
(රෝෂන් තුෂාර)
ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයන්ගෙන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් රුපියල් කෝටියකට අධික අල්ලස් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් ගමගේ ලබන 19 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය අද නියෝග කළාය.
අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ගාල්ල සහ ඇඹිලිපිටිය පොලිස් කොට්ඨාස භාරව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සහ වර්තමාන පොලිප් ක්ෂේත්‍ර බලකා මුලස්ථානයේ සංස්කෘතික අංශයේ (පාලන) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතිෂ් රාජන් හියාරේ ගමගේ මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
වෙනත් පුද්ගලයෙකු නමින් ගිණුම් 03 ක් විවෘතකර, එම ගිණුම් වලට, සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් අල්ලස් ලෙස රුපියල් එක්කෝටි හතළිස් ලක්ෂයකට (රු 14,000,000) ආසන්න මුදලක් ලබා ගැනීම සහ එම මුදල් විශුද්ධිකරණය කිරීම යන චෝදනා මත සැකකරු අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
2025 දෙසැම්බර් මස 30
23
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
706
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
335
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
එස්.එස්.පී සතිෂ් ගමගේ රිමාන්ඩ්
පිටිගල මිලානෝ Thursday, 14 August 2025 08:42 PM
පාතාලයේ කරටි කැඩෙමින් පවතී…. දැන් නටන්නේ දේශපාලන ඔලුව නැති පාතාල කඳ විතරයි. රාජපස්සලා අයිනකට තල්ලුවුණා විතරයි. පාතාලයේ ඔලුව ගැලවුණා. භූමිතෙල් කාපු ගැරඬි වගේ තමයි දැන් දඟලන්නේ...
Lakistha Paris Friday, 15 August 2025 01:13 AM
මම එකගයි
saminda Friday, 15 August 2025 09:35 AM
හොරා පොලිස්