
(රෝෂන් තුෂාර)
ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයන්ගෙන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් රුපියල් කෝටියකට අධික අල්ලස් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් ගමගේ ලබන 19 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය අද නියෝග කළාය.
අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ගාල්ල සහ ඇඹිලිපිටිය පොලිස් කොට්ඨාස භාරව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සහ වර්තමාන පොලිප් ක්ෂේත්‍ර බලකා මුලස්ථානයේ සංස්කෘතික අංශයේ (පාලන) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතිෂ් රාජන් හියාරේ ගමගේ මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
වෙනත් පුද්ගලයෙකු නමින් ගිණුම් 03 ක් විවෘතකර, එම ගිණුම් වලට, සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් අල්ලස් ලෙස රුපියල් එක්කෝටි හතළිස් ලක්ෂයකට (රු 14,000,000) ආසන්න මුදලක් ලබා ගැනීම සහ එම මුදල් විශුද්ධිකරණය කිරීම යන චෝදනා මත සැකකරු අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාතාලයේ කරටි කැඩෙමින් පවතී…. දැන් නටන්නේ දේශපාලන ඔලුව නැති පාතාල කඳ විතරයි. රාජපස්සලා අයිනකට තල්ලුවුණා විතරයි. පාතාලයේ ඔලුව ගැලවුණා. භූමිතෙල් කාපු ගැරඬි වගේ තමයි දැන් දඟලන්නේ...
මම එකගයි
හොරා පොලිස්