
( දිනේෂ් උපේන්ද්‍ර සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කුලියාපිටිය විල පළ පාලම අසලදී පාසල් වෑන් රථයක් සහා වැලි පිරවූ ටිපරයක් මුහුණට මුහුණ ගැටීමෙන් පාසල් දරුවන් දෙදෙනෙක් ඇතුළු තිදෙනකු මරුමුවට පත්ව ඇතැයි කුලියාපිටිය පොලිසිය කියයි.
ඒ අතර පාසල් වෑන් රථ රියදුරා ද වන බව පොලිසිය කියයි. අනතුරින් තුවාල ලැබූ තවත් පාසල් දරු දැරියන් 13 පිරිසක් රෝහල් ගත කර ඇතැයිද පොලිසිය සඳහන් කරයි
ඔවුන් කුලියාපිටිය මූලික රෝහලට ඇතුලත් කර ඇති බව පොලීසිය කියයි.



(ඡායාරූප බිමල් ශ්‍යාමන් )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩුම තරමෙ මහාමාර්ගයේ විනයවත් හදන්න මේ ආණ්ඩුවට කොන්දක් නැහැ.
ලෝකෙ දියුණු යැයි සම්මත රටවල්වල ටිපර් , බහාලුම් අදින වැනි බර වාහන වලට පාරට එන්න වෙලාව් තියෙනවා. උදේ 9 පසුව . සහ වේග සීමාවක් තියෙනවා. අපේ රටේ මේවා ඇයි ක්රියාත්මක කරන්නෙ නැත්තෙ ? ටිපර් යන්නෙ පාරෙ මැද අධික වේගයෙන්. නොහික්මුන රියදුරන් අනෙකාව මරාගෙන යනවනෙ.
පව් දෙයියනේ. දෙමව්පියන් කොහොම මේ දුක දරාගනීද? ටිපර්කාරයෝ යන්නෙ පාර උන්ට ලියලා දීලා වගේ. ඔය රියදුරන්ව මත්ද්‍රව්‍යවලට පරීක්ෂා කරන්න ඕනෙ!
පාසැල් පටන්ගන්න වෙලාවට සහ නිම වන වෙලාවට බස් රථ හැර අනෙකුත් බර වාහන ගමන් කිරීම තහනම් කලයුතුය. එය කල හැකි දෙයක්.
දිවා කාලයෙදී බර වාහන ගමන් කිරීම තහනම් කරනු.
ආණ්ඩුව අධික බදු පනවල වාහන මිල ඉහල දැම්ම එකේ විපාක තමයි මේ. හරි හමන් වාහනයක් ගන්න කෝටියක් යන රටේ කොහොමද මේ සේවා පවත්වන් යන්නේ? පරණ වැන්වල ළමයි යවන්නේ වෙන කරන්න කිසිම දෙයක් නැති තැන.
හරිම දුක හිතෙන ආරංචියක්, මම දැනට ඩුබායි වල ඉන්නේ . මෙහේ මාර්ග නීති වලට කිසිම බර වාහනයක් (Heavy Vehicle) පාසල් සහ කාර්යාල කාල වලදී පාරට දාන්න දෙන්නේ නැහැ, ඒවාට වෙනම මාර්ග රේඛා තියෙනවා. ඒවගේම පාක් කරගෙන ඉන්නවා තමන්ගේ වේලාව එනතුරු . විනය ගරුක, රියදුරන් බිහි කරන්නේ නැතිව හොඳම ක්‍රියා පිළිවෙතක් එයයි.
බර වාහන රියදුරන් දැඩිව විනයක් හා දැනුමකින් යුක්තව රිය ධාවනය කරන්න අලුතින් නීති වහාම ගෙන ආ යුතුය. එතෙක් මහජනයා වන අපි දැඩිව ඔවුනට එරෙහිව මතයක් ගොඩ නගමු. එවිට පගා අරං නීතිය නමන්න දෙන පතෝල පොලිසියටත් වැඩ වරදීවි.
බොලාට මොකවත් කරන්න තේරෙන්නෙ නැතිනම්,මාර්ග නීතිවත් හරියට ක්‍රියාත්මක කරන්න.
බරවාහන රියැදුරන්ගේ විනයත්, බරවාහන මාර්ගය භාවිතා කරන කාල වෙලාවත් වැදගත්. කිසියම් අනතුරකදි මගින්/දරුවන් ආරක්ෂාව තහවුරු කළහැකි වාහනයක් භාවිතා කිරීමත් වැදගත්. පෙනෙන විදිහට tinkering වලින් වහපු දිරාගිය සැකිල්ලක් සහිත වාහනයක් හින්දා තමයි, උඩ කොටස කැඩී වෙන්වෙලා තියෙන්නේ . හානිය වැඩි ඒ හින්දා වෙන්න ඕනේ.
ගුණරත්නගේ කතාවේ යම්කිසි අර්ථයක් තිබෙනවා. ලංකාවේ ගහන අධික තීරුබදු නිසා වාහන අමතර කොටස් මිල අධිකය. එම නිසා පාරේ ධාවනය වන බොහෝ වාහන වල කාර්මික තත්වය ඉතා පහළය, එම නිසා අනතුරු සිදුවිය හැකි සම්භාවිතාවය වැඩි අගයක් ගනී...
ටිපර්, ලොරි පදවන හුගක් රියදුරන් අයිස්, කුඩු, ගංජා භාවිතා කරලා රිය ධාවනය කරන්නේ... අනිත් එක වැලි මාෆියාවට සම්බන්ධ අයට කිසිම විනයක් නෑ.
රත්නායක, මොකක්ද තියන ආරක්ෂාව...?
2/3 ක බලයක් දුන්නේ පොල් ගාන්න නොවෙයි. පාරේ විනයවත් හදපන්...
හැම දේකටම මුල ඉවසීම ,සහ විනයක් නැතිකම