
(සන්ඩේ ටයිම්ස්)
මෙරට ඉතිහාසයේ ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයත් සමග 2022 සිට 2024 දක්වා වසර තුනක කාලයේදී විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළුව වෛද්‍යවරුන් 1489 දෙනකු රටහැර ගොස් ඇති බවත් ඉන් රජයට සහ බදු ගෙවන්නන්ට සිදු පාඩුව රුපියල් කෝටි 1250 ක් බවත් නවතම අධ්‍යනයකින් අනාවරණය වී ඇත.
මෙලෙස වෛද්‍යවරුන් විශාල පිරිසක් රටහැර යාම සෞඛ්‍ය යටිතල පහසුමක් අඩාල කර ඇති බවත් ඒ හේතුවෙන් විශේෂයෙන් ග්‍රාමීය හා අඩු පහසුකම් සහිත සේවා ප්‍රදේශවල විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයක් නිර්මාණය කර ඇතැයි එම අධ්‍යනය පිළිබඳ පළවූ ලිපියක සඳහන් වේ.
එය වෛද්‍ය අධ්‍යාපනයට මෙන්ම සැමට සෞඛ්‍ය සේවය එක හා සමානව ලබා ගැනීමට තිබෙන අයිතියට බාධා එල්ල වී ඇතැයි එම ලිපියේ දැක්වේ.
පශ්චාත් අධ්‍යාපනය සඳහා වෛද්‍යවරුන් විදේශගත වන විට නැවත ඔවුන් සේවයට කැඳවා ගැනීමට තිබෙන පශ්චාත් පුහුණු සේවා බැඳුම්කරද වැඩි වශයෙන් අකාර්යක්ෂම මට්ටමක පවතින බව එම අධ්‍යනය මගින් අනාවරණය වී ඇත.
වර්තමානයේ මෙරට සෞඛ්‍ය සේවා ශ්‍රම බළකායේ වෛද්‍යවරුන් 23,000 ක් සිටින බවත් ඉන් 2,800 විශේෂඥ වෛද්‍යවරුන් බවත් එම අධ්‍යනයේදී හෙළිවී තිබේ.
අධ්‍යනය සඳහා ලබාගත් දත්තයන්ට අනුව ආර්ථික අර්බුදය ඇතිවීමත් සමග 2022 සිට 2024 වසර දක්වා වසර තුනක කාලයේදී වෛද්‍යවරුන් 1085ක් විදේශයන්හි විශේෂඥ පුහුණුව ලබමින් සිට ඇති බවත් එසේම 2022 වසරේදී වෛද්‍යවරුන් 477ක් සහ 2023 වසරේදී වෛද්‍යවරුන් 449ක් විදේශ ගත වී ඇති බවත් අනාවරණය වී ඇත.
විශේෂඥ පුහුණුව ලබමින් වෛද්‍යවරුන් 1085 න් සියයට 20ක ප්‍රතිශතයක් 205 දෙනෙකු පශ්චාත් උපාධි සහතික ලබාගැනීමෙන් පසුවත් මෙරටට පැමිණ නැතැයි අධ්‍යනය පිළිබඳව පළවූ ලිපියේ සඳහන් වේ. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබාගත් දත්තවලට අනුව එම වසර තුනක කාලයේදී වෛද්‍ය උපාධිධාරීන් 3,839 දෙනෙකු සහ සීමාවාසික වෛද්‍යවරුන් 75 දෙනෙකු පශ්චාත් සීමාවාසික පත්වීම් සඳහා අයදුම් කර නොමැති බවද අධ්‍යනයේදී හෙළි වී ඇත.
එසේම මෙම වසර තුන තුළ විවිධ මට්ටමේ සේවා පළපුරුද්දක් ඇති වෛද්‍ය නිලධාරීන් 1,209 දෙනෙකුගේ තනතුරු පුරප්පාඩු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ඇස්තමේන්තු කර ඇතැයි අධ්‍යනය සඳහා ලබාගත් දත්තවලින් අනාවරණය වී තිබේ. එය වෛද්‍ය නිලධාරීන් 20,000 ක් පමණ සිටින රටක වෛද්‍ය නිලධාරීන්ගේ සියයට 6 ක සැලකිය යුතු අඩුවීමකි.
මෙරට වෛද්‍යවරුන් සංක්‍රමණය වූ රටවල් පිළිබඳවද අධ්‍යනය කළ කණ්ඩායම සොයා බලා ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවය සහ ප්‍රජා සෞඛ්‍ය සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන් ගණන පසුගිය වසර අවසාන වනවිට සියයට 121 කින් වැඩිවී ඇති බවයි. අධ්‍යනයට අනුව පසුගිය වසර අවසාන වනවිට ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් 3,082 ක් නියුතුව සිට ඇති අතර එයට ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරුන් 391ක් සහ විශේෂඥ වෛද්‍යවරුන් 413 ක් අයත්ව ඇත.
