
(රෝෂන් තුෂාර)
ආගාමික හා විගාමික පනත උල්ලංඝනය කරමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම හා වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීයේ යැයි චෝදනා ළද හිටපු අමාත්‍යවරියක වන ඩයනා ගමගේ මහත්මිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි දන්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය අද(21) වරෙන්තු නිකුත් කළාය.
ඩයනා ගමගේ මහත්මියගේ ඇපකරුවන්ට නොතීසිද නිකුත් කළාය.
ඩයනා ගමගේ මහත්මිය ආගාමික හා විගාමික පනත උල්ලංඝනය කරමින් වීසා නොමැතිව මෙරට රැඳී සිටි සිටීමට එරෙහිව රහස් පොලිසිය විසින් පැවරු නඩු හතෙහි සාක්ෂි විභාගය අද දිනට නියමිතව තිබූ අතර නඩුව කැඳවන අවස්ථාවේදී වගඋත්තරකාරිය අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කෙරිණි.
නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කර සිටි ආගමන විගමන පාලක ජනරාල්වරයාගේ නියෝජිතයෙකු ,මහාධිකරණ නඩු භාණ්ඩ කාමරයේ භාරකාරවරයා හා , නඩුවේ පළමු සාක්ෂිකාර පැමිණිලිකරු අධිකරණය පෙනී සිටීයේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රෛෙලා්ක විජයපත්‍ර භාවිතය වැඩි වෙලා...
ඊයෙ මෙයා මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුවා මං හිතන්නේ. හැම කෙනෙකුටම එහෙමයි. ඒ තමයි විදිහ.
මහින්ද, රනිල්, සජිත්, සරත් -- මේ කවුරුහරි හිටියනන් මෙයාට නීතිය ක්‍රියාත්මක වෙන්නෑ.
රජයත් එක්ක joint එකෙන් වැඩේ ශේප් කරගන්න බැරිවෙලා.
මෙයා හොඳ හෙරක්.ලංකාවේ පුරවැසි භාවය නැතුව කපටි රනිල්ගෙ ඇඟේ එල්ලිලා හොරෙන් පාර්ලිමේන්තු රිංගගෙන හොර විජ්ජාවක් දාගෙන බැලුවා ගේමක් ගහන්න. වැඬේ හබක් වුණා.මොන තරම් කැතද පාර්ලිමේන්තුව වගේ උත්තරීතර තැනක මේ වගේ අමු වංචා දේවල් කරන එක.
මැයගේ හැදියාව රටටම පෙන්නුවා පාර්ලිමේන්තුවේදී ගෝරිය දාගත්තු වෙලේ.
මෙයත් අධිකරණය මග ඇරියොත් ලවුඩ් ස්පීකර් සන්දර්ශනයක් දකින්න ලැබේවිද?