
(විමුක්ති එස් රුද්‍රිගු)
තීරු බදු ගැටළුව විසඳා ගන්නා තෙක් ඇමෙරිකාව සහ ඉන්දියාව අතර වෙළෙඳ ගිවිසුමක් සඳහා වන සාකච්ඡා ඉදිරියට යා නොහැකි බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ප්‍රකාශ කළේය.
ඉන්දියාවේ අපනයන නිෂ්පාදන සඳහා මේ වනවිට ඇමෙරිකාව සියයට 50 ක බදු ප්‍රතිශතයක් පනවා ඇති අතර ඉන් ජනපති ට්‍රම්ප්ගේ තීරු බද්ද යටතේ පැනවූ සියයට 25 ක බදු ප්‍රතිශතය ඊයේ (07) බලාත්මක විය.
ඉන්දියාව රුසියාවෙන් බොරතෙල් මිලදී ගැනීමේ වරදට පැනවූ ඉතිරි සියයට 25 ක බදු ප්‍රතිශතය එළැඹෙන 27 වැනිදා ක්‍රියාත්මක වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාව ඔවුන්ගේ ආර්ථිකය පිළිබඳව අධි තක්ෂේරුවක සිටී. ගෝලීය ආර්ථිකයට සම්බන්ධව කටයුතු කිරීමේදී සහ එම රටවල් සමග දේශපාලන සම්බන්ධකම් පැවැත්වීම ප්‍රවේසමෙන් කළයුතු කාරණයකි. යම් හෙයකින් ගෝලීය දේශපාලනයේ සහ ආර්ථිකයේ අනපේක්ෂිත සිදුවීම් නිසා බලවත් රටවල් සමග ගනුදෙනු කරනාවූ රටවල ආර්ථිකය කඩාවැටීමට හේතුන මතුවේ. ඉන්දියානු දේශපාලකයන් පමණක් නොව ආසියානු කලාපයේ ආර්ථිකය පිලිබදව අදහස් දක්වන උගතුන් විද්වතුන්ගේ මතය ඉන්දියාව ලෝකයේ හෝ ආසියානු කලාපයේ මහා බලවතකු වන බවයි. ඉන්දියානු ආර්ථිකය (ලංකාවේ වෙනත් රටවල මෙන්ම) දියුණු රටවල ආර්ථිකය සමග සම්බන්ධව ක්‍රියාත්මක වේ. ඇමෙරිකාවේ වෙළදපල තුළට ඇතුල්වීමට ලෝකයේ රටවල තරගයක් තිබේ. ඇමෙරිකානු සමාගම්වල විධායක තනතුරු දරනා ඉන්දියානුවන්ට ඉවත්වීමට පවා දන්වා ඇත. ඉන්දියාවේ ජනගහනයෙන් මිලියන ගණනක් අන්ත දුගී තත්වයෙන් පසුවේ. එවැනි තත්වයක් මත ඉන්දියාව ලෝකයේ හෝ කලාපිය වශයෙන් බලවත් වීම අපහසු කාර්යයකි. ඉන්දියාව අවට රටවල් සමග පවතින මතබේද ඉන්දියාවට පමණක් නොව අනෙක් රටවලට දියුණුවටද බාධාවකි.
බඩ බැඳගෙන ට්‍රම්ප් එක්ක යන්න ගියත් අන්තිමේදී වෙච්චි දේ හරිම ලැජ්ජාවක්... ඒ කියන්නේ ඉන්දියාව ඉන්න ඕනෑ... තමන් කියන විදියට කියලයි ඇමෙරිකාව කියන්නේ. ඒ කියන්නේ තමන්ට වඩා පහළින් ඉන්න ඕනෑ කියන එක...
ඉන්දියාවට හොඳ මාවතක් තියෙනවා.