ප්‍රේමරත්න මහතා වසර හතක කාලයක සිට හෘද රෝගයෙන් දියවැඩියා රෝගයෙන් හා අධි රුධිර පීඩනය ඇතුළු රෝග කීපයකින් තම සේවාදායකයා පීඩා විදින බවත් ඔහුගේ බිරිඳ පවා රෝගියෙක් නිදා ඕනෑම කොන්දේසියක් යටf් තම සේවාදායකයාට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියේය”
ඉන්දියාවේ ‘කොමන් වෙලත් යූත් සමුළුවේ’ ප්‍රධාන අරාධිත අමුත්තා ලෙස තම සේවාදායකයාට අනිද්දා දිනයේ සහභාවී වීමට ඇතැයිද බන්ධනාගාරය හිටපු ජනාධිපතිවරයකුට ආරක්ෂිත ස්ථානයක් නොවන හෙයින් ඕනෑම කොන්දේසියක් මත තම සේවාදායකයාට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියේය.
මේ අවස්ථාවේදී අධිකරණය ඇමතූ මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය ජාතික විගණන කාර්යාලය කළ විගණනය පිළිබඳ පැමිණිල්ලේ ස්ථාවරය කුමක්ද? යනුවෙන් විමසුවාය” ඊට පිළිතුරු දුන් අතිරේත සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දීලීප පීරීස් මහතා ජාතික විගණන කාර්යාලයෙන් කළ විගණනය සමස්ත වසර තුළ සිදු වූ විගණයන් පිළිබද වාර්තාවක් බවත් මෙම නිල සංචාරය පිළිබඳ කළ නිශ්චිත විඝණනයක් නොවෙන බවත් පැවසීය” දෙපාර්ශවයේ කරුණු දැක්වීම සවස 5”30ට පමණ අවසත් වු අතර පැය භාගයක කාලයකට අධිකරණ කටයුතු අත්හිට වූ මහේස්ත්‍රාත්වරිය නියෝගය පැය භාගයක කාලයකින් ප්‍රකාශයට පත් කරන බව දැනුම් දෙමින් විනිශ්චාසනයෙන් ඉවත්වී නිල මැදිරියට ගියාය” ඉන් සු`ථ වේලාවකට පසු අධිකරණයේ විදුලිය විසන්ධි වු අතර විදුලි බළ මණ්ඩලයේ සේවකයින් පැමිණ කළ අ`ථත්වැඩියාවකින් පසු පැයක පමණ කාලයකට පසු විදුලි සැපයුම ලැබිණී” පැය භාගයක කාලයකින් නියෝගය ප්‍රකාශයට පත් කරන බව මහේස්ත්‍රාත්වරිය දැනුම් දුන්නත් නියෝගය ප්‍රකාශයට පත් කිරීම සඳහා මහේස්ත්‍රාත්වරිය යළි විනිශ්චාසනාරූඨ වීම සඳහා පැය හතරකට අධික කාලයක් ගත වු අතර රාත්‍රී 9”45 ඇය විනිශ්චාසනාරූඨ වුවාය” දීර්ඝ වශයෙන් කරුණු අධ්‍යනය කර තිබු මහේස්ත්‍රාත්වරිය මෙම සිද්ධිය පිළිබඳ විමර්ශන ආරම්භ කර මාස 03කට අධික කාලයක් ගතවී තිබුණත් අදාළ සංචාරයට පාදක වු ආරාධනා පත්‍රය අද දිනයේ ඉදිරිපත් කරනතුරු ඉදිරිපත් නොකිරීම ප්‍රශ්න සහගත යැයිද සිද්ධියේ හරයාත්මක කරුණු ඇප දීමේදී සළකා බැලීමට අවශ්‍යතාවයක් නොමැති බව නඩු තීන්දු වල සඳහන්ව ඇතැයිද සඳහන් කළාය” නීතීය ඉදිරියේ සිය`ථදෙනා එකහා සමාන බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ව ඇති කරුණ අනුව සැකකරු ලංකාවේ 08 වැනි විධායක ජනාධිපතිවරයා වීම සුවිශේසී කරුණක් නොවන බවත් සැකකරුගේ රෝගී තත්වයන්ට