නමුත් 2019 වසර අවසාන වනවිට බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවය සහ ප්‍රජා සෞඛ්‍ය සේවයේ ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් සිට ඇත්තේ 1,396 ක් පමණි එයට ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරුන් 182 ක් සහ විශේෂඥ වෛද්‍යවරුන් 199 ක් අයත්ව තිබිණි.
තත්වය එසේ තිබියදී ඕස්ට්‍රේලියාවට වැඩියෙන්ම සංක්‍රමණය වන වෛද්‍ය වෘත්තීකයන් ඇතුළත් රටවල් 10 අතර ශ්‍රී ලංකාවට සිවුවැනි ස්ථානය හිමිවන බව 2022 වසරේදී ඕස්ට්‍රේලියාවේ සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වී ඇතැයි අධ්‍යයන ලිපියේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදහස් අධ්‍යාපනය මගින් ඉහල අධ්‍යාපනයක් ලබා විශ්වවිද්‍යාල වලින් පිටව වෛද්‍යවරුන් වීමෙන් පසු වසර 10ක කාලයක් අවම වශයෙන් ලංකවේ සේවය කලයුතු බවට නීතියක් තිබිය යුතුවේ. දියුණු රටවල විශ්වවිද්‍යාල අද්‍යාපනය සදහා විශාල මුදලක් ගෙවීමට සිදුවේ.
දැන්වත් ජනතා මුදලින් පමණක් වෛද්‍ය අධ්‍යාපනය දීමේ විපාක තේරෙනවාද පුද්ගලික වෛද්‍ය විද්‍යාල ඇතිකරවීම කරන්න.යමෙකුට මෙහෙම යන්න අවශ්‍යනම් පළමු වසරේ සිට ලබාදුන් අධ්‍යාපනය වෙනුවෙන් රජය වැයකල ජනතා මුදල් පොලියත් සමග ගෙවා යන්න කියන්න.එහෙම නොකර රටට සේවයක් නැතිදේකට වියදම් කරල රටක් හදන්න පුලුවන්ද
දුප්පත් බදු ගෙවන්නන්ගේ වියදමින් ශ්‍රී ලංකාව විදේශ රටවලට බොහෝ වෘත්තීන් සඳහා පුහුණු පාසලකි.
නිකං ඉගෙනගෙන මුන්ට බොන්ඩ් එකක් නැද්ද අනිවාර්ය සේවයක් අඩුගනනෙ අවුරුදු 5ක් වත්? දුටු තැන අල්ලනු
ඉතින් පුදුමයක්ද? මෙහෙට වඩා හොඳ ජීවන තත්වයක් තියෙද්දී දොස්තරලා මෙහෙ ඉන්නේ නැතිව යන එක? ආණ්ඩුවේ ඇමතිලා වැටුපට බදු සහනත් එක්ක අමාත්‍යාංශයෙන් සහ පාර්ලිමේන්තුවෙන් දීමනා දෙකක් ගන්නවා. එහෙම කරන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කපල බදු ගහල අවුරුදු 5කට වරක් ලැබුණු පර්මිට් එකත් කැන්සල් කරලා!
රනිල් රාජපක්ෂලාගේ සුපිරි පළපුරුද්ද සහ දුර දක්නා නුවන නිසා රටට වුන යහපත් ප්‍රතිඵල.
වෛද්‍යවරුන්ට නිසි පහසුකම් සහන ,වැටුප් නොදී වහලුන් වාගේ වැඩ ගන්නකොට තව තවත් රට යයි.
