
(අංජුල මහික වීරරත්න)
ටෙන්ඩර් කැඳවා කොන්ත්‍රාත් ප්‍රදානය කර මේ වනවිට ආරම්භ කර ඇති මන්නාරම මෙගාවොට් 20ක සහ මෙගාවොට් 50 ක සුළං විදුලි බලාගාර දෙකෙහි ඉදි කිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද පැවති සාකච්ඡාවකදී තීරණය විය.
මන්නාරම ප්‍රදේශයේ යෝජිත සුළං විදුලි බලාගාරය සහ ඒ සම්බන්ධ මතු වී ඇති ගැටලු පිළිබඳ මෙම සාකච්ඡාව ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
මෙහිදී මන්නාරම ප්‍රදේශය නියෝජනය කරමින් පැමිණි ආගමික නායකයින් ඇතුළු ජනතාව කියා සිටියේ ඉල්මනයිට් ව්‍යාපෘතිය සහ සුළං බලාගාර ව්‍යාපෘතිය නිසා පරිසර හානි මෙන්ම ජන ජීවිතයට බලපෑම් එල්ල වන බවයි.
පරිසර වාර්තා සහ නිර්දේශ නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොකිරීම පිළිබඳවද එම ජනතාව විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැනුම්වත් කළේය.
මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ මන්නාරම ප්‍රදේශයේ ජනතාවට මුහුණ දෙන ගැටලු සොයා බැලීම සඳහා මෙම ව්‍යාපෘතිය මසකින් කල් දමන බවය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බු හා හා, ලෝකේ මහා පරිමාණයෙන් පුනර්ජනනීය ක්‍රම වෙත යොමු වෙත්දී අපේ උන් කරන්නේ මොකක්ද? ඔය වැඩ කරන්නේ තෙල් සල්ලිද? ඩීසල් බලාගාර මාෆියාවේ වැඩ ද? දැනටමත් ආසියාවේ මිල අධිකම විදුලි බිල අපේ, මේ තරම් වියදම් දරාගෙන කර්මාන්තශාලාවක් ලාබදායී ලෙස පවත්වාගෙන යන්න පුලුවන්ද? අපේ රටට වඩා විදුලි බිල අඩු, දරදඬු නීති අඩු, ශ්‍රමය අඩු වියදමකින් සපයාගන්න පුළුවන් රටවල් ඕනෑතරම් තියෙනවා. ඉතින් ඔය විදියට ගියාම මේ රටට කිසිම ආයෝජකයෙක් එන්නේ නැහැ,
මන්නාරමට දැනට විදුලිය දෙන්න වික්ටෝරියා රන්ටැඹේ ආදී ජලාශ හදනකොට ගම් පිටින් ජලාශවලට දීල මිනිස්සු වෙන පැතිවලට.ගියා. මන්නාරම පැත්තට පොඩි විදුලි කප්පාදුවක් කරානම් ඔය ප්‍රශ්නය බේරගන්න තිබ්බ
බූරුවෙක් රජවෙලා
රතුපස්වල වල වගේ හමුදාව දාල වෙඩි තියලා ප්‍රශ්නය විසඳන්න බැලුවේ නැහැ, නුවර එළියේ වගේ තර්ජනය කරලා ප්‍රශ්නය විසඳන්න බැලුවේ බැහැ. සාකච්ඡාවෙන් අවබෝධයෙන් හා එකගතාවයෙන් ප්‍රශ්නය විසඳන්න වෙර දරන බෝසත් ගුණ ඇති නායකයෙක් දැන් අපිට ඉන්නවා. විපක්ෂයේ සුන්බුන් කල්ලි වලට විකුණන්න ප්‍රශ්න නැහැ.
මසකින් කල්දමා අවශ්‍ය නිර්දේශ මත නැවත ආරම්භ කරාවියැයි සිතමි. නැත්නම් පටන්ගත්ත හැම ව්‍යාපෘතියක්ම නවත්තලා බතල තමයි හිටවන්න වෙන්නෙ. කටින්.
ට්‍රාන්ස්ෆෝමර් තොග ගාණට පුච්චපු අපිට බලාගාර කජ්ජක්ද? බලශක්තිය අපිට ඇලජික්. විප්ලවය පටන්ගන්න ඕන කුප්පි ලාම්පුවෙන්.
මාලිමා ආණ්ඩුව ෆේල් කියල ඔප්පුවෙන තවත් උදාහරණයක්. මාසයක් කිව්වට ඕක දින නියමයක් නැතිව ඇදෙන පාටයි.
ලංකාවේ මිනිස්සුන්ට අනුව පුනර්ජනනීය බලශක්ති පරිසරය හානි වෙනවාලු හැබැයි ගල් අඟුරු, පොසිල ඉන්ධන බලාගාර වලට මුකුත් නෑලු. අනිත් දේ ආගමික නායකයන් රටේ පාලන තන්ත්‍රයට ඇගිලි ගහන්න බෑ. එහෙම නම් අද සිංගප්පූරුව, දකුණු කොරියාව දියුණු වුනේ ආගමික නායකයන් හින්දා වෙන්න ඇති? හැබැයි ඒ රටවල ආගම් අදහන්නනේ නැති වුනාට අපරාධ අඩියි.
අලුතින් වැඩක් කරන්න දන්නේ නෑ. කල් දාන්න, ප්‍රමාද කරන්න කකුලෙන් අදින්න නම් හොඳට දන්නවා
සුලං විදුලි බලාගාර වලට හැම රටේම වල කපන්නේ තාප විදුලි බලාගාර මාෆියාව. බලශක්ති මිල අධිකම රටක් ලංකාව. ජෙප්පෝ පටන්ගත්ත හැම බලාගාරයකටම වල කැපුවා. පෙලපාලි ගියා. දැන් විදුලි බිල අධිකම කර්මාන්ත දුවන්න අමාරැ රටක්. ඕකත් නවත්තලා දැම්මානං තෙල් ගෙනල්ලා විදුලි උපදවා තව බිල වැඩි කරන්න පුලුවන්.
ඉතාම හොඳයි.. හරියට හොයලා බලලා වැඩේ කරා නම් හරි.
රාජපක්ෂ වික්‍රමසිංහ ප්‍රේමදාස කල්ලියේ කසළ ශෝධකයන්ට රටක ජනතාවගේ ජීවන ප්‍රශ්න තේරුම් ගන්න බැරි තරම් මරිමෝඩයන් කියලා මේ ප්‍රශ්නයට දක්වලා තියෙන ප්‍රතිචාර අනුව තේරුම් ගන්න පුළුවන්, පුනර්ජනනීය බලශක්ති කියලා කොමිස් කුට්ටි වලට කෑදර වෙලා හිතුන හිතුන තැන ඒවා අටවන්න බැහැ. ඒවාටත් පරිසර අධ්‍යයන වාර්තා, සක්‍යතා වාර්තා කැදවන්න ඕනා.