
(ගයාන් සූරියආරච්චි)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් අත්අඩංගුවට ගැනීම සදහා හිමිනම වැඩවාසය කරනු ලබන බව කියන ඔබේසේකරපුර සදහම් සෙවණ විහාරස්ථානයකට පොලිස් කණ්ඩායම් කීපයක් ගියද එම හිමිනම එහි නොසිටි බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
අපේ ජනබල පක්ෂයේ මහලේකම් වශයෙන් කටයුතු කළ හිමිනමක පැහැරගෙන ගොස් පහරදී තර්ජනය කර ජාතික ලයිස්තු මන්ත්‍රීධූරයක් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රී අතුරලියේ රතනහිමියන්ට එරෙහිව එම පක්ෂයේ මහලේකම් බව කියන හිමිනමක විසින් පැමිණිල්ලක් කොළඹ අපරාධ කොට්ඨාසයට කර තිබුණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ අපරාධ කොට්ඨාසය ඇතුළු විමර්ශන කණ්ඩායමක් කීපයක් අතුරලියේ රතන හිමියන් අත්අඩංගුවට ගැනීම සදහා ඔබේසේකරපුර සදහම් සෙවණ විහාරස්ථානයට ගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුවේ නැති එක ලොකු දෙයක්... පොහොර ගැන ගොන් පණ්ඩිත කතා කියලා ගොවියෝ අනාථ කළා...
වැඩක් නැහැ... ගියාට රහත් වෙලා දිව්‍යෙලෝකයේ ඇති
මෙයාගේ දේශපාලන ආරම්භය ජවිපෙන්. ගහේ කටු උල්කරන්න දෙයක් නෑ. පට්ට ආත්මාර්ථකාමී කුහක කෙනෙක්...
උන් වහන්සේගේ වැරදි දාහක් ඇති, ඒත් කොටි මාවිල්ආරු සොරොව්ව වහපු වෙලාවේ, කොටින්ට පහරදීලා ජයග්‍රාහී මෙහෙයුම පටන්ගන්න තැනට ආණ්ඩුව බලෙන් තල්ලු කලේ උන්වහන්සේ...
බුදුදහම විකුණගෙන කනවා. වාහන , තනතුරු , සල්ලි, පදවි, තනතුරු ඔක්කෝම සැප විඳිනවා. මිනිස්සු රවට්ටලා බුද්ධ චීවරයට මුවා වෙලා, රටට, ජාතියට, ආගමට නිගරුවක්...
JVP කාරයෝ තමයි අන්තිමට රට හදන්න ඉදිරියට ආවේ. කර උඩ තියාගෙන හිටිය අය කරලා තියෙන හරිය මුලු ලෝකයෙන්ම අය දැන් දන්නවා.
තවත් එක් චීවරධාරියෙක්. මෙයා දැන් "හිමි" නෙමෙයි, "අහිමි". චීවරයේ පිහිටෙන් දිව්‍යලෝක සැප සම්පත් මෙලොවදීම විඳපු ශරීර කඳක්.
අතන මෙතන, රතන... දැන් කොතන කියලද තමයි ප්‍රශ්නේ...!
රත්නේ ඔබ කොහිද?
වැරැද්ද තියෙන්නේ මොවුන්ගේ නොවෙයි, මේ වගේ අයට හතර ගාතෙන් වැඳ වැටී නමස්කාර කරන, තමන් දුක් මහන්සි වී හම්බකරන දේ, මොවුන්ට පූජාකරමින් හැමදාම හිඟන්නන් මෙන් ජීවත් වෙන ජානගත මෝඩයින්ගෙයි. "උණ පුරුකේ දැම්මත් බලු වලිගේ ඇද නෑරෙන සේ" මේ මෝඩයින්ගේ ගොන් මෝඩකම් නම් මේ කපේදී නැතිවෙන්නේ නැහැ... ශ්‍රද්ධාව වැඩිකමට මෝඩකම ඉහට ගහලා කියලයි මට හිතෙන්නේ.. මේ ගොන්කම් වලින් මිදී සැබෑ බෞද්ධ දර්ශනය හොයා ගනිල්ලා මොඩයිනේ..
අතන, මෙතැන, කොතැන වැඩියාදෝ ?
බටහිර රටක සිවුරු හැරලා කාන්තාවක් විවාහ කරගෙන සැපෙන් ඉන්නවලු