
(විමුක්ති එස් රුද්‍රිගු)
එක්සත් රාජධානියේ පදිංචිව සිටි ශ්‍රී ලාංකික තරුණියක වේල්සයේ අගනුවර වන කාර්ඩීෆ් නගරයේදී පසුගිය 21 වැනිදා ඝාතනය කර ඇත.
නිරෝධා කල්පනී නිවුන්හැල්ල නමැති 32 හැවිරිදි තරුණියක එසේ ඝාතනය කර ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.
නිරෝධා දැඩිව තුවාල ලබා කාර්ඩිෆ් නගරයේ රිවර්සයිඩ් ප්‍රදේශයේ මාවතක වැටී සිටියදී පසුගිය 21 වැනිදා එරට වේලාවෙන් උදෑසන 7.37 ට පමණ හදිසි ප්‍රථමාධාර ලබාදෙන්නන් ඇයව සොයාගෙන ඇති අතර එහිදී ප්‍රථමාධාර ලබා දෙන්නන් ඇයගේ ජීවිතය බේරා ගැනීමට දැඩිව උත්සාහ කර ඇතත් එම සියලු උත්සාහයන් අසාර්ථක වී තිබිණි.
ඇයගේ මරණයට සැකපිට කාර්ඩිෆ් නගරයේ පෙන්ට්වින් ප්‍රදේශයේ වෙසෙන 37 හැවිරිදි ශ්‍රී ලාංකිකයකු සවුත් වේල්ස් පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබ තිබේ.
නිරෝධා දැඩිව තුවාල ලබා වැටි සිටි මාර්ගයට ආසන්න මාර්ගයක සිටියදී සැකකරුව එලෙස පොලිසිය අත් අඩංගුවට ගනු ලැබ ඇත.
නිරෝධාගේ මියයාමත් සමග ප්‍රදේශයේ නිවාස එකින් එකට ගොස් සිද්ධිය පිළිබඳව ප්‍රදේශවාසීන්ගෙන් විමසා ඇති අතර සිද්ධිය පිළිබඳව තොරතුරු වෙතොත් ඉදිරියට පැමිණෙන ලෙස ඉල්ලීමක්ද කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය වසරේ වර්ණ භේදය නිසා ලංඩන්වල පමනක් ලමයින් තිස් දෙකක් පිහි වලින් ඇනලා ඝාතනය කලා.
මම මේ කියන දේ මැරුණු කෙනාට අදාල නොවෙන්න ඇති. ඒත් මම රටවල් 11 අවුරුදු 19 ජීවත් වුණා... අත් දැකීමෙන් කියන්නේ. ලංකාවේ කෙල්ලෝ අනිත් රටවල් වල වුණා වගේ නෙමෙයි. කොල්ලන්ටත් වඩා කොහොම හරි හොරෙන් හොරෙන් බුදියන්න එකෙක් අලාගන්නවාමයි. ඒක තමා මේවාට හේතු වෙන්නේ අවසානේ...
මාලිමා රජය බලයට පත් වුණාට පස්සේ මරණ ප්රතිශතය වැඩි වෙලාද කොහේද? ආණ්ඩුවට විරුද්ධව කරුණු හොයන විපක්ෂයට මේකත් හොඳ පොයින්ට් එකක්...
මුන් මරාගන්නවානම් මෙහෙට වෙලා මරාගන්නයි වෙන රටවල් වලට ගිහිල්ලා තමුන්ගෙ ජානමය ලක්ෂණ පෙන්වන්නේ නැතිව මොනජාතියේ එවුන්ද මන්දා
මූණේ ලස්සන (දෙන්නගෙම) හදවතේ තිබුණෙ නැද්ද දන්නේ නැහැනේ...
මිනීමරුවා බොහෝ දුරට ජෙප්පෙක් විය හැක.