
(සුජිත් හේවාජුලිගේ)
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ විසින් කතානායකවරයාට බාර දෙනු ලැබ ඇති විශ්වාසභංග යෝජනාව නීතිමය ගැටලුවක් හේතුවෙන් විවාදයට ගැනීමට නොහැකි වන පසුබිමක් නිර්මාණයවී ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
එසේ හෙයින් මෙම යෝජනාව ඉදිරිපත් කිරීමේ නෛතික හැකියාව සම්බන්ධයෙන් නිල වශයෙන් තොරතුරු විමසා බැලීමට නීතිපතිවරයාට යොමු කර ඇති බව රජයේ ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.
එසේම මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ එම යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් නොකරන ලෙසට කතානායකවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත.
මෙම යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඊයේ ඇතුළත් කිරීමට නියමිතව තිබිණ.
අරුණ ජයසේකර නියෝජ්‍ය අමාත්‍යවරයාට ගැසට් නිවේදනයකින් විෂය පැවරීමක් කර නැති හෙයින් යම් වගකීමක් නිල වශයෙන් නොපැවරී ඇති අවස්ථාවක එවැන්නකුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමේ නෛතිකමය හැකියාවක් නොමැති බව ආණ්ඩු පාර්ශ්වයේ මැති ඇමතිවරු පෙන්වා දෙති.
එවැන්නෙකුට විරුද්ධව යෝජනාවක් ගෙන එන්නේ නම් ගෙන ආ හැක්කේ දෝෂාරෝපණය කිරීමේ යෝජනාවක් පමණක් බව ඔවුහු වැඩිදුරටත් ප්‍රකාශ කරති.
එසේ හෙයින් නියෝජ්‍ය ඇමතිවරයෙකුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමේ හැකියාවක් නැති බව කියන එම මැති ඇමතිවරු ලංකා ඉතිහාසයේ කිසි දිනක නියෝජ්‍ය ඇමතිවරයෙකුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර නැතැයි ද ප්‍රකාශ කළහ.
මෙම යෝජනාව ගෙන ඒමට මූලික වී කටයුතු කළ සමගි ජන බලවේගය කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාගෙන් අප මේ පිළිබඳව කළ විමසුමකදී ඔහු පැවසුවේ ජනාධිපතිවරයා විදේශගතව සිටි සෑම අවස්ථාවකම ඔහුගේ ආරක්ෂක අමාත්‍ය ධූරයේ වැඩ ආවරණය කරනු ලැබුවේ අරුණ ජයසේකර මහතා බවයි.
එසේම ඔහු නිතර ආරක්ෂක හමුදා කඳවුරු වලට පවා යමින් විවිධ නියෝග ලබාදුන් බවත් එවැනි තත්ත්වයක් යටතේ ඔහු එම අමාත්‍ය ධූරයේ සිටියදී පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමෙන් ඒ පරීක්ෂණවලට අගතියක් සිදුවිය හැකි බවත් ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිපති තීන්දුව අපක්ෂපාතී විය යුතුයි. ඔහු පත්කලේ හිටපු ජනපති බැවින් ඒ තීන්දුව කිසිසේත් මේ ආණ්ඩුවට පක්ෂපාතී යැයි කිසිවෙකුට කිව නොහැකියි. එබැවින් බොරුවට තර්ක නොකර ඒ තීන්දුව එනකල් ඉඳිමු...
හතරබිහිරි කථාවක්නේ. ජනාධිපති නැති වෙලාවට වැඩ බලන අයට විෂය පථයක් නැත්නම් පුදුම වැඩක්නේ? ඵයාට ඕන ඕන දේවල් කරලා වගවීමක් හෝ වගකීමක් නැතිව ඉන්න පුළුවන්ද? එතකොට හරියට ද්විත්ව පුරවැසියෙක් වගේ මාරුවෙලා යයි නේ? මොකක්ද ඵ් නීතිය...?
දැන් මේක ඇහුණාම කියන දේ කරන්නේ නෑ කියලා අරයට මළ පනිනවා. ඊළඟ ඡන්දෙදී විරුද්ධව ඡන්දේ දෙන්න කියලා එයාගේ බැටළුවන්ට කියයිද දන්නේ නෑ.
