(බන්දු තඹවිට සහ මහිපාල ජයලත්)
ආන්දෝලනයකට තුඩු දුන් එකලස් කරන ලද ලෑන්ඩ් කෲෂර් වර්ගයේ ජීප් රථයක් විකිණීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මන්ත්‍රි දියණියක වූ රොෂෙල් මෙලනී අබේගුණවර්ධන රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ. අයි .හෙට්ටිවත්ත මහත්මිය නියම කළාය.
දින ගණනක් අධිකරණය මඟහරිමින් සිටි සැකකකාරිය පානදුර වලාන දූෂණ මර්දන ඒකකයට ඊයේ (30) භාරවීමෙන් පසු ප්‍රකාශ සටහන් කර ගෙන අද දින අධිකරණයට ඉදිරිපත් කළේය.
මෙම ජීප් රථය සම්බන්ධයෙන් සැකකාරියගේ සැමියා වන ධනුෂ්ක ප්‍රියදර්ශන හෙට දින දක්වා රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබ සිටියි.
එම සැක ජිප් රිය මිලදි ගත් මන්ත්‍රී ජගත්විතානගේ පුතා වන රසික විතානව රුපියල් ලක්ෂ දහය බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැර සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොල්ගෙඩි දෙකක් හොරකම් කෙරුවා නම් ඇප ලැබෙන එකක් නැහැ.
රත්තරන් දුවේ අපේ රත්තරන් දුවේ…..
මගේ ස්වාමිපුරුෂයා කිව්ව හින්දා මම කොළවලට අත්සන්කලා. රාජ්‍යබදු ගෙවීම් පැහැර අරින්න කියලා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව.