IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ශෂීන්ද්‍ර 19 තෙක් රිමාන්ඩ් බාරයට

(රෝෂන් තුෂාර)

මහවැලි අධිකාරියට අයත් රජයේ දේපළකට අරගල සමයේදී කළ අලාභයකට වන්දි මුදල් ලබා ගනිමින් රාජ්‍ය දේපළ සාපරාදී සාවද්‍ය පරිහරණය කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මෙම 19 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියෝග කළාය.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු දේපොළක් බවට හඳුනාගෙන අදාළ වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබිය දී ඊට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ සමහර රජයේ නිලධාරීන්ට තම නිල බලය භාවිත කරමින් බලපෑම් කිරීම ඇතුළු චෝදනාව යටතේ මෙම විමර්ශනය ආරම්භ කර ඇත.

1999 අංක 28 දරණ පනතින් සංශෝධිත 1982 අංක 12 දරන පොදු දේපොළ විෂයෙහි සිදුකරනු ලබන වැරදි පිළිබඳ 5(1) වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (15)

ශෂීන්ද්‍ර 19 තෙක් රිමාන්ඩ් බාරයට

Shamaal Wednesday, 06 August 2025 04:15 PM

මෙහෙම ගොන් වැඩක් කරපු හොරෙක් දැක්කාමයි

:       0       15

saman Thursday, 07 August 2025 04:38 PM

නාමල් රාජපක්ෂ කියන්නේ දක්ෂ නීතිවේදියකු නම් ඔහුගේ ඥාති සහෝදරයාගේ නීතිවේදියා වසයෙන් පෙනී නොසිටීම තුල පැහැදිලි වන්නේ කුමක්ද ?

:       0       2

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Wednesday, 06 August 2025 04:49 PM

කොහොමද අහිංසක ජනතාවගේ බදුමුදල් හොරාකෑමේ රඟේ. අපේ පළපුරුදු තුමාට පුංචි ජන්දේ තියන්න සල්ලි නැතිවුණාට හොරකන්නන්ට සුටුස් ගාලා ගෙවන්න සල්ලි ඕසේට තිබිලානේ

:       0       14

Shantha - Qatar Wednesday, 06 August 2025 05:13 PM

දුන් කතිරයට සාධාරණයක් ලැබෙමින් ඇත . මොන තරම් දූෂිත ආණ්ඩුවක්ද? ලංකාවට මේ රාජපක්ෂ පවුල ශාපයක්.

:       0       14

Siri Wednesday, 06 August 2025 05:16 PM

වලව්වෙන් බත් ගෙන්වාගන්න ඉල්ලලා නැද්ද ?

:       0       10

අරවින්ද මොණරවිල Wednesday, 06 August 2025 06:06 PM

ඒ දවස්වල මුන්ගේ තිබුණ රැස්පොට් දැන් බැහැලා, දැන් ඉන්නවා ඇටි කෙහෙල් කෑව උගුඩුවා වගේ ...

:       0       16

Asanga Wednesday, 06 August 2025 09:00 PM

තවත් ජන්ද ප්‍රතිඵලයක් ජයවේවා

:       0       12

රනේ Wednesday, 06 August 2025 09:05 PM

දුමින්දගෙන් උපදෙස් ගන්නවද??

:       0       12

විශ්ව ශක්ති Wednesday, 06 August 2025 11:54 PM

මේවා දේව ශාප. කතරගම දේවාලෙන් හොරාකාපුවා වමාරපන් දැන්.

:       0       12

Perera Thursday, 07 August 2025 05:49 AM

හොරාකාපුවා වමාරන්න කාලේ ඇවිල්ලා

:       0       12

සෑම් Thursday, 07 August 2025 06:39 AM

කඩයක්වත් බලාගන්න සුදුසුකමක් නැති නුගත්තින්ට රටේ පාලනය බාරදීලා මීට වඩා මොනවා බලාපොරොත්තු වෙන්නද?

:       7       5

ලුම්බිණි Thursday, 07 August 2025 06:52 AM

කරන කලට පව් මීරිය මීසේ.

:       0       11

Bunny Preena Thursday, 07 August 2025 10:27 AM

මට හිතා ගන්න බැ වැරදි දෙයක් කලොත් හිරගෙට යන්ඩ වෙනවායි කියලා දෙන සමහර අය වැරදි කරන්නේ ඇයි කියලා

:       0       10

fairoos Thursday, 07 August 2025 01:36 PM

පව් නේද?

:       7       4

ගමේ එකාලා Thursday, 07 August 2025 03:26 PM

පින්කැට හොරා කෑවට දෙයියෝ බැලුවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 550 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1076 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site