
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
හිටපු ජනාධිපති වරප්‍රසාද කප්පාදු කිරීමේ පනත වැඩි ඡන්ද 150 කින් සම්මත විය.
පනතට පක්ෂව ඡන්ද 151ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද එකක් ලැබිණි.
පනත් කෙටුම්පතට එසේ විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාය.
ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත සංශෝධන රහිතව සම්මත වූ බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සභාවට නිවේදනය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද අපිට අහන්න ලැබුණු සුබම සුබ ආරචියක්. මාළිමා ආණ්ඩුවට ජයෙන් ජයම වේවා... අපේ රටේ ජනතාවට යහපතක්ම වේවා..
ජයෙන් ජයම වේවා...!!! මගේ ඡන්දයට වටිනාකමක්...
මෙතෙක් දැක ඇති හොඳම ඡායාරූප සංයෝජනය
ජයවේවා!
ඉස්සර හිටියා බමුණුආරච්චි කෙනෙක්, දැන් හොයගන්න නෑ මේවගේ හොඳ දේවල් වෙනකොට.
මෙන්න වැඩ, ජයවේවා,ජයවේවා, ජයවේවා
මේ අය මේ තරම් තණ්හාව. ජනාධිපතිකම දරණ කාලේ හොඳට ඇති තරම් සැප සම්පත් වින්දා. නමුත් රටට කල කිසිම දෙයක් නැති තරම්. අද අපේ අනුර ජනාධිපතිතුමා මොනතරම් දේවල් තමාගෙ වරප්‍රසාද අයින් කරලා රටට යහපත් දේවල් කරලා දූෂණය අවම කරලා රට සත පහක හොරකමක් නැතුව රට ලස්සනට කරගෙන යනවා. අපිට ඒ ඇති.
මම යනවා යෝගයි, ගුණේ වයි හොයන්න. මොනවා හරි කරගෙනද දන්නේ නැහැ දැනටම?...
චිචීගේ රොකට්ටුව පැලවත්තට කඩා වැටීම නිසා යටිබිම ගත වූ මාලිමා වොෂින්ටන් බලකාය දැන් නැවතත් සලුපිළි හැඳ පැළඳ රටේ දැවැන්ත ප්‍රශ්නයක් විසඳුවා යනුවෙන් යනු ඇත...
අම්මලා තාත්තලා වයසට ගියහම පයින් ගහලා පාරට දාන රටේ මේක අමුතු දෙයක්ද?
ආයේ කවදාකමවත් මාලිමාවේන් ජනාධිපති කෙනෙක් බිහි නොවන නිසා මෙහෙම දේවල් කරන එක අරුමයක් නෙමෙයි...
ජනතාවගේ රීරී මාන්ස හූරාගෙන කාපු හිටපු ජනාධිපතිවරුන්ට මොන වරප්‍රසාද ද? වහලුන්ට නම් දරාගන්න බැරිවෙයි....
වහලුන්ගේ විනෝදය සඳහා NPP පාලන තන්ත්‍රය විසින් කරන ලද විශිෂ්ට ජයග්‍රහණයක්. නවෝත්පාදනයක් නැත සහ ආර්ථික ප්‍රකෘතිය සඳහා සංයුක්ත සැලැස්මක් නැත. යාචක මානසිකත්වය අවුරුද්දේ ඉතිරි කාලය පුරාම සර්කස්...
මේ පනත ගැන අඩබෙර ගහලා මාසයක් විතර දුවන්න පුළුවන් ආන්ඩුවට. වෙන වැඩක් කරන්නේ නෑනේ. දැන් මේ පහසුකම් ටික නැතිකිරීමෙන් ඩොලර් බිලියන කීයක් ඉතුරු වෙනවාද? මේවා අහිමි කරපු එක හොද තීරණයක්. ඒත් මේවා කරලා නම් මේ රට ගොඩගන්න බෑ. ප්‍රඩක්ශන් වැඩි කරන්න මෙලෝ දෙයක් කරල නෑ. ගැලරිය චූන් විතරයි. ගොවියෝ හෙන ඉල්ලනවා. ජීවන බර අහස උසට. නීතිය සමාන විපක්ෂය ට විතරයි. ආන්ඩුවේ මිනිස්සු ගැන උසාවි දාගෙන නියෝගත් ක්‍රියාත්මක නැහැ...
මේ ගොල්ලන්ටත් බැරිද , අර හමින්බර්ඩ් විලා එකක ගිහින් පදිංචි වෙන්න ? ඇයි ඒවාට ගන්නේ නැට්ටට කිරි එරෙන "කොට මොඩල් - ළඟ පිකප්" ඩයල් විතරද ?
ඉස්සර පාර්ලිමේන්තු වේ පනත් වලින් සම්මත කරගත්තේ කාලෙන් කාලෙට මැති ඇමති වරුන්ගේ පඩි වැඩි කරගන්න එකට, එයාලගේ නිල නිවාස අලුත් වැඩියාවට මුදල් පාස් කරගන්න එකට, අලුත් වී 8 ගෙන්න ගන්න එකට, ඉන්ධන දාරිතාව වැඩි කරගෙන මුදල් පාස් කරගන්න එකට, වගේ දේවල් වලටනේ. ඔන්න දැන් අපි ගැන හිතලා පනත් එන්න පටන් අරන්. කොච්චර වෙනසක්ද.
දීපු ඡන්දයට උපරිම සාධාරණයක් වටිනාකමක් දුන්නාට අනේක වාරයක් පින් මගේ රටට සෞභාග්‍ය උදාවේවා
බල්ලන්ට ගහන විට මැක්කන්ට රිදෙනවා කියලා කතාවක් තියෙනවා, එක අපුරුවට පෙන්නුම් කරනවා
මේ තීරණය ගත්තේ කාගේ බලපෑම මතද , සමහර පක්ෂවලට ස්ථාවර තැම්පතු තියෙනවා. මේ තරම් මුදලක් ආයෝජන කළේ කවුද, මෙහි බලාපොරොත්තුව මොකක්ද ? අපේ රටේ එකම ප්‍රශ්නය මේකද ? මේවා යම් පමණකට කළයුතු දේවල් , අපිට අමතක වෙලා තියෙනවා. ලංකාවේ දරුණු යුද්ධයක් තිබුණා කියලා , ත්‍රස්තවාදී කණ්ඩායම් දෙකක් ක්‍රියාත්මක වෙලා තිබුණ බව , මොනවා උණත් රට නොබෙදී තියාගත්තා , තීරණගත යුත්තේ මිනිස්සුන්ගේන් පළිගැනීමේ චේතනාවෙන්.