මේ පාඩුව රට බංකොලොත් කරපු රාජපක්ෂ පවුලෙන් අයකරගන්න
වෙනත් වෘත්තිකයන් රට හැර දා යන ප්‍රමාණයට දොස්තර යන ප්‍රමාණය ඉතාම අඩුයි. මොකඩ එයාලට වෙන රටවල් වලට ලේසියෙන් යන්න බැ. විභාග සමත් වෙන්න ඕනි. ඔච්චර ලෙසියෙන් යන්න පුලුවන්නම් ඉතුරු අයත් නොගිහින් ඉන්නෙ නැ. නමුත් ඔයිට සාපෙක්ෂව ඉංජිනේරුවරු රට යන එක ඉතාම වැඩි. ඇතැම් විශ්ව විද්්‍යාල වල බැච් පිටින් යනවා. ආසන්න වශයෙන් අවුරුද්දකට 2000 ට වැඩි ප්‍රමාණයක් යනව. හේතුව එයාලට ඉතාම පහසුවෙන් යන්න පුලුවන්. විභාග සමත් වෙන්න ඕනි නෑ. නමුත් රටේ කතාවෙන්නෙ දොස්තරල යන ප්‍රමාණය පමණයි. ඇත්තටම රටින් ගොඩක්ම යන්නෙ රටේ ආර්තිකයට රිජුවම මුල් වෙන අය. එයාල ගැන කවුරුත් කතා කරන්නෙ නෑ. නමුත් දොස්තරල රටින් යන්න ඇත්තම හේතුව රටේ සල්ලි නැති එක. එහෙනම් ඉස්සෙල්ලම රටේ තියා ගන්න ඔනි ආඅර්තිකය හදන අය. එයාලට රටේ ඉන්න බැඉනම් අනිත් අය තියා ගන්නත් බැ.
ලංකාවෙ දොස්තරල ලංකාවේ ඉන්නෙත් නැ. සල්ලි දීල ඉගෙන ගන්න කෙනෙක්ට ඉගෙන ගෙන සේවය කරන්න දෙන්නෙත් නැ. වෙනත් උපාධි වගේ නෙවෙයි. වෛද්‍ය උපාදිය නිදහස් අධ්‍යාපනය යටතෙ දෙන්න පුලුවන් ඉතාම සීමිත පිරිසකට. ඒ කියන්නෙ ඒකට තේරෙන කෙනෙක් නිසා තව දක්ෂයෙක්ගෙ අවස්තාව අහිමි වෙලා තමා එයා දොස්තර කෙනෙක් වෙන්න. අනිත් උපාදි වල එහෙම නැ. රජයෙ උපාදිය ගන්න බැරිනම් පුද්ගලිකව් වි වි එකකින් හරි ගන්න පුලුවන්. රජයේ උපාදියට තෙරෙන කෙනා මගින් අනිත් කෙනාගෙ අවස්තාව අහිමි උනත් එයාට සම්පූර්ණයෙන්ම අහිමි වෙන්නෙ නැ. ඒ වගේම අනිත් උපාදිධාරීන් අතිරික්තයක් තියෙද්දි දොස්තරල හිඟයි. එහෙනම් අනිවාර්යෙන් දොස්තරල නීතියක් දන්න ඔනි නිදහස් අධ්‍යාපනයෙන් උපාදිය ගන්නවනම් අනිවාර්යෙන්ම ලංකාවෙ යම්කිසි අවුරුදු ගානක් සේවය කල යුතුයි සහ එසේ නොවී රටින් යනවනම් උපාදියෙ වටිනාකම රජයට ගෙවිය යුතුයි කියල .
තව පඩි කැපුවනං ඉතිරි ටිකත් යවන්න තිබ්බා
ඉංජිනේරු, ගණකාධිකාරි, හෙද, සමසෞඛ්‍ය ඇතුළු සංක්‍රමණයවූ අනිත් අයගෙ විස්තරත් දාන්නකො. එතකොට තේරෙයි ඕක වෛද්‍යවරුන්ගෙ ප්‍රශ්නයක් නෙවෙයි කියලා
රටේ ණය ගෙවන්න නේ ගියේ..
එයාලට ඕන ඕන විදිහට නටන්න තමයි වෛද්‍යවරයෙකු වීමේ සියලු බාහිර මාර්ග වසා දමන්නේ. මේ පඬරැල් ආණ්ඩුවත් ඒ එක්කම යනවා.
ඉතා කණගාටුයි තමන්ගේ ජිවන තත්වය උසස් කර ගැනීම හැමගේ බලාපොරොත්තුවයි. නමුත් නිදහස් අධ්‍යාපනයට පින්සිදු වෙන්න නොමිලේ මහජන බදු මුදලින් ඉහළම සුදුසුකම් ලබා විදේශ ගත වෙනවා.
