IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


බසය ප්‍රපාතයට පෙරැළිමට පෙර ජීප් රියකත් ගැටිලා

(ප්‍රසාද් රුක්මල් )

ඇල්ල රාවණා ඇල්ල 15කණුව ප්‍රදේශයේදී 15 දෙනෙකුට මරු කැදවමින් 18 කට තුවාල සිදුවූ තංගල්ල නගර සභා සේවක පිරිස ගමන් ගත් විනෝද චාරිකා පෞද්ගලික බස් රථය ප්‍රපාතයට පෙරැළී යාමට සුළු මොහොතකට පෙර ඉදිරියෙන් පැමිණි සුඛෝපභෝගී ජීප් රථයකද ගැටී පසුව බස්‍ රථය මාර්ගයේ ආරක්ෂිත යකඩ වැටේ ගැටී අඩිදහසක පමණ   ප්‍රපාතයට පෙරැළී ගොස් ඇතයි ඇල්ල පොලිසිය පවසයි .

මෙම විනෝද චාරිකා බස්‍ රථය තංගල්ල සිට නුවරඑළිය ගොස්  ආපසු තංගල්ල බලා ගමන් කරමින් තිබියදී මෙසේ අනතුරට පත්විය .

අනතුරින් ප්‍රපාතයට පෙරලී ගිය විනෝද චාරිකා බස්‍ රථය එකම සුන්බුන් ගොඩක්  බවට පත්ව ඇත. බුත්තල සිට ඇල්ල දෙසට ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී ජීප් රථයක බස්‍ රථය ගැටිමෙන් ජීප් රථය ටද අලාභහානි වී ඇති අතර එම ජීප් රථ රියැදුරු ඇල්ල පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ .

 



අදහස් (5)

බසය ප්‍රපාතයට පෙරැළිමට පෙර ජීප් රියකත් ගැටිලා

sunimal Friday, 05 September 2025 09:33 AM

රුපියල් තුන් හාර දහසේ පගාවට ඕනෑම කෙනෙකුට ලයිසන් දෙන මට්ටමට බොහොමයක් මොටරථ පරීක්ෂක වරුන් කාලයක් පටන් හුරු උනා . දවසකට අඩුම තරමින් 10 විතර රිය අනතුරු නිසා මිය යනවා. මේ සඳහා ක්ෂණික විසඳුම් සෙවිය යුතුයි. මගී ප්‍රවාහන රියදුරෙකුට සෑම පැය 2 කට වරක්ම අවම වශයෙන් මිනිත්තු 15 ක විවේකයක් ගැනීම අනිවාර්ය කලයුතුයි. මේ බව තහවුරු කරගැනීමට ඉලෙක්ට්‍රොනික උපකරණයක් සෑම මගීප්‍රවාහන රථයකටම සවිකළ යුතුයි. මේවා නිරන්තරයෙන්ම පරීක්ෂාවට ලක් කල යුතුයි. ඊට අමතරව මගී ප්‍රවාහන රථවලට මාස 6 කට වරක් අනිවාර්ය වන යෝග්‍යතා සහතිකයක් අනිවාර්ය කළයුතු අතර එයට වංචා කරන අය හඳුනාගැනීමේ ක්‍රමයක්ද සකස්කළ යුතුයි...

:       1       14

boothaya Friday, 05 September 2025 09:39 AM

බස්කාරයා හප්පන් ගිහින් ප්‍රපාතයට වැටුණා නම් ජීප් රියදුරා මොනවා කරන්නද? පුදුම නීතියක්නේ ඒක...

:       0       25

PereraSaturday, 06 September 2025 12:13 AM

නීතිය ඉගෙන ගන්න, එතකොට මෙවැනි අනතුරකදී අනුගමනය කරන නීති ක්‍රමවේදයන් ගැන ඔබටත් අවබෝධයක් ලැබේවි..

:       0       0

Rohana Friday, 05 September 2025 11:26 AM

මේවගේ මාරක අනතුරු ඇතිවන්නේ ඇයි ? වරද කාගේද? ඇයි මේ ජීවිතවල වටිනාකම ගනන් නොගෙන මෙහෙම වාහන පදවන්නේ? වගකීමකින් වාහන පදවන්න රියැදුරුට බැරි මොකද?

:       0       8

ගුණරත්න Friday, 05 September 2025 01:13 PM

මේක මේ විදියේ පළමු අනතුරත් නෙවෙයි අවසන් එකත් නෙවෙයි. මේ බස් එක අකුරැස්ස කොළඹ මාර්ගයේ ධාවනයෙන් ඉවත් කරපු පරණ බස් එකක්. එක පාටි බස් එකක් කරලා විනෝද සවාරි යවල. මේකේ වගකීම හිමිකරු ගන්න ඕන වුනත් දැන් වාහන කෝටි ගානක ඇසට් එකක් නිසා නිකම්ම වීසි කරලා අඩුවට දීලා දාන්න පෙළඹෙන්නේ නැහැ කවුරුවත්. ඔය අංක තියෙන බස් එකක් දැන් ලක්ෂ 90 ඉඳල ඉහලට තමයි විකිණෙන්නේ. ඉතින් කාටද පුළුවන් ලක්ෂ 90ක දේපලක් නිකම් වීසි කරන්න? ආණ්ඩුව අඩුම තරමින් මගී ප්‍රවාහන බස් රථ සඳහාවත් තීරු බදු සහන දීල හොඳ බස් ගන්න ආයෝජකයෝ බස් හිමිකරුවන් පොළඹවනවා නම් මෙහෙම වෙන්නේ නැහැ.

:       8       32

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site