බන්ධනාගාරය තුළ ප්‍රතිකාර නොමැති බවට කරුණු ඉදිරිපත්ව නැති බවත් සැකකරුගේ හා ඔහුගේ බිරිඳගේ රෝගී තත්වයන් සුවිශේෂී කරුණු වශයෙන් සැළකා බැලීමට හැකියාව නැති බවත් සඳහන් කළ මහෙස්ත්‍රාත්වරිය සැකකරු ලබන 26 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයට පත් කළාය” සැකකාර හිටපු විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී 06 වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන මහතාද හිටපු අගමැතිවරයකු වු දිනේෂ් ගුණවර්ධන මහතා ඇතු`ථ හිටපු සහ මේ වන විටත් දේශපාලනයේ නිරතවන විශාල පිරිසක් අධිකරණයට පැමිණ සිටි අතර ආධාරකරුවන් විශාල පිරිසක් අධිකරණයට පිවිසෙන මාර්ගයේ සිටියහ”
සැකකාර රනිල් වික්‍රමසිංහ මහතා රිමාන්ඩ් බාරයට පත් කළ පුවත ආරංචි වු ආධාරකරුවන් කෑකෝ ගසන්නට පටන් ගැනීමත් සමඟ ඔවුන් පාලනය කිරීම සඳහා කැරලි මර්ධන හමුදාව කැඳවනු ලැබු පසු බන්ධනාගාර නිලධාරීන් විසින් දැඩි ආරක්‍ෂාව මධ්‍යයේ සැකකාර රනිල් වික්‍රමසිංහ මහතා වැලිකඩ බන්ධනාගාර දක්වා රැගෙන ගියහ”
(ඡායාරූප: ළහිරු හර්ෂණ)
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
හිටපු ජනපති රනිල් රිමාන්ඩ්
වින්සන්ට් කජ්ජා Saturday, 23 August 2025 06:38 AM
පොඩි වැරැදිවලට ඇතුලට දාලා ලොකු දේවල් දැන් එළියට ගන්න ඕනෑ. රෙජිනෝලඩ් වින්සන් ප්‍රනාන්දුගේ මරණය ගැනත් හොයන්න. SI ප්‍රියදර්ශන තව එකක්...
පොඩිඑකා Saturday, 23 August 2025 08:28 AM
ගුනේ…., බු හා හා…!
අරවින්ද මොණරවිල Saturday, 23 August 2025 08:37 AM
මහලොකු ප්‍රජාතන්ත්‍රවාදියා, කරන තරමක් කෙරුවේ බලු සහ තිරිසන් වැඩ ! දඩුවම් දෙනවා නම් ජිවිත කාලයටම හිරගෙයි ඉන්න ඕනෑ කෙනෙක්!
අකිල Saturday, 23 August 2025 09:43 AM
ඕක විතරක් නෙමෙයි අර මෙයා 4-5 පාරක් විතර යාලුවෝ එක්ක ගිහින් ආපු " දේශගුණික විපර්යාස " සමුලුත් රටට කිසිම වැඩකට ඇති ඒවා නෙමෙයි, විශේෂයෙන්ම ඒ වෙලාවේ රටේ තිබුණු ආර්ථික ප්‍රශ්නත් එක්ක, හිරි වැටිච්චි කෙනෙක් කියන්නේ නිකන් නෙමෙයි...
යෝගා Saturday, 23 August 2025 09:58 AM
තමන්ගේ ප්‍රතිවාදියාට බුරන්න, හපාකන්න නන්නත්තාර වෙච්ච සත්තුන්ව කිරි පොවලා හදාගන්නවා. පස්සේ ඔවුන්ට පිටරට ලොකු මස්කටු ලැබුණාම තිරිසන් ගති මතුවෙලා හදාගත්ත මනුස්සයාවම හපා කනවා. මේවා කාටත් හොඳ පාඩම්...!
ප්‍රොමිස්...කා Saturday, 23 August 2025 10:11 AM
එතකොට ආරක්‍ෂකයෝ පිරිවරාගෙන හෙලිකොප්ටරෙන් අම්මාව බලන්න ඉස්පිරිතාලේට යන එකත් මහජන මුදල් අවභාවිතා කිරීමක්නේ. අයියෝ, කූරු ගනින්න වෙයිද?
