
(මනෝප්‍රිය ගුණසේකර)
මුදල් අවභාවිතා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණයට ඉදිරිපත් කළ දින රාත්‍රීයේ අධිකරණය තුළ සිදුවු යම් යම් දේ වීඩීයෝ කර සමාජ මාධ්‍ය වල පළ කළ පුද්ගලයින් සොයා වහාම ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය රහස් පොලිසියට අද නියම කළාය.
පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දීලීප පීරිස් මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් එලෙස නියම කළ මහේස්ත්‍රාත්වරිය අධිකරණයට අපහාස කිරීමේ පනතේ සඳහන් ප්‍රතිපාදන යටතේ සැකකරුවන් සම්බන්ධයෙන් ක්‍රියා මාර්ග ගන්නා ලෙසද නියම කළේය.
නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී රහස් පොලිස් නිලධාරීන් සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතා සමඟ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දීලීප පීරිස් මහතා කරුණු දක්වමින් සැකකාර රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටීම සඳහා පැමිණී නීතීඥවරු අතර සිටි සමහර නීතීඥවරු දිගින් දිගටම එල්ල කෙරුණු බාධා කිරීම් හමුවේ තමන්ට කරුණු දැක්වීමට සිදු වුයේ යැයිද අධිකරණය ඇමතීම සඳහා තමන්ට ඉඩකඩ සළසා දීමට අවස්ථා ගණනාවකදීම අධිකරණයට මැදිහත්වීමට සිදුවීම පිළිබඳවද අධිකරණයට මතක් කර දුන්නේය.
සැකකාර රනිල් වික්‍රමසිංහ මහතා රිමාන්ඩ් බාරයට පත් කළ බවට ගරු මහෙස්ත්‍රාවරිය ප්‍රකාශයට පත් කළ අවස්ථාව ඒ වේලාවේ අධිකරණයේ රැඳී සිටි කිසියම් හෝ පුද්ගලයකු වීඩීයෝ කර සමාජ මාධ්‍ය වල ප්‍රචාරය කිරීමට පියවර ගෙන ඇතැයිද සැකකරු අධිකරණ ශාලාව තුළ වු බංකුවේ වාඩි වී සිටියදී එයද වීඩීයෝ ගත කළ කිසියම් හෝ පුද්ගලයකු එයද වීඩීයෝ කර සමාජ මාධ්‍ය වල ප්‍රචාරය කිරීමට පියවර ගෙන ඇතැයිද පෙන්වා දුන් ජනාධිපති නීතීඥ දීලීප පීරිස් මහතා එදින අධිකරණයට පැමිණ සිටි නීතීඥවරුන්ම තවත් නීතීඥවරයකුට ගරු නොකරන තත්වයකට පත් වෙනවා නම්” නඩු විමසා තීන්දු දෙන විනිසුරුවරියට ‘පැලවත්තෙන් ලැබුණු තීන්දු’ කියා කියනවා නම් මොකක්ද? එකේ තත්වය යනුවෙන් ප්‍රශ්න කළේය.
නඩුව අවසන් වී රාත්‍රී 11.00 පසුවනතුරු තමන් ඇතු`ථ විමර්ශන නිලධාරීන්ට අධිකරණ පරීශ්‍රයේ රැඳී සිටීමට සිදුවන්නේ නම් නීතීයේ ආරක්‍ෂාව කොහේදැයි ප්‍රශ්න කළ ජනාධිපති නීතීඥ දීලීප පීරිස් මහතා කිසිවෙකුට ත්‍රාඩ විධියට නඩු කිරීමට ඉඩදිය නොහැකි යැයිද කීය. නීතීයේ දෙවඟණගේ දෑතට අසපත දී ඇත්තේ දඬුවම් දීමට බව පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දීලීප පීරිස් මහතා යුක්තියේ ක්‍රියාවලිය ආරක්‍ෂා කිරීම සඳහා එම අසිපත ප්‍රයෝජනයට ගන්නැනි ඉල්ලා සිටියේය.
නඩුව පිළිබඳ වාචාල කතා කියු යුටියුබ් කරුවන්ට මෙන්ම අධිකරණ නියෝග දෙන අවස්ථා වීඩීයෝ කර සමාජ මාධ්‍යවලට මුදා හළ පිරිස් පිළිබඳවද විමර්ශන කර ඔවුන්ට එරෙහිව පියවර ගන්නැයි ඉල්ලා සිටියේය.
කරුණු සළකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ මහෙස්ත්‍රාත්වරිය අධිකරණය තුළ සිදුවු දේවල් වීඩීයෝ කර සමාජ මාධ්‍ය වලට මුදා පළ පුද්ගලයින් සොයා වහාම ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස රහස් පොලිසියට නියම කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මප මූං ගිය උඩ. ටයර්වලටත් ඉහළයි.
දිලීප ආන්න ඒ බය තියා ගත්තනම් ඇති. අනික අත්තඩංගුවට ගද්දි කෙදිරි ගාන්න එපා කියලා පාරම් බාලා, ඇයි මේ අත්තඩංගුවට ගත්ත උන් කෙදිරි ගගා ඇවිදින්නේ? රුබිකෝන් තරණය කලා නම්, ප්‍රතිඵලත් විදින්න ලෑස්ති වෙන්න
මේ අයට අවශ්‍ය අධිකරණයත් තවත් එක පාර්ලිමේන්තුවක් කිරීමටයි. ඔහොම ගියොත් අධිකරනයට මිරිස් කුඩු එන්නත් පුලුවන්.
