
(සුජිත් හේවාජුලිගේ)
දුප්පත් ජනතාවට සෞඛ්‍යාධාර ලබාදීම වෙනුවෙන් පිහිටුවන ලද ජනාධිපති අරමුදලෙන් විදේශ ශිෂ්‍යත්ව ලබාගත් බව කියන මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලඥයන්ගේ දරුවන් ඇතුළු ඥාතීන්ගෙන් එම මුදල් කඩිනමින් අය කරගැනීම සඳහා රතු නිවේදන ළඟදීම යැවීමට බලාපොරොත්තු වන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම මුදල් අය කර ගැනීම සම්බන්ධයෙන් රජය නීති අංශවලින් ද දැනටමත් කරුණු විමසා ඇත.
ජනාධිපති අරමුදලෙන් විදේශ ශිෂ්‍යත්ව ලබා ගැනීම එම පනතේ වගන්ති ප්‍රකාරව නීති විරෝධී බව නීති අංශ සඳහන් කරයි.
දුප්පත් ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් සැලසීම වෙනුවෙන් පිහිටුවා ඇති ජනාධිපති අරමුදලෙන් පසුගිය කාලයේදී මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලඥයන් පිරිසකගේ දරුවන් ඥාතීන් සහ හිතවතුන් 72 කට වැඩි පිරිසකට රුපියල් කෝටි විස්සකට වැඩි වටිනා විදේශීය ශිෂ්‍යත්ව ලබාදී ඇතැයි නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී තොරතුරු අනාවරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සභාව නිශ්සබ්දයි!
අසරණ මිනිස්සුන්ට ලෙඩ රෝග වලට අවශ්‍ය මුදල් නොදී මොවුන් හොඳ හැටි හිතේ හැටියට අරන්...
නියමයි... මෙහෙම කරගෙන යමු... බඩු මිල මහළ දැම්මේ නැතිවට කමක් නෑ. රටේ නීතිය හරියට ක්‍රියාවට නැගුණාම... නිකන්ම බඩු මිල බහීවි...
අසුචි පරීක්ෂාවකට ලක්කර, මේ දූ පුතුන්ගේ (හොරාකන) සහ සාමාන්‍ය ජනතාවගේ අසුචි අතර වෙනස හිටපූ ජනපති වරුන් වෙත යැවිය යුතුයි.
බයියන්ට දැන් සැපද?
දූෂිත දේශපාලුවෝ ආසියාවේ ආස්චර්‍ය පෙන්වලා තියෙනවා. ඔවුන්ගේ අයට ඇති වෙන්න....
හැකි ඉක්මණින් සම්පූර්ණ නම් ලැයිස්තුව ප්‍රසිද්ධ කරන්න. ඒ සඳහා කිසිඳු නීතිමය බාධාවක් නැති බව පැහැදිලියි...
අපිට මතක නෑ. අපි දන්නේ නෑ. දැනගත්තත් අපි කියන්නෙත් නෑ. මීට තක්කඩි, දේශපාලුවන්ගේ රෙදි හෝදන අපි...!
බය නැතුව නම් ලැයිස්තුව අදාල මුදල සහිත විස්තර ප්‍රසිද්ධ කරන්න. ඒ ගැන දැනගැනීම ජනතා අයිතියකි.
යෝගා, ගුණේ එක්ක කතරගම දෙයියන්ට කියන්න අපිට එහෙම කරන්න එපා කියලා...
මේක තවත් නාට්‍යයක්. අන්තිමේදී මේක ආපහු ගන්න බෑ. අනුමැතිය දුන්න කමිටුව නිසා ලබන්නාගේ වරදක් නෑ.
සාටක් තිරිසනුන්ගෙන් මේවා අය කර ගන්න ඕනි පොලියත් එක්ක
"හොදම දේ දරුවන්ට"කියලා ඒ කාලයේ පොහොට්ටුවේ නායකයෝ කිව්වේ ඒක නිසා වෙන්න ඇති. හැබැයි ඒකේ වරහන් ඇතුලේ අපේ කියන කෑල්ල හංගලා තියෙන්න ඇත්තේ !
උන් මරාගෙන මැරිලා දේශපාලනය කරන්නෙ රටටවත්,අහිංසක දුප්පත් මිනිස්සුන්ටවත් ආදරේට නෙවෙයි කියලා...කෝ බලන්න දැන්වත් තේරුණ අය!
ගෝඨාභය ආන්ඩුව කාලෙ ජනපති අරමුදල වියදම් නොකර ආපහු භාන්ඩාගාරය ට යැවුවා කියල තිබුනා.. ජනතාව දැනුවත් කරා නම් හරි ඕක ගන්න හැටි.. ජනපති කරන්නේ අත්සන් කරන එක වෙන්න ඇති.