
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
කිසිම ක්‍රීඩා සංගමයක නිලතල සඳහා මින් ඉදිරියට ප්‍රාදේශීය සභා,පළාත් සභා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මැති ඇමතිවරුන්ට ඉදිරිපත් විය නොහැකි බව මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රී දිනේෂ් හේමන්ත මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
අද පාර්ලිමේන්තුවේදී ජාතික රාජ්‍ය සභාවේ ක්‍රීඩා පනත යටතේ නියෝග සම්මත වීමෙන් පසුව ක්‍රීඩා සංගම් පරිපාලනය සඳහා ඉහත දේශපාලකයන්ට ඉදිරිපත් වීමට නොහැකි බව කී මන්ත්‍රීවරයා ක්‍රීඩා සංගම් නිලවරණ සඳහා නාමයෝජනා දෙන්නවත් ඔවුන්ට හැකියාවක් නොමැති වන බව සඳහන් කළේය.
එමෙන්ම නව සංශෝධන යටතේ මින් ඉදිරියට කිසිම ක්‍රීඩා සංගමයක නිල තලවල වසර අටකට වඩා බහිරවයෝ වගේ රැඳී ඉන්නට නොහැකි බවද මන්ත්‍රීවරයා කීය. "මින් පසුව අප දේශපාලනයෙන් තොර ක්‍රීඩාවක් ඉදිරියට ගෙන යනවා.කිසිම සංගමයක් සම්බන්ධයෙන් අනවශ්‍ය වෛරයක් අපට නැහැ.ඒ වගේම අනවශ්‍ය ලබැදියාවක්ද අපට නැහැ .
බිඳ වැටුණු ක්‍රීඩා යළි ඇරඹීම සඳහා වන වැඩ පිළිවෙල අප ක්‍රියාත්මක කරමින් සිටිනවා.අපට දේශපාලනයක් තිබුණත් ක්‍රීඩා සංගම් දේශපාලනීකරණය කරන්නේ නැහැ.සියලු ක්‍රීඩා සංගම් දේශපාලනයෙන් මුදවා ගැනීම සඳහා වන සංශෝධන අප ඉදිරිපත් කරනවා" යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
2025 දෙසැම්බර් මස 04
791
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
586
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දේශපාලකයන්ට ක්‍රීඩා සංගම් නිලතල තහනම් කරයි
අරවින්ද මොණරවිල Wednesday, 20 August 2025 02:08 PM
අටත් වැඩියි වගෙයි මට හිතෙන්නේ, උපරිම හයක් තිබුණා නම් ඇති, ඒ වගේම දේශපාලකයින්ගේ ඤාතීන්ටද ඉල්ලන්න බැරි විදියට නීති සම්මත කළ යුතුයි...!
අන්_රWednesday, 20 August 2025 02:36 PM
රුපියල් 1500 දවස් කුලියට අපුල්ලන ඩෝබිලාගේ උපදෙස් වලට වැඩ කලොත් නම් අපිට කෙලවෙනවා... ලොවෙත් නැතිවෙන්න.
අරවින්ද මොණරවිල Wednesday, 20 August 2025 03:55 PM
කුලියට කන්න කොටන එවුන් හිතාගෙන ඉන්නේ, තමන් වගෙයි කියලා අනිත් එවුනුත්, රාජපක්ෂ වික්‍රමසිංහ ප්‍රේමදාස කල්ලියේ එවුන් වගේ නොවෙයි මාලිමාවේ අය..
පන්සිළු Wednesday, 20 August 2025 02:19 PM
ඒවා සේරම මාලිමාකරණය කරලා ඉවරයි.
ප්‍රියා Wednesday, 20 August 2025 04:42 PM
මන්ත්‍රීකමේ හිටියත්, නැතත් කිසිම දේශපාලන පක්ෂයක තනතුරු දරන කිසිවකුත් ක්‍රීඩා සංගම් තනතුරු නොදිය යුතුයි...
fairoos Wednesday, 20 August 2025 05:02 PM
ඉතාම හොඳ තීරණයක්...