සුළු හොරකමකට අදාල නඩුවක්වත් උසාවියේ කතාකරන එක නීති විශාරදයෙක්වත් විපක්ෂයේ ඉන්නවද? නමට නීතිඥ... ඉතිං කොහේද මුං රටක් කරන්නේ...
අනේ මෙන්න අත්දැකීම් බහුල අයගේ වැඩ, ආයතනයක වැඩ බලන කෙනෙකුගේ නියෝග අත්සන් වලංගුද කියලා මෙතුමාට පැහැදිලි කරන්න, මොකුත්ම දන්නේ නැති බබා, අරුණ ජයසේකර නැගෙනහිර වැඩ කළේ තමුන්නැහැලාගේ ආණ්ඩුව කාලේ නේද? ඇයි දැන් මේ නින්දෙන් ඇහැරිලා වගේ. වෙන කරන්නම දෙයක් නැති වුණාම කවුරුත් කරනවා වැඩක් නැති වැඩ...
මේවෙලේ බැරි වුණොත් ලබන මාසේ ජනාධිපති ඇමරිකා යනකොට මෙයාට වැඩබලන ඇමැතිකම දුන්නාම ආපහු විශ්වාස භංගය බාර දුන්නාම ඉවරයි...
බංකු බංකු...
ආපහු ප්‍රවෘත්තිය කියවන්න, මේ දෝෂාභියෝගය ගේන්නේ ඔය නියෝජ්‍ය ආරක්ෂක ඇමති තනතුරේ සිටිකාලයේ ඔහු යටතේ තිබුණු ආයතනයකට අදාළ සිදුවීමක් නිසා, ඔහු ට සදාචාරාත්මක අයිතියක් නැහැ මොකද පරීක්ෂණ වලට බලපෑමක් වෙන්න පුළුවන් නිසා, ඕක තේරුම් ගන්න බැරි මාලිමාවුන්. ඕක නිකම් අර ගෑනු නමක් තියෙන මාත්තයා... ඒ මාත්තයාගේ කාලේ ඒ මාත්ත්යා නාගත්තු සිදුවීමක් ගැන පරීක්ෂණ කරනවා වගේ තමයි...
සෙනෙවිරත්න වගේ ඩෝබි මහත්වරුන් ගැන ජවිපෙය ආඩම්බර විය යුතුයි. සමස්ත ජවිපෙය, මාලිමාව ද සමග බරපතල විහිලුවක් බවට පත් වී ඇති වර්තමානයේත් එතුමන්ලා ඒ පිළිබඳ වගේ වගක් නැතුව තවමත් එහි කුණු ඉවත් කිරීමටත් ඒවා අනිනුගේ ශරීරවල එල්ලීමටත් දරන උත්සාහය වෙනුවෙනි ඒ...
විපක්ෂය කරන කියන ඒවාට දැන් අපිට හිනාවක්වත් එන්නේ නෑ මෙයා...
පාස්කු ප්‍රහාරය රාජපක්ෂලා පිට දාලා ගොඩයන්න හදන මුජිබර්ලා, රිශාඩ් බදූර්දීන්ලා, රවුෆ් හකීම්ලා බබාලා නොවන බව සිංහල කතාකරන ගොන් හැත්තට මතක් විය යුතුයි. මාලිමාවේ ජාතික ලැයිස්තුවේ හිටපු... පුතාලාට තඹ ෆැක්ටරි වලින් තඹ පන්නලා දීලා, අමාත්‍යාංශ වාහන දීලා පූර්ණ අනුග්‍රහය ලබා දුන්නේ මොවුන්ය. මහතැනට මහ මොලකරු ගේම් එකෙන් තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන් මර්ධනය කිරීමේ නාටකය නිසා ගොඩගියේ මේ රටේ ත්‍රස්ථවාදී අන්තවාදීන්ය. දැන් ඔවුන්ගේ තහනමද ඉවත්කර ඇති අතර අලු ගසා නැගිටින්නට තව මහ කාලයක් වැය වන්නේ නැත...