IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


හරක් කටාගේ පෑන ගත්තයි SIට මරණ තර්ජන

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

"උඹ නේද මගේ පෑන ගත්තේ ,උඹ ගැන මම එළියට ආවහම බලාගන්නම්" යනුවෙන් පරුෂ වචනයෙන්  සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නමැත්තා බැණ වැදි තර්ජනය කළ බව පවසමින්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂකවරයකු පැමිණිල්ලක් සිදුකර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

තර්ජනයට ලක් වූ නිලධාරියා මේ වන විට තංගල්ල ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ තංගල්ල ඒකකයට අනුයුක්තව කිලිනොච්චිය ත්‍රස්ත විමර්ශනය ඒකකයේ සිට තංගල්ල පැරණි බන්ධනාගාරයේ විශේෂ රාජකාරී සඳහා පැමිණ සිටින අයෙක් බව එම නිලධාරියා කීය.

ඊයේ (4) එම නිලධාරියා පැය 06.00 සිට දහවල් 2.00 දක්වා ත්‍රස්ත විමර්ශන අංශයේ පොරොත්තු සේවා රාජකාරී වාර්තාකර සිටියදී නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක්  කටා යන අය පැය 8 ට පමණ දිය නෑම සඳහා සිර මැදිරියෙන් එළියට  රැගෙන ගොස් ඇත. එම සැකකරු දිය නාන අවස්ථාවේ සිර මැදිරිය පරික්ෂා කිරීමේදී එහි තිබී කාබන් පෑනක් හමුවී ඇත.

 සැකකරු දිය නා නැවත සිර මැදිරිය වෙත පැමිණීමෙන් පසු සිර මැදිරියේ තිබූ කාබන් පෑන නොමැති බව දැක තමන්ට තර්ජනය කරමින් පරුෂ වචනයෙන් බැණ වැදුණු බව පවසමින්  තංගල්ල මූලස්ථාන පොලිසිය වෙත එකී පැමිණිල්ල සිදුකර ඇති බව උසස් පොලිස් නිලධාරියා  පැවසීය.



අදහස් (3)

හරක් කටාගේ පෑන ගත්තයි SIට මරණ තර්ජන

chinthana Tuesday, 05 August 2025 01:40 PM

සුළු වරදකට හිරේ ගිය අයට පොඩි දේකටත් පහර දෙන පොලිසිය, පාතාල නායකයන්ගේ බනිද්දිවත් උන්ට අත තියන්න බයයි. දෙබිඩි පොලිසිය.

:       1       72

Perakum LiyanagamaTuesday, 05 August 2025 03:09 PM

ඇයි chinthana දන්නේ නැද්ද පොලිසිය දෙබිඩි කරන්නේ දේශපාලුවෝ කියලා? බලමු ඉස්සරහට කොහොම වෙයිද කියලා. බැරි වුණොත් කලබල නොවී ඉන්න අපට වෙන විකල්ප තියනවා. හැබැයි අර පරණ හිටපු දේශපාලුවෝ නම් නොවෙයි..

:       19       7

fairoos Tuesday, 05 August 2025 05:56 PM

පැය 8 ක් නාන්නේ අලියෙක්ද?

:       6       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 550 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1076 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site