
(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් කොළඹට රැස්වූ ජනතාව මේ වන විට කොම්පඤ්ඤවීදිය කිව් පාරේ ශිව සුබ්‍රමනියම් කෝවිල අසල රැස්වී උද්ඝෝෂණ පවත්වමින් සිටිති.
එම කෝවිලට මීටර් සියයක් පමණ ඉදිරිපිටින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පිහිටා ඇත.
කෝවිල ඉදිරිපිට පොලිසිය පෙළ ගැසී ජනතාව ඉදිරියට පැමිණීම වළක්වමින් සිටී.
කෝවිල ඉදිරිපිට රැස්වූ පිරිස් සටන් පාඨ කියමින් ආණ්ඩුවට විරෝධය පළ කරමින් සිටිති.
(ඡායාරූප -ජයමාල් චන්ද්‍රසිරි)


ඡායා ළහිරු හර්ෂන




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිට්ඨ ධම්ම වේදනීය කර්මය කියන්නේ මේවට තමයි. කාටත් ධර්මතාවය පොදුයි.
මේ ගොල්ලෝ පවු... එහෙම නැතිනම් වාසි නැතිව අතරමං වෙලා...
මහ ප්‍රජාතන්ත්‍රවාදියාගේ මහ ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂ අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කරන්න හදන අමන උත්සාහය තරම තමයි මේ පෙන්නන්නේ, මොවුන් කවමදාවත් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කෙරුවේ ඒක තමන්ට වාසිදායක නැත්නම් අධිකරණයට වුණත් ගරු කෙරුවේ තමන්ගේ වාසියට තීන්දු තීරණ ලැබෙන තෙක් පමණයි කියලා ඉතිහාසයේ පුරාවට ඔප්පු වෙලා තියෙනවා.
මහා සෙනගක් පේනව කාකි ඇඳුම් ඇඳගනිපු, ඔතැන වොයිස් කට් ඇහුවාම කියන්නෙ එක එක කතා අනේ පව් මොවුන්ට කවදා සත්‍ය අවබෝධ වෙයිද?
උද්ගෝෂණකරුවන්ට වැඩිය පොලිසිය ඉන්න බවක් පෙනෙනවා, සාධාරණ ගානක් ගෙව්වා නම් තව ටිකක් එකතු කරගන්න තිබුණා.
අම්මෝ මහා සෙනඟ ඔච්චරද ?
මේ අයව හොඳට පේන්න වීඩියෝ කරගන්න. ඉස්සරහට වැදගත් වෙන්න පුළුවන්.
රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් තියන කාලෙක රාජ්‍ය මුදල් ඩොලර් 45000 ක් , තමන්ගේ පෞද්ගලික සුඛෝපභෝගී සංචාරයක් සඳහා වංචා සහගත ලෙස පාවිච්චි කරපු ප්‍රබු උන්දැට උපරිම දඬුවන් දෙවි යයි මහජනයා ලෙස අප අපේක්ෂාවෙන් බලා සිටින්නෙමු
හොරු සමග හෙලුවෙන්.. මේ කට්ටියට තෙරෙන්නෙ නෑ ඔය හොරාකාල තියෙන්නේ..තමන්ගේ බත් ඇටේට ගහපු බදු මුදල් බව..
පිස්සුද, මහජනයා මෝඩ නෑ. මෙතන ඉන්නේ කොළඹ ඉන්න පිට පොකට් කාරයෝ , අත්ලොස්සක් පමණයි.
රටම විනාස කරන්ඩ දායක වෙච්චි හිටපු දූෂිත නායකයෙක් වෙනුවෙන් කෑකෝ ගහන මෝඩ මිනිස්සු ලොවෙත් නැතුව ඇති.. අපිට නම් ලැජ්ජයි...
ගහලා එළවන්නයි තියෙන්නේ...
මහා රැල්ලක් වුණත් පටන් ගන්නේ සුළුවෙන්, මෙතැන ඉන්නේ දෙතුන් සීයක් වුණත් ප්‍රජාතන්ත්‍රවාදය ගැන විශ්වාස කරන මිනිස්සු තමයි.... ඒ කාලෙකට ඉහතදී එහෙම විශ්වාස කරලා ඡන්ද දාන්න ආවාම සහෝදරවරු කියාගත් මිනීමරුවන් ඒ අහිංසක මිනිසුන්ට වෙඩි තබා මරා දැමුවා.
බොරුවට ඔතන නටන්නේ නැතුව උසාවියට කරුණු ඉදිරිපත් කළා නම් හරිනේ. එහෙම නැතුව බොරුවට උද්ඝෝෂණය කරලා ඇති වැඩක් නෑ. ප්‍රාදේශීය සභා ඡන්දයට අපේ ගමේ තිබුණු රැස්වීමටත් ඔයිට වඩා සෙනග හිටියා.
වෙසක් දවසට පොඩිම දන්සැලකටත් මීට වඩා සෙනග ඉන්නවා. මාලිමාවට ජයවේවා...
ලැබෙන්න තියෙන ඇපෙත් නැතිකරගන්න වගේ කට්ටියගේ සූදානම...