
(ප්‍රසාද් රුක්මල් )
ඇල්ල රාවණා ඇල්ල 15කණුව ප්‍රදේශයේදී 15 දෙනෙකුට මරු කැදවමින් 18 කට තුවාල සිදුවූ තංගල්ල නගර සභා සේවක පිරිස ගමන් ගත් විනෝද චාරිකා පෞද්ගලික බස් රථය ප්‍රපාතයට පෙරැළී යාමට සුළු මොහොතකට පෙර ඉදිරියෙන් පැමිණි සුඛෝපභෝගී ජීප් රථයකද ගැටී පසුව බස් රථය මාර්ගයේ ආරක්ෂිත යකඩ වැටේ ගැටී අඩිදහසක පමණ ප්‍රපාතයට පෙරැළී ගොස් ඇතයි ඇල්ල පොලිසිය පවසයි .
මෙම විනෝද චාරිකා බස් රථය තංගල්ල සිට නුවරඑළිය ගොස් ආපසු තංගල්ල බලා ගමන් කරමින් තිබියදී මෙසේ අනතුරට පත්විය .
අනතුරින් ප්‍රපාතයට පෙරලී ගිය විනෝද චාරිකා බස් රථය එකම සුන්බුන් ගොඩක් බවට පත්ව ඇත. බුත්තල සිට ඇල්ල දෙසට ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී ජීප් රථයක බස් රථය ගැටිමෙන් ජීප් රථය ටද අලාභහානි වී ඇති අතර එම ජීප් රථ රියැදුරු ඇල්ල පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ .




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපියල් තුන් හාර දහසේ පගාවට ඕනෑම කෙනෙකුට ලයිසන් දෙන මට්ටමට බොහොමයක් මොටරථ පරීක්ෂක වරුන් කාලයක් පටන් හුරු උනා . දවසකට අඩුම තරමින් 10 විතර රිය අනතුරු නිසා මිය යනවා. මේ සඳහා ක්ෂණික විසඳුම් සෙවිය යුතුයි. මගී ප්‍රවාහන රියදුරෙකුට සෑම පැය 2 කට වරක්ම අවම වශයෙන් මිනිත්තු 15 ක විවේකයක් ගැනීම අනිවාර්ය කලයුතුයි. මේ බව තහවුරු කරගැනීමට ඉලෙක්ට්‍රොනික උපකරණයක් සෑම මගීප්‍රවාහන රථයකටම සවිකළ යුතුයි. මේවා නිරන්තරයෙන්ම පරීක්ෂාවට ලක් කල යුතුයි. ඊට අමතරව මගී ප්‍රවාහන රථවලට මාස 6 කට වරක් අනිවාර්ය වන යෝග්‍යතා සහතිකයක් අනිවාර්ය කළයුතු අතර එයට වංචා කරන අය හඳුනාගැනීමේ ක්‍රමයක්ද සකස්කළ යුතුයි...
බස්කාරයා හප්පන් ගිහින් ප්‍රපාතයට වැටුණා නම් ජීප් රියදුරා මොනවා කරන්නද? පුදුම නීතියක්නේ ඒක...
මේවගේ මාරක අනතුරු ඇතිවන්නේ ඇයි ? වරද කාගේද? ඇයි මේ ජීවිතවල වටිනාකම ගනන් නොගෙන මෙහෙම වාහන පදවන්නේ? වගකීමකින් වාහන පදවන්න රියැදුරුට බැරි මොකද?
මේක මේ විදියේ පළමු අනතුරත් නෙවෙයි අවසන් එකත් නෙවෙයි. මේ බස් එක අකුරැස්ස කොළඹ මාර්ගයේ ධාවනයෙන් ඉවත් කරපු පරණ බස් එකක්. එක පාටි බස් එකක් කරලා විනෝද සවාරි යවල. මේකේ වගකීම හිමිකරු ගන්න ඕන වුනත් දැන් වාහන කෝටි ගානක ඇසට් එකක් නිසා නිකම්ම වීසි කරලා අඩුවට දීලා දාන්න පෙළඹෙන්නේ නැහැ කවුරුවත්. ඔය අංක තියෙන බස් එකක් දැන් ලක්ෂ 90 ඉඳල ඉහලට තමයි විකිණෙන්නේ. ඉතින් කාටද පුළුවන් ලක්ෂ 90ක දේපලක් නිකම් වීසි කරන්න? ආණ්ඩුව අඩුම තරමින් මගී ප්‍රවාහන බස් රථ සඳහාවත් තීරු බදු සහන දීල හොඳ බස් ගන්න ආයෝජකයෝ බස් හිමිකරුවන් පොළඹවනවා නම් මෙහෙම වෙන්නේ නැහැ.