IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


රනිල්ට ඇප

(මනෝප්‍රිය ගුණසේකර)

එංගලන්තයේ පුද්ගලික විශ්ව විද්‍යාලයක පැවති උපාධි ප්‍රධානෝත්සවයක් සඳහා පුද්ගලික සංචාරයකට ගොස් දවස් එකහමාරක කාලයක් සඳහා රුපියල් කෝටි 1 1/2කට අධික මුදලක් වැය කර රජයට පාඩු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබ සිටි අටවැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇප මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අද නියම කළාය.

රුපියල් ලක්‍ෂ 50 බැගින් වටිනා ඇපකරුවන් තිදෙනකුගේ ශරීර ඇප මත සැකකරු මුදාහැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය ඇපකරුවන් අධිකරණ කාර්යාලයට ඉදිරිපත් කරන ලෙසද නියම කළාය.

පැමිණීල්ලේ හා සැකකාර පාර්ශවයේ නීතීඥවරු පැය දෙකහාමාරක පමණ කාලයක් පුරා ඉදිරිපත් කළ කරුණු හා සැකකාර රනිල් වික්‍රමසිංහ මහතාගේ රෝගී තත්වයන් පිළිබඳව ඉදිරිපත් කළ කරුණු සුවිශේෂි කරුණු ලෙස පිළිගත් මහේස්ත්‍රාත්වරිය ඔහු ඇප මත මුදාහැරීමට තීරණය කළාය.

ලන්ඩන් ‘වුල්හැම්ප්ටන් ’ විශ්ව විද්‍යාලයෙන් ලැබුණු බව කියමින් සැකකරු ඉදිරිපත් කළ ලිපිය පසුව නිර්මාණය කළ ලිපියක්ද යන්න පිළිබඳ වැඩිදුර විමර්ශනය කර අධිකරණයට වාර්තා කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය රහස් පොලිසියට නියම කළාය.

කුරුණෑගල පදිංචි වී එස් කරුණාරත්න මහතා ජනාධිපතිවරයාට කළ පැමිණිල්ලකට අනුව ජනාධිපති ලේකම්වරයා කළ අභ්‍යන්තර විගණයකින් අනතුරුව පොලිස්පතිවරයාට කළ පැමිණිල්ලකින් පසු රහස් පොලිසිය සිද්ධිය පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ 08 වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ඇමරිකාවේ සහ කියුබාවේ නිල සංචාරයක් අතරතුර 2023 සැප්තැම්බැර් 22 සහ 23 වැනි දිනවල ලන්ඩනයේ ‘වුල්හැම්ප්ටන්’ විශ්ව විද්‍යාලයේ පැවති සිය බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවය සඳහා ලැබුණු පෞද්ගලික ආරධනයකට අනුව එහි ගොස් රුපියල් ලක්ෂ 166ක රජයේ අරමුදල් වියදම් කිරීම පිළිබද මෙම විමර්ශන ආරම්භ කර ඇත.

එංගලන්තයේ ලන්ඩන් ‘වුල්හැම්ප්ටන්’ පුද්ගලික විශ්ව විද්‍යාලයේ පැවති උපාධි ප්‍රධානෝත්සවය සඳහා පුද්ගලික සංචාරයකට ගොස් දවස් එකහමාරක කාලයක් සඳහා රුපියල් කෝටි 1 1/2කට අධික මුදලක් වැය කර රජයට පාඩු කළැයි කියන සිද්ධියට අදාළ පැමිණීල්ල කැඳවනු ලැබු අවස්ථාවේදී පැමිණීල්ල වෙනුවෙන් රහස් පොලිස් අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී ශානී අබේසේකර මහතා සමඟ පෙනී සිටි ප්‍රධනා පොලිස් පරීක්‍ෂක නලින්ද හේරත් මහතා සිද්ධියට අදාළව කරන ලද විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය.

රෝගී තත්වයකින් යුතුව කොළඹ ජාතිකා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන සැකකාර රනිල් වික්‍රමසිංහ මහතා ‘සුම්’ තාක්‍ෂණ ඔස්සේ නඩුව හා සම්බන්ධ කෙරුණු අතර පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දීලීප පීරිස් මහතා කරුණු දැක්වීම් අතරතුර සැකකාර රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටීම සඳහා පැමිණී නීතීඥවරු 500 දෙනා අතර සිටි සමහර නීතීඥවරු දිගින් දිගටම එල්ල කෙරුණු බාධා කිරීම් හේතූවෙන් ‘අධිකරණය නිශ්ශබ්ද වන්න’ ‘අධිකරණ කටයුතු කරගෙන යෑමට ඉඩ දෙන්න’ යනුවෙන් අවස්ථා විශාල ප්‍රමාණයකදී මහෙස්ත්‍රාත්වරියගේ නියෝග අනුව දැනුම් දීමට අධිකරණ භාෂා පරිවර්ථන නිලධාරිණීයට සිදුවිය.

රහස් පොලිස් නිලධාරීන් සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතා සමඟ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දීලීප පීරිස් මහතා කරුණු දක්වමින් ලන්ඩන් ‘වුල්හැම්ප්ටන්’ පුද්ගලික විශ්ව විද්‍යාලයේ පැවති උපාධි ප්‍රධානෝත්සවය සඳහා ගිය පුද්ගලික සංචාරයට අදාළ ආරාධනා පත්‍රය පිළිබඳ විමර්ශනය කිරීමේදී එම විශ්ව විද්‍යාලයේ උපකුලපති ජෝන් රැප්ටරි මහතා බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය මාර්ගයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය හරහා එම ආරාධනා පත්‍රය එවා ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා වශයෙන් යැයි කීය.

බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය මාර්ගයෙන් එම ආරාධනා පත්‍රය එවීමට පෙර තමන් පෞද්ගලික සංචාරයකට පැමිණීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා භූමියේ කටයුතු කරන ලෙස කළ ඉල්ලීමකින් පසුව එම ආරාධනා පත්‍රය එවා ඇති බවත් කී අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දීලීප පීරිස් මහතා එම ආරාධනා පත්‍රය විදේශ කටයුතු අමාත්‍යංශයේ තිබිය යුතු හෙයින් ඒ පිළිබඳ කළ විමර්ශනයේදී එවැනි ආරාධනා පත්‍රයක් එහි නොමැති බව අනාවරණය වී ඇති හෙයින් මෙම ආරාධනා පත්‍රය නිර්මාණය කළ එකක් බව ජනාධිපති කාර්යාලයේ සන්ධාන අංශයේ නිලධාරීන් වැඩිදුර විමර්ශනයේදී ප්‍රකාශ දෙමින් පවසා ඇතැයිද කීය.



 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 754 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 568 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 455 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site