Asela Saturday, 23 August 2025 10:30 AM
රනිල් වෙනුවෙන් නීතිඥවරයා ඉදිරිපත් කළ තර්කයෙන්, බදු ගෙවන්නන්ගේ මුදල් වියදම් කර අනුර තම මව හමුවීමට ගොස්, බදු ගෙවන්නන් වෙනුවෙන් අමතර වියදම් දරා ප්‍රේමිකගේ ස්ථානයේ රැඳී සිටීම සම්බන්ධයෙන් එම පරීක්ෂණයම සිදු කරන්නේද යන ප්‍රශ්නය මතු විය. බලයෙන් තොර වූ විට අනුරට ද එම දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවන බව මම සිතමි. මේ ශ්‍රී ලංකාවයි.
පිටිගල මිලානෝ Saturday, 23 August 2025 12:30 PM
ඓතිහාසික සිදුවීම් කියන දේවල් සාමාන්‍ය සිදූවීම් බවට පත්වෙමින් පවතී. ඊළඟ එක්කෙනා ගන්න කොට ඒක ඓතිහාසික සිද්ධියක් වන්නේ නැත. නියමයි…
රිස්වාන්Saturday, 23 August 2025 02:38 PM
අම්මව බලන්න හෙලිකොප්ටරේ ගිය ඒවට, නිල නිවස තියාගෙන රිසෝට් වල සැප ගන්න ගිය ඒවට රජයේ මුදල් අවභාවිතා කිරීමට අනුර ඇතුලට යන එක ඉතාම සාමාන්‍ය දෙයක් වෙයි නේද? නියමයි, නියමයි.
පොඩිඑකාSaturday, 23 August 2025 03:14 PM
ඉතිං රිස්වාන් උන්නැහේ, කිය කිය ඉන්නැතුව නඩුවක් දාන්නකෝ...!
Dili Saturday, 23 August 2025 03:08 PM
උසාවියේ තීන්දු ගරු කරන්නේ නැ කියලා අන්තිමට සෙත් පතන්න වුණා නේද?
කපුරුහාමි Saturday, 23 August 2025 03:29 PM
මොලේ උඩ ඉන්න වහලුන්ට මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා රටම බන්කොලොත් කරලා, නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරපු දූෂිත දේසපාලුවෝ, ඔවුන්ගේ උන් පව්ල් පිටින් පිනට සවාරි ගිහින් කරපු හරිය, ඒවා ඔවුන්ට වගේ වගක් නැහැ...
රාලහාමි Saturday, 23 August 2025 03:39 PM
දැන් රට නියම ට්‍රැක් එකට වැටීගෙන එන්නේ. රටේ ජනතාවගේ සල්ලි හොරාකාපු, මිනීමරපු ,වංචනිකයින් " තරාතිරම නොබලා " නීතිය හමුවට ගෙනෙනවා. අධිකරණය යුක්තිය ඉෂ්ට කරනවා.
Romesh Saturday, 23 August 2025 04:11 PM
රටේ ඇති බහුතරයක් ජනතාව මේ රජයට ඡන්දය දුන්නේ අධිකරණයේ නිදහස නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීමටයි. දැන් පොලිසිය දේශපාලනයෙන් නිදහස් !!! අධිකරණය දේශපාලනයෙන් නිදහස් !!! එදා රට හොරාකාපු සියලු දෙනාටම අධිකරණයෙන් උපරිම දඬුවම් ලැබේවා !!! එයයි ජනතාවගේ ප්‍රාර්ථනාව. ඊයේ එක්තරා දේශපාලකයෙක් රුපියල් 1500 ගානේ ගෙවලා, ස්ලෙව් අයිලන්ඩ් එක පැත්තෙන් හොයාගත්ත හිඟන කුඩු විකුණන අම්මන්ඩිලා වගයකුයි, හිඟන්නෝ වගයකුයි එව්වා. උසාවියේ උද්ගෝෂණ කරන්න රනිල්ට සපෝර්ට් එකට. කට්ටියගේ මුහුණු රෙකෝඩ් වෙලා තියෙන්නේ.. අධිකරණයට අපහාස කරපු අයටත් බඩු බනිස් වෙයි...