දොස්තර ල ගේ වැටුප් මදි ගතියකුත් තියෙනවා.දැන් කාර් පර්මිට් නැතිව ලක්ස 2ක් පැදියක් කියන්නේ අඩු ගානක්. අඩුම ගානේ රෝහල් none profit organization එකක් විදියට හරි යනවා නම් ,සෞඛ්‍ය වියදම අඩු කරගෙන ,සෞඛ්‍ය සේවකයින්ට හොඳ වැටුපක් දෙන පුළුවන්. ලංකාවේ දොස්තරලා හදන්න ලොකු වියදමක් රටෙන් කරනවා. ඒ වියදමෙන් ප්‍රයෝජන ගන්නේ ඔස්ට්‍රේලියාව, කැනඩාව . අපි වියදම් කරනවා ,පස්සේ ඒ රටවල් ප්‍රයෝජන ගන්නවා.නිකන් හිතල බලන්න ඉපදුනු දවසේ ඉඳල injection එකේ ඉඳල නොමිලේ දීල,දොස්තර කෙනෙක් වෙන්න තියා , ඉස්කෝලේ යන්නවත් මුදල් නැති තත්වෙක ඉඳල දොස්තර කෙනෙක්, engineer කෙනෙක්, technical specialist කෙනෙක් හදල ඒ අය රටෙන් යනකොට වෙන පාඩුව. ලංකාවේ දොස්තර වෙලා අවුරුදු 10, specialist වෙලා අවුරුද් 6-7ක් වැඩ කරන්නේ නැතිව migrate කරනවා නම් යන රට වලින් ගානක් ඉල්ලගන්න නැතිනම් යන්න කලින් මේ ට්‍රිනින්ග් එක ගන්න ගියපු වියදම ගෙවල යන්න කියන්න. මේ නීතිය හැම වුර්තිය්කටම තියෙන්න ඕනේ. රටෙන් පිට ගිහින් වැඩ කරලා රටට සල්ලි එවන එක වෙනයි රට දාල ගිහින් ඒ යන රටවල සේවය කරන එක.
MBBS යනු වඩාත්ම මිල අධික උපාධිය වන අතර, එක් සිසුවෙකු සඳහා රුපියල් මිලියන 20 කට වඩා වැය වේ, එබැවින් ශිෂ්‍යයෙකු වෛද්‍ය විද්‍යාල රැකියාවට ඇතුළත් වන විට අවම වශයෙන් වසර 10 ක බැඳුම්කරයක් හෝ ඔවුන් සංක්‍රමණය වුවහොත් ආපසු ගෙවීමක් තිබිය යුතුය.
හරිහමන් වැටුපක්,පහසුකම් නොදී වහල්ලු වාගේ වැඩ ගන්නවා මදිවට තව නීති දාලා ඒ මිනිසුන්ට දෙන පීඩාව නිසා ඉතිරි වෙලා ඉන්න වෛද්‍යවරු ටිකත් රට හැරලා යයි.
රජයේ විශ්ව විද්‍යාල වලින් නොමිලේ උපාධි ගත්තනම් ඒ ගිය වියදම ජනතා බදු මුදල්. ඒ කියන්නේ ඒ උපාධිධාරීන් රටට ණයයි. ඒ ණය යම් බැඳුම්කරයක් යටතේ මෙරට හෝ පිටරට රැකියාවක් කර ආපසු ගෙවීමට ක්‍රමයක් ඕන. එතකොට ඒ මුදලින් තව වැඩි දෙනෙකුට අධ්‍යාපන අවස්ථා දෙන්න පුළුවන්.
ඇයි රට යන අනිත් අයට නිදහස් අධ්‍යාපනය නෙවෙයිද හම්බ වුනේ.
දොස්තරලා රට යන එක නෙවෙයි පුදුමෙ, ලංකාවෙ ඉතිරි වෙලා ඉන්න එක.
දොස්තරලා රට යන එක ගැන වෛරයෙන් කතා කරන්නේ අනිත් රට යන අය ිදහස් අධ්‍යාපනයෙන් අධ්‍යාපනය හදාරලා නිවිද රට යන්නේ මේ පුවතේ ඇති හෙඩ්ලයින් එක බැලුවහම වෛද්‍ය ඉංජිනේරු වගේ වෘත්තිකයන්ට ාධ්‍ය මගින් කරන අසාධාරණ විවේචන ය වලට හොඳ උදාහරණයක් මෙහි සඳහන් කරන්නේ ෛද්‍යවරුන් රට පැනලා කියලා අනිත් අය රට ගියාම ඒ අය රට විරුවෝ නොයෙකුත් කැනහිලිකම් මැද ්ද මේ රටේ තවමත් රැඳී සිටින වෘත්තකයන්ට අපි හිස නමා ආචාර කරන්ඩ ඕනෑ
කෙනෙකුට වෛද්‍යවරු විදේශයකට ගිහින් තම අනාගතය හොයන එකට එරෙහිව සිටින්න පුළුවන්ද? ඔවුන් වෛද්‍යවරයෙක් වෙන්න ගොඩාක් මහන්සි වෙනවා. පුදුමාකාර ලෙස කැපවෙලා ඉගෙන ගන්නවා. ඒත් ඔවුන්ට මෙරට ප්‍රමාණවත් වාසි, ආදායම් නොලැබුණොත්, ඔවුන්ට ඒවා උපයාගන්න පිටරටකට යාම නිවැරදියි. ඔවුන්ට මෙහිම රැඳී, දුක්කාර දවස් ගෙවන්න කියලා අපිට කියන්න පුළුවන්ද? මෙරට වෛද්‍යවරුන් ප්‍රමාණයෙන් නැතිනම්, ඒකට වගකිව යුත්තේ රජයයි. ඒ වගේම, ගොඩාක් දෙනෙක්ට නපුරු මනසක් තියෙනවා වෛද්‍යවරුන් ජීවිතය විඳිනකොට, ඒකට වෛරයෙන් බලනවා. ඒක අසාධාරණයයි...
