
(බී. ජානක)
නැෂනල් වර්කස් ඉන්ස්ටිටියුට් ආයතනය සතු දෙමහල් ගොඩනැගිල්ල සහිත ඉඩමක් සම්බන්දයෙන් ව්‍යාජ ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ 36 බදු දී වංචා කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සහ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් යන අයගෙන් ප්‍රකාශ සටහන් කර උද්ධෘත ගොනු කරන ලෙසට ගල්කිස්ස මහේස්ත්‍රාත් ඒ.ඩී. චතුරිකා ද සිල්වා මහත්මිය අද (25) කොළඹ වංචා විමර්ශන කාර්යාංශයට නියෝග කළාය.
විමර්ශනයේ දී අනාවරණය කරගත් ලේඛන වන ගොඩනැගිල්ලේ සහතික කරන ලද ඔප්පුවේ පිටපතක්, 2017 වර්ෂයේ සැප්තැම්බර් මස 3 වන දින නැෂනල් වර්කස් කොංග්‍රස් වෘත්තීය සමිතියේ සභාපති ලෙසට වසන්න සමරසිංහ මහතාට බලය පැවරූ මහ සභා රැස්වීම් වාර්තා, අංක 166 සහා 206,207 දරණ බදු ඔප්පුවල සහතික කරන ලද පිටපත් මෙන්ම ප්‍රශ්නගත දේපළෙහි භාරකාරත්වය සම්බන්ධයෙන් කඩුවෙල දිසා අධිකරණයේ, ගල්කිස්ස දිසා අධිකරණයේ සහා සිවිල් අභියාචනාධිකරණයේ පැවති නඩු කටයුතුවලට අදාළ සම්පූර්ණ නඩු වාර්තාවල පිටපත් වැඩිදුර වාර්තාවක් මඟින් කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අද දින අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා විසින් ද සහතික කරන ලද අමතර ලේඛන 35 ක් අද දින අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු චෝදනා දාලා, බොරු සාක්කි හදලා තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන්ට හොරු කියලා කියපු පැලවත්තේ කම්බා හොරු සෙට් එකට රෙදි නැතුව හිරේ යන්න වෙන ලකුණු පහළ වෙමින් පවතියි. තාම හෙලි වුනේ බොහෝම ටිකයි. තව ගොඩාක් තියෙනවා...
දූෂිත පව්ල් පාලන ආණ්ඩුවේ පට්ට හොරු.. වටේ හිටපු මැති ඇමැතිවරු පෝලිමේ හිරේට යනකොට, පොහොට්ටුවේ අයට දරාගෙන ඉන්න බැරුවා. උනුත් මොන මොනවා හරි යටි උගුල් ගේම් ගහනවා වෙන්ඩැති. ඔවුන් කොහොමටත් මාර ගේම් කාරයෝ...?
කොයි කාටත් ඉඩදීම ප්‍රජාතන්ත්‍රවාදයයි.
දූෂණ, වංචා පමණක් නොව වනසතුන් මැරීම, වන හානි (පරිසරයට ජලය, ගස් කැපීම සහ වෙනත්) කරන්නා වූ සිදුකරන්නා වූ පුද්ගලයින්ටද දැඩි දඬුවම් ලබාදිය යුතුවේ...
හපුච්චේ බොහෝම වේගෙන් ජඩ වැඩ එළියට එනවා නේද? ඔය අයගෙන් එක්කෙනෙක් ගුරු වෘත්තිය වසර ගානක් පින් පඩි ගත්තේ... එක අකුරක් උගන්නලා නැහැ. කොන්ඩේ ඇති කෙනා ගැනත් මුලුරටම කතා වෙනවා.. විපක්ෂය තුළ ඉන්නකම් මොනවා කළත් රෙද්ද උස්සාගෙන බැහැපු මිනිහා අද කෝ? ආපු වේගෙන්ම මාලිමාව බැහැගෙනත් යනවා...
මෛත්‍රී කියන්නේ කවදාවත් දිනන්න නඩු දැම්ම මිනිහෙක් නොවෙයි, බොරු චෝදනා දාලා මේ ආණ්ඩුව බය කරන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක හීනයක් විතරයි...
ඉස්සර වෙලා රිමාන්ඩ් භාරයට පත්කරලා පරීක්ෂණ කරන්නේ නැත්ද? අර වෛද්‍යවරිය ට වගේ. පරීක්ෂණ වලට සාක්කි කරුවන්ට බලපෑමක් නැත්ද අපේ මැති ඇමැතිවරුන් අතින්...?
අපේ එකාගෙයි, අලස්ගෙයි වැඩකිඩත් එළියට ඇවිත්. හෝදන්න අමාරු වෙන තරමට අපේ ඩෝබිලාට වැඩිපුර ගෙවන්නත් වෙනවා. උනුත් ඉන්නේ භූමිතෙල් වැදිච්චි ගැරඬි වගේ. අනේ මන්දා...!
මෙය පුද්ගල මූලික නඩුවක් නොවන බව රෙදි කරට අරං නටන ඩෝබිලාට නොතේරේ.
යෝග ලොන්ඩරියේ ඩෝබිලාට බෝනස් හම්බවෙලා....
ප්‍රකාෂයක් ඉල්ලලා විතරයි ඩෝබියනේ. මුංදැලා චූන් වෙච්චි තරමක්!
යෝගා,සරත් කියන වහලුන්ට මතක නැහැ... මහාපරිමාණ හොරකම්, වන්චා දූෂණ කරලා රටම විනාශ කරපු දූෂිතයින්ව පන්නපු හැටි...