මීටත් වැඩිය ඉක්මනින් අධිකරණයේ නඩු අහන විට විදුලිය විසන්දි කරපු එකාව හිරේ දාලා ගෙදර අරින්න අනිත් අයටත් නැවත මෙවැනි දේ නොකරන්න. මේ වාගේ හොංචායියන්ට හොද නාකිමයිනා වයි ගෝටා යී වාගේ උන්. සුදු වෑන් නැහැ නේ මේ රජයේ. ඒ නිසා සේරම ගොබ්බ පැටව් චන්ඩි වෙලා.
1. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණයට ඉදිරිපත් කළ දින රාත්‍රීයේ අධිකරණය තුලසහ අදිකරණ අවට භුමිය තුල මාධ්‍ය හැසිරුණු ආකාරය, සමහර දේශපාලකයන්ගේ හැසිරීම් පමණක් නොව අධිකරණ භුමිය තුල ආරක්ෂාව සදහා සිටිනවු පොලිසියද ඔවුන්ගේ රාජකාරිය නිසි ආකරයට ඉටුකර නොමැති බවක් පෙනෙන්නට තිබේ. 2. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණයට ඉදිරිපත් කළ දින රාත්‍රීයේ අධිකරණය තුල විදුලිය ඇනහිටීම පිළිබදවද සොයාබැලීමට සහ රාත්‍රීයේ අධිකරණය තුල විදුලිය ඇනහිටීම සිදුවූ අවස්ථවක (දිවා කාලයේ පවා අදිකරණය තුල වෙඩි තැබීම මිනිස් ඝාතන පවා සිදුව තිබෙන නිසා ) cctv පවා නොමැති තත්වයක හදිසි තත්වයක් හෝ පහරදීමක් හෝ වැනි සිදුවීමක් සිදුඋවහොත් යන්නාවූ කරණය හේතුපාදක කරගෙන අදිකරණයෙ මාධ්‍ය අංශයෙන් හෝ අවසර ලත් මාධ්‍යයකට හෝ ඒ අවස්ථවේ සිදුවන කටයුතු Video ගත කිරීමට අවස්ථව ලබාදිය යුතුවේ.
නියම තීරණයක්.. සුභ පැතුම්..
මාර වැඩේ ලංකාවට උනේ. පැලවත්තෙන් දෙන තීන්දු කියලත් කියලා. හින්න යනවා මේවට අම්මපා.
නියමායි!
පොහොට්ටු සජබ අලි හවුලේ මැර දේශපාලනය එළිපිටම ප්‍රදර්ශනය කරන නමුත් එයට බිය නොවී තම රාජකාරිය ඉටු කරන සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් ඇතු නිළධාරීන්ට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතු අතර සමාජයට අහිතකර ලෙස දගළන සුනඛයන් අධිකරණ විසින් බැද දමනු ඇතැයි බලාපොරොත්තු වෙමි.
අධිකරණ ශාලාව තුළ නඩු කටයුතු විභාග වෙන මොහොතේ අසූචි ගහපු අවස්ථාවත් තිබුණා.
මාධ්‍ය වේදියෝ අධිකරණ ශාලාවෙන් පිටත සිට අධිකරණ ශාලාවට ගෙන එන සහ ඉන් පිටත් වෙන් චුදිතයෝ , පැමිණිලි කරුවෝ , අච්චු කරපු සිර කරුවෝ දස දහස් ගානක් වීඩියෝ කරලා ඇති , රනිල් වීඩියෝ කරන්න එපා කියල අධිකරණ නියෝගයක් තිබුනේ නැහැ ,
සමහර දේශපාලුවන් උන්ගේ පරණ තනතුරු වල බලය පාවිච්චි කරමින් අධිකරණ භූමිය තුලට ඇතුල්වීමට උත්සාහ කරනවා. තාම හිතන් ඉන්නේ ඉස්සර වාගේ සෙල්ලං තාම පුළුවන් කියලා.
වඩාත්ම සැලකිලිමත් විය යුතු කරුණ නම් උසාවි ඇතුළත සිදුවන දේවල් සමාජ මාධ්‍ය හරහා සජීවීව විකාශනය කිරීමයි. අනෙක් සියල්ල විනිසුරුවරයාට ස්තූතිවන්ත වන්නට ප්‍රදර්ශනය විය.
අනුරට ස්තූතියි: හේතු 1 රනිල්ට බයිපාස් කරලා ජීවිත කාලය දීර්ඝ කරගන්න පුළුවන් 2 සියලු පක්ෂ සතුරන් එක්සත් වෙලා 3 AKD හෙලිකොප්ටර් ගමන් හෙළි කරන්න 4 සමරසිංහ හොර ඔප්පු හොරා කියලා මිනිස්සු දන්නවා 5 කන්ටේනර් 330 වංචාවට බිමල් අත්අඩංගුවට ගන්න 6 මිනිස්සු අනුරගේ ගමන් ගණන් කරලා මාව තෝරගන්නවද නැද්ද කියලා