මම වැඩ කරන්නේ ඕස්ට්‍රේලියාවේ මහාමාර්ග දෙපාර්තමේන්තුවක. මේ ළඟදී ඉන්ජිනේරුවෙක් බඳවා ගැනීමට අයැදුම්පත් කැඳවා තිබුණා. ඒ සඳහා අවුරුදු 10 - 15 පලපුරැද්ද ඇති ලංකාවෙන් පැමිණි ඉංඡිනේරුවන් 35 අයැදුම්පත් එවා තිබුණා. මේ අයගෙන් බොහෝ දෙනෙක් මාර්ග සංවර්ධන අධිකාරියේ වැඩ කළ අය. මේ රට හැරයාමේ අහිතකර විපාක දැනෙන්නේ තව අවුරුදු කිහිපයකින්....
කියුබාවේ, අපේ අල්ලපු රට වන ඉන්දියාවේ, පාකිස්ථානයේ තියෙනවා ඕවාට නිතී අපි බැන්නාට ඉන්දියාවේ නිතී පද්ධති අපිට වඩා හොඳයි.
ලංකාව වැනි දුප්පත් රටක මහජන බදු මුදලින් අධ්‍යාපනය ලබා, රටට කිසිම සේවයක් නොකර විදේශගත වීම ප්‍රශ්න සහගත දෙයක්. මෙවැනි අවස්ථාවක රජය කළ යුත්තේ, අන් රටවල් ලංකාව මුහුණ දී ඇති මේ තත්වය පිළිබඳව දැනුවත් කර, රටට අවශ්‍ය වෘත්තිකයින් විදේශගත වීම අවම කිරීමට පියවර ගැනීමයි.
වසර හැත්තෑ හතක් තක්කඩි දේශපාලුවන් මාරුවෙන් මාරුවට හොරා කාලා විකුණන් කාලා හා ගසා කාලා බංකොලොත් වුණුරටක උගතුන්, බුද්ධිමතුන් හා වෘත්තිකයින් රට හැර යාම පුදුමයට කරුණක් නොවෙයි. දැන් ඒ සියලුම අපරාධ නැවතිලා රට යහපත් දිශාවට ගමන් කරන බව දැනුනු පසු ඔවුන් තම උපන් රටට සේවය කරන්න එනු නොඅනුමානයි...
අත්දැකීම් තියෙන පළපුරුදු අයනේ බලයේ උන්නේ... තාරුණ්‍යයට හෙටක් , ලන්කාව දැනුමේ කේන්ද්‍රස්ථානය, ආසියාවේ ආශ්චර්යය, සෞභාග්‍යයේ දැක්ම රටට පෙන්වපු නිසා යන්න ඇති...
මේකට කමෙන්ට් දාලා තියන ගොඩක් අය OL/ALෆේල්... ඉතින් උන්ට අධ්‍යාපනය දෙන්න ගිය වියදම අයකර ගත්තා නම් මේ රට තව ටිකක් දියුණු කරන්න තිබුණා...
ලෝකෙ වෙන කොහෙවත් නිකන් මෙඩිකල් ඩිග්‍රි දෙන් නෑ. නිකං ඉගෙනගන්න කුහක මෙඩිකල් යන උන් අනිත් ලමුන්ට මුදල් ගෙවල ඩිග්‍රිය ගන්න දෙන්නෙත් නෑ. මුං නිකං ගේම ගහල ලොකු ෂෝ දාල කුජීතයො විදියට මාරුවෙනව. එතකොට රටෙ අද්යාපනය ගැන හෝ නිකං ඉගෙනගන්න සල්ලි දුන්න ජනතාව ගැන කැක්කුන් නෑ.