
(ෂේන් සෙනෙවිරත්න)
මහනුවර පේරාදෙණිය පාරේ රූපලාවන්‍යාගාරයක් තුළ සිහි විසඥ වී වැටීසිටි තරුණියන් හත් දෙනකු රෝහල් ගත කළ බව මහනුවර මූලස්ථාන පොලිසිය කියයි.
එම රූපාලාවන්‍යාගාරය ඇතුළු අවට ප්‍රදේශවලට අද පෙරවරුවේ සිට පැය ගණනාවක විදුලි කප්පාදුවක් සිදුව තිබූ බැවින් එම රූපලාවණ්‍යාගාරය තුළ තිබූ කිලෝ වොට් 15ක විදුලි උත්පාදක යන්ත්‍රයක් භාවිත කරමින් වායු සමීකරණ යන්ත්‍ර ද ක්‍රියාත්මක වෙමින් තිබියදී එම වායු සමීකරණ යන්ත්‍ර තුළින් විෂ වායුවක් ඇතුළු වී එම තරුණියන් සිහි විසඥ වී ඇති බවට කරුණු අනාවරණය වී තිබේ.
ගොඩනැගිල්ලක පහත මාලයේ නිසි පරිදි වායු සංසරණයක් සිදු නොවන ස්ථානයක තරුණියන්ගේ සම සුදු කිරීමේ රූපලාවන්‍යාගාරයක් තුළ මෙම අනතුර සිදුව තිබේ.
රූපලාවන්‍යාගාරය පිටත තරුණියක වැටී සිටින අහම්බෙන් දුටු පුද්ගලයකු මේ පිළිබඳව පොලිසිය දැනුවත් කිරීමෙන් පසු මෙම තරුණියන් වහාම රෝහල් ගත කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.
එසේ සිහි නොමැතිව වැටී සිටි තරුණියන් පස් දෙෙකු මහනුවර ජාතික රෝහලට ද තවත් දෙදෙකු පෞද්ගලික රෝහලකටද ඇතුළත් කොට තිබේ.
ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වයේ සාමාන්‍ය අතට හැරෙමින් පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අති බහුතරයක් රූපලාවන්‍යාගාරය පවත්වාගෙන යන්නේ නිසි ප්‍රමිතියෙන් තොරවය රූපලාවන්‍යාගාර හෝ වෙනත් මෙවැනි කටයුතු කරනාවූ ආයතන හෝ පුද්ගලයන් සදහා හම සුදුකිරීමට නීතියෙන් අවසර ලබාදී තිබේද ? පුහුණුවක් තිබේද ? රූපලාවන්‍යාගාර හෝ වෙනත් මෙවැනි කටයුතු කරනාවූ ආයතන පවත්වාගෙන යාමට නීති ලංකවේ තිබේද ? නිසි ක්‍රමවේදයකින් තොරව, නීති රාමුවක් නොමැතිව, නීතියක් නොමැති නම් ප්‍රමිතියක් නොමැත. රටේ ආර්ථිකය ගොඩනැගීමට A startup company ( business ) වියාපාර පවත්වාගෙන යාමට රජය, දේශපාලකයන් ආර්ථික විශාරදයන් ඇතුළු විශාල පිරිසක් පුරවැසියන් උනන්දු කරවීමේදී මෙවැනි කටයුතු සිදුවීම වැලැක්විය නොහැක. ඕනෑම පුද්ගලයකුට ඕනෑම තැනක මෙවැනි ආයතන පවත්වාගෙන යාමට අවසර ලබානොදිය යුතුවේ. මේ පිලිබදව රටේ පුරවැසියන් දැනුවත් කිරීම පමණක් නොව රූපලාවන්‍යාගාර හෝ වෙනත් මෙවැනි කටයුතු කරනාවූ ආයතන සදහා License තිබිය යුතුවේ.රජයේ ලියාපදිංචි විය යුතුය, Tax # තිබිය යුතුවේ. මේ සියල්ල ඇතත් හිමිකරුට සහ සියලු සේවකයනට රූපලාවන්‍යාගාරවල සේවය කරන්නේ කෙසේද සහ ඒ පිළිබද වුර්තිමය පුහුණුවක් තිබිය යුතුවේ.
කොහෙද මේ ?